සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights, Life quips

‛නාමල්ට වෙරි අපට සොරි’ කියමින් රැකියා ඉල්ලා තරුණ තරැණයින් විශාල පිරිසක් වීදි බසියි..

‛නාමල්ට වෙරි අපට සොරි’, ‛රස්සා නැති අපට බඩගිණි දෙන්න එපා’, ‛කෝ රැකියා ජොබ් කොරියා’, ‛ජනාධිපතිගේ දිනක වියදම ලක්ෂ 8ක්. අපට….?’… යන පුවරු ඔසවා ගත් තරුණ තරුණයන් විශාල ප්‍රමාණයක් තමන්ට වහාම රැකියා ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් අද(26) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීය.

බිමල් රත්නායක ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ නායකයින් ඇතුලු තරුණ තරුණියන් විශාල පිරිසක් එම උද්ඝෝණයට සහ පෙළපාලියට සහභාගී වී සිටියේ ය. සවස 3.30ට පමණ කොළඹ කොටුව ටෙක්නිකල් හංදියෙන් ගමන් ඇරඹු එම පෙළපාලිය සම්බුද්ධා ලෝක විහාරස්ථානය අසල මංසන්ධියට ගමන් ගත්තේය. පෙළපාළිය එම මංසන්ධිය අසලට පැමිණෙන විට පොළිසියේ සහ කැරළි මර්ධන ඒකකයේ විශාල ප්‍රමාණයක් එම මාර්ගය මාර්ග බාධක දමා වසා දමා තිබු අතර එම මංසන්ධියෙන් ඉදිරියට යාමට පොලීසිය ඔවුන්ට අවසර නොදුන් අතර ඉන්පසු එම උද්ඝෝෂකයින් එම ස්ථානයේ රැස්වීමක් පවත්වා උද්ඝෝෂනය අවසන් කළේ ය.

උද්ඝෝෂණය අවසන් කරමින් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය ‛මේ රටේ තරුණ පරම්පරාවේ ගැටලු විසදන්නේ නැති අණ්ඩුවට විරුද්ධව සටන් කරන්න අලුත් බලවේගයක්, අලුත් රෙජිමේන්තුවක් ගොඩනගලා තියනවා. මීට මාස දෙක තුනකට කලින් උද්ඝෝෂණ පෙළපාලිවලට පහර දුන් මේ ආණ්ඩුවට අද සිද්ධවෙලා තියනවා මහරජාගේ මන්දීරයට ඇහෙන තැන දක්වා එන්න දෙන්න සිද්ධ වෙලා තියනවා ’’

මෙම උද්ඝෝෂණයේ සහ පෙළපාළියේ වීඩියෝ දර්ශණ සඳහා http://www.youtube.com/watch?v=bz-GA2P3P68 පිවිසෙන්න.

මෙම උද්ඝෝෂණයේ සහ පෙළපාළියේ වීඩියෝ දර්ශණ සඳහා පිවිසෙන්න.