සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ආචාර්ය සරවනමුත්තු ‛පුරවැසි සාම’(Citizens Peace Award) සම්මානයෙන් පිදුම් ලබයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පුරවැසි සාම සම්මානයෙන් අද(28) පිදුම් ලැබීය. ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ එම සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය.

අචාර්ය සරවනමුත්තු මහතා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිළිබදව ලංකාවේ දීර්ඝ කාලයක් කැපවීමෙන් කටයුතු කල සමාජ ක්‍රියාකාරිකයෙකි. විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා මැදිහත් විය යුතු යැයි දැඩි ස්ථාවරයක සිටින ක්‍රියාකාරිකයෙකි. එහිදී මානව හිමිකම්, යහපාලනය සහ බලය බෙදාහදා ගැනීම පිළිබදව ඉතාමත් විශ්වාසයෙන් කටයුතුකළ සහ ඒ සඳහා සමාජයේ සංවාදයක් වෙනුවෙන් පෙනී සිටි සහ එවැනි සංවාද පෝෂණය කල විද්වතෙකි. යුද්ධය පැවති සමයේ විශේෂයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක වරයා වශයෙන් ද, විවිධ සාමාජ සංවාද වලදී ද ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රාමුව තුල ගැටුම්වලින් තොරව, දේශපාලන විසඳුමක් සඳහා යුද ගැටුමට සම්බන්ධව සිටි සියලු පාර්ශවයන් සම්බන්ධ කරලීමට කැපවී ක්‍රියාකල විද්වතෙකි.

‛‛නිහඬව ඉඳීම තරම් භයානක දෙයක් නැහැ. පුරවැසියෙකුට, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට නම් අප හමුවේ තියෙන සියළුම අභියෝගයන් මොන තතරම් භයානක වුවත් අප නිහඬව සිටිය යුතු යුගයක් නෙමෙයි මේ යුගය’’. 2010 පුරවාසි සාම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය සරවනමුත්තු මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේ ය.

ජාතික සාම මණ්ඩලය ඇතුලු බහුජන සංවිධාන, වෘත්තීය සමිති, සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන් මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ඇතුලු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියේ ය.

ජනකොට්ඨාශ අතර අවබොධය වර්ධනය කිරීම, ගැටුම් විපර්වර්ථනය කරමින් සමතයට පත්කිරීම, මානව හිමිකම් ආරක්ෂාව සහ ජනයාගේ ගෞරවය සහ ආරක්ෂාව වැනි කරුනු පිළිබදව මෙම පුරවැසි සාම සම්මාන ප්‍රදානයේ අරමුණු අතර වේ.