වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවකින් කියා සිටියේ පානම මිනිසුන්ට අයිති සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ඔවුන් වෙත පවරන බවයි. නමුත් එම කැබිනට් පත්‍රිකාව පවා ක්‍රියාත්මක කිරීමට තරම් ‘යහපාලනයක්’ යහපාලන ආණ්ඩුවට නොතිබිණි. එම තත්ත්වය තුළ නැවත වරක් පානම ඉඩම් අහිමි ජනතාව සිය අරගලය ඉදිරියට ගෙන යමින් සිටී. ඒ අතරතුර ඔවුන් විසින් තාවකාලිකව ඉදිකර තිබූ පැලපත් පසුගිය මාසයේදී කිසියම් පිරිසක් විසින් ගිණිතබා විනාශ කල අතර, නැවත වරක් පසුගිය මාර්තු 18වනදා නැවත සකස් කර තිබූ පැල්පත් කිහිපයක් කඩා බිද දමා විනාශ කර ඇත.

‘මොන බාධක ආවත් අපි අපේ ඉඩම්වලින් යන්නේ නෑ. මේවා අපි දුක්විදගන හදපු ඉඩම්’ ඔවුන් කියයි.

මේ ඔවුන්ගේ වේදනාත්මක කතාවේ එක් පැතිකඩක් පමණි.

Releted Content #Paanama

[පානම ඉඩම් කොල්ලය] කැබිනට් අනුමැතියෙන් වසර 8ට පසු පානම ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් රජයේ නිලධාරීන් බෙදා ගනී
“පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ”- කැබිනට් තීරණයෙන් වසර 5 කට පසුවත් තම ඉඩම් අහිමි පානම වැසියෝ

‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න!!

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පානම ඉඩම් කොල්ලය අලුත් වටයකින් | ‘අපේ බිම් වලින් අපි අයින් වෙන්නේ නෑ‘ පානම මිනිසුන්

‘අසවල් දේ අපට ලැබුණා යැයි අපිට ප‍්‍රීති වන්නට පුළුවන්ද?’ කාන්තා දිනය සහ ”පානම” කාන්තාවෝ!