සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Moneragala

ආදිවාසීන්ගේ සොහොන් බිමත් විකුණයි..

බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය.

රතුගල වැදි නායක දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නිලා ඇත්තෝ මෙම විරෝධතාවයට එක්වෙමින් කියා සිටියේ ‛‛1980 දී තම මී මුත්තා වන හඳුනා ඇත්තෝ ද මෙම සුසාන භූමියේ වල දැමූ බවත්, තම පියා වන රන්දුනු වන්නිලෑ ඇත්තෝ ද මෙහි වළදැමූ බවත් ය.’’ ඔහු තව දුරටත් පවසා සිටියේ ‛‛එදා වෙල්ලස්ස වසමේ රාජකාරි කළ ගම්මුලා දෑනියා සන්නසකින් මෙම සුසාන භූමිය සමග ඉඩම් අක්කර 200ක් අපට පවරා දුන් බවයි’’

දැන් මෙම ඉඩම් කොටස්කර විවිධ පුද්ගලයින්ට විකුණා ඇති බවත්, එසේ ඉඩම් මිළට ගත් විශ්‍රාමික බැංකු නිළධාරියෙකු මේ වන විට එහි සංචාරක හෝටලයක් ඉදි කිරීමට සැළසුම් කර ඇතැයි ඔහු පැවසී ය. 1985 දී මෙම ඉඩම් ගනුදෙනුව සිදුවී ඇති බවත් එවකට පැවති ආණ්ඩුව සමයේ මොණරාගල හිටපු දිසාපතිවරයෙකු මෙයට සම්බන්ධ බවද වැදි නායකයා හෙළි කළේය.

මේ විරෝධතා ව්‍යාපාරයට එක් වූ ආදිවාසීන් කියා සිටියේ ‛‛අපේ මී මුත්තන් වළ දැමූ මේ සොහොන් බිම තම වරිගයාට නිදහස් කර දෙන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.’’

සටහන – මීගොඩ හේමපාල

Pic by – www.bbc.com