Ampara, සිංහල, Democracy, Governance, Human Rights, Human Security

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’ යැයි පවසමින්, ආචාර්ය මර්වින්ට එරෙහිව උහණ දී තවත් උද්ඝෝෂණයක්.

‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’, ‛‛ගොන් මර්වින් හමුවේ ඇමති බැසිල් නිහඬ ඇයි.?’’ යනුවෙන් විරෝධතා පුවරු රැගෙන අම්පාර, උහණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නි. ඇමති මර්වින් සිල්වාට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුනු අතර 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වී සිටිය අතර එහිදී උද්ඝෝෂණ කරුවන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පඹයෙක් පිළිස්සූ බවත් වාර්තා විය.

ලැජ්ජා නැති පාලනේ
භැරිකම දැන් පෙන්නනවා
ගස් බඳින්න යළි ආවොත්
ආණ්ඩුවත් පනන්නවා…
යනුවෙන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය සිදුකල අතර මෙය සංවිධානය කර තිබුණේ සමෘද්ධි සංවර්ධන නිළධාරින්ගේ සංගමයයි.

ඡායාරූප – තුෂාර පියල් – අම්පාර