2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ පසු විශේෂයෙන් උතුරේ සහ නැගෙණහිර පලාතේ විවිද ස්ථානයන්වලදී සාමාකමී විරෝධතා, උපවාසයන් පැවැතිවිණි. අතුරුදහන් කිරීම්වලට විරුද්ධව, යුද්ධය අවසන් සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ට බාර වූ පිරිස් පිළිබද තොරතුරු ඉල්ලා සිදුකරන විරෝධතා, හමුදා ග්‍රහණයේ ඇති මිනිසුන්ගේ සාම්ප්‍රදායික ඉඩම් නිදහස් කර ගැනීමේ අරගල ආදී විවිධ සාමකාමී උත්සහයන් ආරම්භ වූ අතර අතුරුදහන් කිරීම්, ඉඩම් නිදහස් කර ගැනීම් වැනි සාමකාමී උත්සහයන් අද දක්වා නොනවත්වා පැවැත්වෙයි. මේ විරෝධතාවලින් කිසිදු මහජන පීඩාවක් හෝ පොදු දේපලවට කිසිදු හානියක් නොවන අතර, තත්ත්වය එසේ තිබියදී කේප්පාපිලව් වැනි ස්ත්‍රීන් මූලික ව සිදුකරන ඉඩම් නිදහස් කර ගැනීමේ උපාවසයන්ට නිරන්තරයෙන් පොලීසියෙන් බාධා එල්ල වන බව නිරීක්ෂණය කළ හැකිය.

දින 700ක් අඛණ්ඩ විරෝධතාවයක නිරත කේප්පාපිලව් මිනිසුන් සිය විරෝධතාවයේ ස්ථානය වෙනස් කරමින් සාමකාමී විරෝධය ආරම්භ කළ මොහොතේ සිටම පසුගිය පෙබරවාරි 6වනදා දක්වා එම විරෝධතාවය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය උත්සහ ගත්තේය. නමුත් අධිකරණය එම විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පොලීසියේ ඉල්ලීම් ඉවත් කරන ලද අතර, එයින් අධිකරණය පිළිබද එම ජනතාවගෙ විශ්වාසය ද යළිත් තහවරු කරමින්ය.

ඒ පිළිබද සම්පූර්ණ වාර්තාවක් ‘විකල්ප’ වෙබ් අඩවිය පළ කර ඇති අතර ඒ සදහා මෙයට පිවිසෙන්න

හමුදා ඡායාරූප

මේ පසුගිය 26 සහ 27 දෙදින තුළ, හමුදාව විසින් කැමරාවෙන් බිය ගැනීවීමට කල එක් උත්සහයකි. (YOU TUBE here)

අධිකරණ නියෝගත්, සිවිල් ඔත්තුකරුවන් යොදා විරෝධතා විසුරුවා හැරීමට(ඇතැම් ස්ථානයන් හී දී ස්ත්‍රීන් පීඩාවට ද ලක්කරමින්) පසුගිය කාලය පුරා ගන්නා ලද උත්සහයන් ව්‍යර්ත වූ අතර, දිගින් දිගටම නිරීක්ෂණය වූයේ, හමුදාව විසින් එම සාමකාමී විරෝධතාකරුවන්ව විඩීයෝ සහ ඡායාරූප ගත කිරීමයි. මෙය 2015 සිටම විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර සිදුකළ බහුතරයක් විරෝධතාවයන් සදහා හමුදාව විසින් භාවිතා කළ නවතම බිය වැද්දීමේ උපක්‍රමයයි.

එය පසුගිය 26වනදායින් පසු වෙනත් වටයකින් ඇරඹුණු කේප්පාපිලව් ඉඩම් අරගලයේත් දැක ගත හැකි විය. විරෝධතාකරුවන් මෙන්ම, ඔවුන් පිළිබද වාර්තා කිරීමට පැමිණෙන ජනමාධ්‍යවේදීන්ද, සිවිල් ක්‍රියාකාරින්ද විඩියෝගත කිරීම් සහ ඡායාරූප ගත කරන්නේ පොලීසිය බලා සිටියදීමය.

මෙය අනෙක් පසින් විරෝධතාකරුවන් සහ අනෙක් පාර්ශවය අතර කිසියම් ගැටුමකට ආරාධනා කිරීමක් වැනිය. නමුත් ඉතාමත් ධෛර්යවන්ත මෙන්ම බුද්ධිමත්ව හැසිරෙන විරෝධතාකරුවන් එවැනි ආරාධිත ගැටුමකට කිසිම විටක නොගොස් සිටින්නේ තමන්ගේ එකම බලාපාරොත්තුව තම සාම්ප්‍රදායික ඉඩම් නිදහස් කර ගැනීම එකම අභිලාශය නිසාය.

