iMage: Vikalpa File

ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ ප්‍රගමනය සඳහා ජාතික සංවාදයක් ආරම්භ කළ යුතුයැයි අද ඉල්ලා සිටියේය.

තම දේශපාලන ජීවිතයේ තීරණාත්මක මංසන්ධියක සිටින ශ්‍රී ලංකාව සියලුම ප්‍රජාවන්ගේ සහ විවිධ ජන කොටස් වලට අයත් පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම්වලට දැඩිව බලපාන ගැඹුරු ආර්ථික අර්බුදයක් තුළ සිටින බව වාර්තාව පිළිගනී. මෙම තත්වය ගැඹුරු ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් විසින් පුළුල් ඉල්ලීම් කිරීමට පොළඹවා ඇති අතර රට නව මාවතකට යොමු කිරීමට ආණ්ඩුවට අලුත් අවස්ථාවක් ද ලබා දේ.

කෙසේ වුවත් තිරසාර වර්ධනයක් සිදුවීමට නම් අතීත සහ වර්තමාන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ආර්ථික අපරාධ සහ පැළපදියම් වූ දූෂණය සඳහා කිඳා බැස ඇති මුක්තිය ඇතුළත් ආර්ථික අර්බූදයට පදනම්වන සාධක පිළිගැනීමත් ඒවා ආමන්ත්‍රණය කිරීමත් අතිශයෙන් වැදගත් ය.

‘‘වර්තමාන අභියෝග ආමන්ත්‍රණය කිරීමට සහ අතීතයේ සිදු වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට මූලික වෙනස්වීම් සිදු විය යුතුයැයි’’
මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වේ.

දරදඬු ආරක්ෂක නීති මත විශ්වාසය තැබීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම නවතා හමුදාකරණයට යොමුවීම ආපසු හරවා ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ සහ මුක්තිය අවසන් කිරීමට නැවතත් කැප වී ඒවා ක්‍රියාත්මක කරන මෙන් එම වාර්තාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක හමුදා මෑතක දී බහුජන විරෝධතා කෙරේ සැලකිය යුතු සංයමයක් දැක් වුවද එතැන් සිට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමහර ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් සහ සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩකාරීව මර්දනය කිරීමෙන් වඩාත් දැඩි ක්‍රියා මාර්ගයක් ගෙන ඇත. රටේ උතුර සහ නැගෙනහිර පළාත්වල දැඩි ලෙස හමුදාකරණය වූ පරිසරයක් සහ සෝදිසි කිරීමේ සංස්කෘතියක් දිගටම පවත්වා ගනී.

සත්‍යය සෙවීමේ විශ්වසනීය යාන්ත්‍රණයක් සහ තත් කාර්ය සඳහා වූ විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාලව පියවර ගැනීම ඇතුළත්ව දැනටමත් දී ඇති පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කාල සීමා සහිත සැලැස්මක් සමග සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම පිළිබඳ සවිස්තරාත්මක සහ වින්දිතයන් කේන්ද්‍රීය උපාය මාර්ගයක් නැවත දියත් කරන මෙන් වාර්තාව නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

සියලුම වගවීමේ සහ සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ සැලසුම් කිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේ දී වින්දිතයන්ට කේන්ද්‍රීය භූමිකාවක් ලබ දිය යුතුය.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සත්‍යය හෙළි කර ගැනීමේ ප්‍රගතියක් නොමැතිවීම ගැන කණස්සල්ල ප්‍රකාශ කරන වාර්තාව විමර්ශනය තව දුරටත් පවත්වා ගෙන යෑමට අන්තර්ජාතික සහාය සමග වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන් පූර්ණ වශයෙන් සහභාගි වන පසුවිපරම් කිරීමේ ස්වාධීන සහ පාරද්‍රශ්‍ය විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටී.

‘‘පෙර පැවති ආණ්ඩු සියල්ල ඇතුළත්ව ශ්‍රී ලංකා රජය බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය සහ අපහරණයට වගවිය යුතු පුද්ගලයන් හඳුනා ගැනීමට සාර්ථක
සංක්‍රාන්තික යුක්ති ක්‍රියා මාර්ග අනුගමනය කිරීමටත් සත්‍යයට, යුක්තියට සහ හානිපූරණයට වින්දිතයන්ට ඇති අයිතිවාසිකම් තහවුරු කිරීමට දිගින් දිගටම අපොහොසත් වූ බව’’ වාර්තාව සඳහන් කරයි.

‘‘ඒ වෙනුවට ඔවුන් වගවීමට දේශපාලන බාධක නිර්මාණය කොට යුද අපරාධ සම්බන්ධයෙන් විශ්වාස කටයුතු ආකාරයෙන් සම්බන්ධයැයි කිවහැකි සමහර හමුදා නිලධාරීන්ට උසස්වීම් සහ ආණ්ඩුවේ ඉහළම තනතුරු ලබා දී ඇත.’’

ජාතික මට්ටමෙන් වගවීම සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියක් නැති නිසා අන්තර්ජාතික නීතිය යටතට ගැනෙන ශ්‍රී ලංකාවේ සිදු කරන ලද අපරාධ විමර්ශනය කිරීමට සහ චෝදනා ගොණු කිරීමට තම භූමි ප්‍රදේශයෙන් බාහිරව සහ විශ්ව අධිකරණය යටතේ පවතින ක්‍රියා මාර්ග ගැනීම ඇතුළත් වගවීමේ ප්‍රයත්නයන්ට සහයෝගය දක්වන මෙන් වාර්තාව අනෙකුත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

අතිරේකව අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතිය බරපතළ ලෙස උල්ලංගනය සහ අපහරණය හෝ අන්තර්ජාතික මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සඳහා විශ්වාස කටයුතු ආකාරයෙන් වගකිව යුතුයැයි කියන අය ඉලක්ක කර තව දුරටත් පියවර ගැනීම සොයා බලන ලෙස රාජ්‍යයන්ගෙන් වාර්තාව ඉල්ලා සිටී.

මණ්ඩලයේ යෝජනා අංක 46/1ට අනුකූලව මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වගවීම පිළිබඳ කාර්යන්හි ප්‍රගතිය කෙටියෙන් සඳහන් කරන වාර්තාව එහි ධාරිතාව වඩාත් ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටී.

(BY OHCHR, Media Releas Sinhala)

Full Report(English) here Media Releas(Sinhala) here Tamil; here