තමා සහ තම දරුවන්ගේ ජිවිත අනාරක්ෂිත සහ තර්ජනාත්මක අවස්ථාවක් වෙත පත්කරමින්, ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය විසින්, තමන් වෙත හිංසා කරන බව ප්‍රකාශ කරමින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයෙක්ගේ, බිරිඳ වන, මන්නාරමේ අන්තරාජා එඩ්නා ඩයස් විසින්, පසුගිය පෙබරවාරි 13 වන දින, මන්නාරම්, මානව අයිතිවාසිකම් කොමිසම වෙත පැමිණිලි කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන, 2008 සිට, ඩයස් ගේ, සැමියා අතුරුදහන් කර තිබේ. සැමියා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වෙනුවෙන් නීතිමය පරීක්ෂණ, මන්නාරම උසාවියේ විභාග වෙමින් පවතින මේ අවස්ථාවේ දී ද, ඇයට විවිධ තර්ජනයන්,
විවිධ කණ්ඩායම් විසින් සිදු කර තිබේ.

ආසන්නතම සිදුවීම නම්, පසුගිය පෙබරවාරි 08 වැනිදා, අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තු නිලධාරින් බව පවසමින්, පිරිමි පුද්ගලයන් නව දෙනෙකු, රාත්‍රී 10.45 ට පමණ, ඇයගේ නිවසට ඇතුල්වීමට උත්සහා දරා තිබේ. දරුවන් සහ ස්ත්‍රියක ලෙස තනිව සිටින ඇය, මුලදී, නිවසේ දොර විවෘත කිරීම ප්‍රතික්ෂේප කල අතර, පසුව එම පිරිමි පුද්ගලයන් විසින් දොර බලහත්කාරයෙන් කඩා විවර කරනු ඇතැයි බිය වී, ඇය නිවසේ දොර විවෘත කරන ලදී.

මෙසේ බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයන්, සඟවා තිබෙන අවි ආයුධ සොයා පැමිණි බව ප්‍රකාශ කරන ලදී. කෙසේ නමුත් ඩයස් විසින් අසල්වැසියන්ව, මෙම බලහත්කාර පිරිමින්ගේ, පදනම් විරහිත ක්‍රියාවන් පිලිබඳ දැනුම් දීමට කටයුතු කර තිබුණි.

ඒ සමඟ ක්‍රියාත්මක වූ, එම අසල්වැසියන්, ඇයගේ නිවස වෙත පැමිණි අතර, එහිදී එම බලහත්කාර පුද්ගලයන් විසින්, තමන් ඩයස්ගේ නිවසේ, මත්ද්‍රව්‍ය පිලිබඳ පරික්ෂා කිරීමට පැමිණි බවට නැවත පදනම් විරහිත ව ප්‍රකාශ කරන ලදී. අසල්වැසියන් විසින් ඒ බව පොලිසිය වෙත දැනුම් දුන් පසු, මෙම බලහත්කාර පුද්ගලයන් නිවසින් පිටව ගොස් තිබුණි.

ඩයස් විසින් මෙම සිදුවීම, මන්නාරම මානව අයිතිවාසිකම් කොමිසම වෙත දැනුම් දුනි. මෙසේ බලහත්කරනයෙන් ඇතුල් වීමට අමතරව, තම ගෙවී ගිය වර්ෂයන් තුල දී, තම නිවසේ, ජනෙල් විදුරු කඩා බිඳ දමමින්, ගල් ප්‍රහාර එල්ලකිරීම්, සැකකටයුතු පුද්ගලයන් අනියමිත වේලාවන් හිදී නිවස වෙත පැමිණීම සිදු වූ බවට ඇය තවදුරටත්, කොමිසම වෙත ප්‍රකාශ කළාය. මෙහිදී, තම සැමියා බලතකාරයෙන් අතුරුදහන්කර තිබෙන පසුබිමක, ඇයගේ සහ දරුවන්ගේ ජිවිත වෙත තර්ජනයක් පවතින බවට භීතිය ඇය තුල වන බව ද පෙන්වා දුනි.(BY TamilGuardian)

(මේ සිදුවීම පිළිබද අන්තරාජා එඩ්නා ඩයස් විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝ පටයක්’විකල්ප’ වෙතින් ඉක්මනින් බලාපොරොත්තුවන්න)