සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

‛කාලයේ වීරයා’ ජුලියන් අසාංශේ ඇප පිට නිදහස් කරයි.


ලෝකය මෙන්ම ලංකාවේද ඉමහත් ආන්දෝලනයකට පත්කල විකීලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාංශේ ලංඩන් අධිකරණය මගින් දැඩි කොන්දේසි පනවමින් ඊයේ (16)ඇප පිට මුදා හැරි බව ‍වාර්තා විය. පවුම් 300 000 ක වඩා ඇප මුදලක් සමඟ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුලු ලියකියවිලි ගණනාවක් ඇප කොන්දේසි මත අධිකරණය බාරයට ගෙන මෙසේ මුදාහල බවත් මීලග නඩු වාරය 2011 ජනවාරි 11 වන දිනට කල් තබන ලද බවත් වාර්තා වේ.

එසේම අප මත මුදාහල ජුලියන් සිටින ප්‍රදේශය නිශ්චිතවම ආරක්ෂක අංශයට හදුනාගත හැකිවනසේ අත් පළදනාවක් ද ජුලියන්ට ගේ අතට දමා ඇති බවත්, සෑම දිනකම පොලීසියට වාර්තා කිරීමත් අනිවාර්යය කර තිබේ.

කෙසේ වෙතත් ජුලියන් අත්අඩංගුවට ගෙන රදවා ඇත්තේ විශාල කුටියක බවත්, එහිදී ආරක්ෂක අංශ ඔහු සිටි දින කිහිපයේදීම ඔහුට ලබා දි ඇත්තේ එක් ටැබ්ලොයිඩ් පුවත් පතක් පමණක් බවත් පවසන ඔහුගේ නීතිඥයා, මෙයින් පෙනී යන්නේ අත්අඩංගුවට පත් අයෙකුගේ මානව හිමිකම් පිලිබද ගැටලුකාරි තත්වයක් මෙයින් මතුවන බව වැඩි දුරටත් පවසයි.

ජුලියන්ට විරුද්ධව ලිංගික චෝදනා එල්ල කර තිබූ අතර එසේ චෝදනා එල්ලකල කාන්තාවක් පවසා සිටයේ තමන්ට ජුලියන් බලහත්කාරයෙන් අතවර කළ බවය. එසේම අනෙක් කාන්තාව පවසා ඇත්තේ තමන් සමග ජුලියන් ලිංගිකව හැසිරෙන විට උපත්පාලන කොපු භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ බවත් ය. කෙසේ නමුත් ජුලියන්ගේ මාධ්‍ය ක්‍රියාවලියට කැමැත්තක් දක්වන දහස් ගණන් ජනයා ඊයේ වන විට ජුලියන් නිදහස් කරන ලෙස බලකරමින් විවිධ ස්ථානව උද්ඝෝෂන ද පවත්වමින් සිටි බව මාධ්‍ය වාර්තා කළේ ය.

නමුත් මෙම චෝදනා ඉදිරිපත් කරන විට ජුලියන් විසින් තම විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ලෝකයේ බොහෝ රටවල්වල විශේෂයෙන් යුධ අපරාධ පිළිබද විවිධ අන්දමේ තොරතුරු සහ එම තොරතුරු ඇතුළත් වීඩියෝ දර්ශන ලෝකයට අනාවරණය කරමින් තිබිණි.

පසුගිය නොවැම්බර් 21වනදා සුන්නද දේශප්‍රිය විසින් අප වෙබ් අඩවියට ලියන ලද වාර්තාවක සඳහන් වන්නේ…
”මසකට පෙර විකිලීක්ස් වෙබ් අඩවිය එක්සත් ජනපද යුදහමුදා ක්ෂේත්‍ර වාර්තා 400,000ක් පළ කරමින් කියා සිටියේ විවිධ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සාක්ෂිමය තොරතුරු එහි අඩංඟු වන බවයි. මෙම හෙලිදරවිවට පෙර පසුගිය ගිම්හානයේ දී තවත් එවැනි ලේඛන 75,000ක් පළකරමින් විකි ලීක්ස් කියා සිටියේ සිය ගණනක් සිවිල් වැසියන් ඝාතනය කිරීම පිළිබඳ සාක්ෂි ඒ අතර වන බව යි.

