සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන්න – අැම්නෙස්ටි ඉන්ටර්නැෂල්

පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලාගොස් සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ විමර්ෂණයක් අරඹන ලෙස ජත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් අැම්නෙස්ටි ඉන්ටර්නැෂල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ආසියා පැසිපික් කලාපය භාරව සිටින සෑම් සරීෆ් විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මිනිසුන් මරාදැමුනු, වධ හිංසාවට ලක්කල සහ අතුරුදහන් කිරීම් වැනි දරුණු මානව හිමිකම් චෝදනා ඇති පුද්ගලයින් පරික්ෂාවට ලක්කර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ජාත්‍යන්තර නීතිය යටතේ ඇමරිකානු රජයට වගකීමක් ඇති බව යි. කෙසේ වෙතත් පසුගිය යුද සමයේ රජයේ හමුදාව මෙන්ම එල්ටීටීඊ සංවිධානය ද යුද අපරාද සිදුකල බව එම සංවිධානය පවසයි.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ සේනාධිනායකයා ලෙස ඉහත චෝදනා ඔහුට තිබෙන බවත්, ජත්‍යන්තර නීතිය අනුව හමුදාවන් විසින් සිදුකරනු ලබන සියලු යුද අපරාධ සම්බන්ධයෙන් තමන් දැන සිටියා නම් එහි වගකීම හමුදාවලට අණ දෙන ප්‍රධානියා වන සේනාධිනායකයා වගකිව යුතු බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.