‘එයාලා හදන්නෙ පොටෝ අරගන අපිව බයකරන්න, අපිට අය මොනවද වෙන්න තියෙන්නේ. උන දේවල් හොදටම ඇති. අපි ඔය පොටෝවලට බය නෑ. අනිත් එක අපි නීති විරෝධි වැඩක් කරන්නේ නෑ. එයාලා තමයි ඔය වැඩ කරන්නේ. පොටෝ අරගන්න එකත් නීති විරෝධියි.’ ඒ ධෛර්යවන්ත ස්ත්‍රින්ගේ මුවගින් පිට වූ වචනය.

ආරක්ෂක අංශ මෙසේ ඡායාරූප සහ විඩියෝ ගත කිරීම් සිදු කරන්නේ ඔවුන් කවුද කියායැයි දැන ගැනීමට නොව එම ජනයා බිය ගැන්වීමට බව, පසුගිය කාලය පුරා උතුරේ සිදුවුනු සාමකාමී අරගල සියැසින් දැක ඇති ලියුම්කරුගේ නිරීක්ෂණයයි. එය තුවක්කුවෙන් කළ නොහැකි දේ කැමරාවෙන් කිරිමට ගන්නා ලද ලැජ්ජා සහගත වෑයමක් ලෙස යමෙක් කිවහොත් එය වැරදි නැත.

රාජපක්ෂ පාලනයේ අදුරු සෙවනැලි යහපාලනයේත්


(මේ ඒ සදහා එක් උදාහරණයක් පමණි)

කෙසේ වෙතත් සිය සාම්ප්‍රදායික ඉඩම් අල්ලා සිදුකරන සාමකාමී අරගල, අතුරුදහන්කළ සිය සමීපතමයින්ගේ තොරතුරු ඉල්ලා සිදුකරන උපවාස වීඩියෝ කිරීම, ඡායාරූප ගත කිරීම පසුගිය කාලය පුරාම යුද හමුදාව, ගුවන් හමුදාව සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ සිවිල් ඔත්තුකරුවන් ඇතුලු පිරිස්ගේ දෛනික කාර්යක් වී තිබුණි. 26වනදා කේප්පාපිලව් හි දීත් යුද හමුදාව එම කාර්ය රහසිගතව සිදුකළත් එය රහසක්ව පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය. විරෝධතාකරුවන් සහ එම ස්ථානයට පැමිණෙ සියලු දෙනා සිය කැමරාවල සටහන් කර ගැනීමට ඔවුන් වෙහෙසක් ගත් අතර එයට පොලීසියේ නොමද සහය හිමි වී තිබුණේ රාජපක්ෂ පාලන සමයේ, සාමකාමී විරොධතාවයන්ට සිදුකල බලපෑම් යළි යළිත් සිහිගන්වමිනි. රාජපක්ෂ සමයේත් සියලු විරෝධතා සිවිල් ඇදුමින් සැරසුනු ඔත්තු කරුවන් මෙන්ම, පොලීස් නිළධාරීන්ද එලිපිටම සාමකාමී විරෝධතාකරුවන්ව ඡායාරූප ගතකලේ ‘අපරාධකරුවන්’ යයි සලකමින්ය.

ඒ සදහා රාජපක්ෂ ආණ්ඩුවේ නොමද සහය ලැබුනු බව ලියුම්කරු අත්දැකීමේන් ලියා තබන්නේ, ඒ විරෝධතා පොලීසිය විසින් සහ ඔත්තු කරුවන් විසින් ඡායාරූප ගත කරන අවස්ථාවන් වල දී ලියුම්කරු සාක්ෂි බැවින්ය. රාජපක්ෂ සමයේත් එවැනි දේ සිදු කළේ, එක්පසකින් විරෝධතාකරුවන් බිය වැද්දීමට සහ අනෙක් පසින් පසුව ඔවුන් හදුනා ගැනිමට බව කවුරුත් දන්නා රහසකි.

දැන් යහපාලනයේත් එවැනි ආකාරයේ හැසිරීම් දක්නට ලැබෙන බව සරදමක් නොවන්නේ ජනාධිපති සිරිසේනගේ පසුගිය කාලයේ මෙන්ම වර්මානයේ සිදුකරන කතා සහ ක්‍රියාවන් දැකීමෙනි.

නමුත් තුවක්කුවෙන් සිදලිය නොහැකි වූ උතුරේ මිනිසුන්ගේ ධෛර්ය කැමරාව මානාගෙන සිදලිය නොහැකි බව කේප්පාපිලව් සාමකාමී අරගලයෙන් මේ වන විටද සනාථ වෙමින් තිබේ.