අසාංශේ සිය ආත්ම අභිලාෂය සේ දැවැන්ත පද්ධති නිර්මාණය කිරීම ගැන කතා කරන්නේ නිකමට නොවන බව මෙම සංඛ්‍යා මොනවට පැහැදිළි කරයි. බලවත් රාජ්‍ය විසින් පන්න පන්නා පහර දීමට බලා සිටින නමුත් පසුගිය සතිය වන විට ඇමෙරිකානු ටයිම්ස් සඟරාවේ “2010 වර්ෂයේ මිනිසා” ලෙස පාඨක ජන්ද 21,736ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණ සිටියේ ය.”

එසේම විකිලික්ස් පිළිබදව ග්‍රවුන්ඩ්ස්වීව් වෙඩ් අඩවිය විසින් කරනලද විශ්ලේශණයක සදහන් වන්නේ.
“1996 පටන් මෙම වසරේ පෙබරවාරි මාස අග දක්වා කාලය තුළ සිදු වුණු කේබල් පණිවුඩ හුවමාරුවල අඩංගු වන්නේ ලොව පුරා රටවල පිහිටි තානාපති කාර්යාල 274ක් සහ වොෂින්ටනයෙහි පිහිටි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අතර සිදු වුණු රහසිගත පණිවුඩ හුවමාරු ය. කේබල් පණිවුඩවලින් 15,652ක් වර්ගීකරණය කරන ලද රහස්‍ය පණිවුඩ ය… මෙම කේබල් පණිවුඩවලින් පෙන්නුම් කෙරෙන්නේ, “අනුගාමික රටවල්” තුළ පවතින දූෂණය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝන, මධ්‍යස්ථ යැයි කියනු ලබන රටවල් සමග කරන රහස් ගනුදෙනු නුදුටු ඇස්ව හිඳින ගමන්, එක්සත් ජනපද සමායතනවලට පක්ෂව මත ව්‍යාප්ත කරන ගමන් එක්සත් ජනපදය තම මිත්‍ර පාක්ෂිකයන් පිළිබඳව සහ එක්සත් ජාතීන් පිළිබඳව ඔත්තු බලන තරමත් තමන්ට ප්‍රවේශයක් සහිත අය නගා සිටුවීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් ගන්නා පියවරයනුත් ය.”

මෙවන් අභියෝගාත්මක ජනමාධ්‍ය භාවිතාවක නියැලි සිටින ජුලියන් අසාංශේ, විනාශය, මරණය වෙනුවෙන් තම මාධ්‍ය හසුරුවන මෙම සියවසේ මාධ්‍ය කරුවන්ට අපූරු ආදර්ශයක් සපයයි. එසේම ලෝකයට අභියෝගයක්ද එක් කරයි. ලොකයේ මානව හිමිකම් කෙලෙසීම්, යුද අපරාධ පිළිබදව මෙම හෙලිදරවු නිසා තමන්ට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රුකවරණ ලබන්ට සිදුවන්ට ඉඩ තිබෙන බව ජුලියන් අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍යට පවසා තිබුනේය.

එම වාර්තාවේ ජුලියන් අසාංශේ කළ ප්‍රකාශයක් පිළිබදව මෙසේ සඳහන් වෙයි.

“අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ තෘප්තිකර යැයි මට හැගෙන කාර්‍යයකය. මගේ විත්ත ස්වභාවය එය යි. දැවැන්ත පරිමාණයේ පද්ධති ගොඩනැගීමෙන් මම සතුටු වෙමි. එමෙන්ම ගොදුරුබවට පත්විය හැකි ජනයාට උදව් කිරීම ද මට සතුට ගෙන එයි. අවලමුන් කුඩුපට්ටම් කර දැමීම ද සතුට ගෙන දේ.” – ජුලියන් අසාංශේ

ජුලියන් අසා‍ංශේ ඇප මත මුදාහල පසු ඔහුගේ මව වන ක්‍රිස්ටිනා මෙසේ පවසා තිබුනේය “very, very happy” and thanked “the media for all your support of my son.”(source – CNN.com)

කියවන්න –
විකිලීක්ස් අඩවිය ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රසිද්ධ කළ තොරතුරු:සහ එහි ඇඟවුම්

ජුලියන් අසාංශේ – අපේ කාලයේ වීරයෙක්

Pic – Internet