සිංහල, Colombo, Corruption, Democracy, Economic issues, Governance, Human Rights, Human Security

”උද්ඝෝෂනයට හදාගෙන ආපු ලොකු පොල් බෑ අකෘති පොලීසිය විසින් අත්අඩංගුවට අරගෙන තියනවා. හෙට කිරිබතට ගන්න වෙන්න ඇති.” – ටිල්වින් සිල්වා.

‛‛අද තමන්ගේ චර පුරුෂයන් එවලා උද්ඝෝෂණ කඩා කප්පල් කරන්න හදනවා. අද අපේ සහෝදරවරු උද්ඝෝෂනයට හදාගෙන ආපු ලොකු පොල් බෑ අකෘති පොලීසිය විසින් අත්අඩංගුවට අරගෙන තියනවා. හෙට කිරිබතට ගන්න වෙන්න ඇති. ඒ උනාට අද හැම ලයිට් කනුවකම මහින්දගේ පිංතූරේ තියනවා. අද ජවිපෙට පෝස්ටරයක් අලව ගන්න බෑ. උද්ඝෝෂනයක් කරන්න බෑ. මොන බාධා ආවත් අපි සටන අතඅරින්නේ නෑ.

අපි කියනවා රාජ්‍ය සේවකයන්ට, වැඩ කරන ජනතාවට වැටුප් වැඩිවිය යුතුයි. ගොවීන්ට සහන දිය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂා වෙන්න ඕන. එහෙම නැතිනම් රටට බරක් චේච්ච මේ ආණ්ඩුව ගෙදර යවන්න සියලු බලවේග සංවිධානය කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්’’
යැයි අද(18) ලිප්ටන් වටරවුමේ පැවති බඩුමිලට එරෙහි ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදී එහි ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

මේ එහි ඡායාරූපයි