end of the War, Featured Articles, Features, Jaffna

‛‛සිංහල ජනතාවට පහර දුන්නොත් කොළඹ ජීවත්වන දෙමළ ජනතාවට පහර දෙන බවට හමුදාව තර්ජනය කරයි’’

මේ අද(02) තිනකුරල් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ ස්කෑන් පිටපතයි.

කොකුවිල් ප්‍රදේශයට ග්‍රීස් යකා පැමිණේ; බස්රථයකට හානි, ජනතාවට හමුදා ප්‍රහාර, දෙදෙනෙක්ට බරපතල තුවාල

Photo courtesy: tamilwin.com

දකුණෙන් යාපනය බලා ගමන් කළ බස් රථයකට ග්‍රීස් යකුන් යැයි සැක කල පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු වීමෙන් පසු එම බස් රථයට එම ප්‍රදේශයේ ජනතාව විසින් පහර දී ඇත. මෙම සිදුවීමෙන් පසු එම ස්ථානයට පැමිණි නිල ඇඳුම් ඇඳගත් හමුදා භටයින් විසින් ගෙවල් වල සිටි පිරිමි කැඳවා බරපතල ලෙස පහර දුන් බවට යාපනය කොකුවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිදුවීම සිදු වී ඇත්තේ බදාදා (31) රාත්‍රී 7.30 ට පමණය. සිදුවීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනෙක්ව එම ප්‍රදේශයේම අතහැර ගොස් තිබූ අතර ඉතිරි 26 දෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති බවට අද (සැප්තැම්බර් 02වන සිකුරාදා) වීරකේසරී පුවත් පත වාර්තා කර තිබේ. (වීරකේසරී – සැප්තැම්බර් 02 සිකුරාදා, මුල් පිටුවේ පල වූ ප්‍රවෘත්තියක්)

මේ අද(02) වීරකේසරී පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ ස්කෑන් පිටපතයි.

මෙම එම පුවත්පත වැඩි දුරටත් සදහන් කරන්නේ මෙසේය.

කොකුවිල් දුම්රිය ස්ථානය තෙක් වැටී ඇති මහා මාර්ගය අසල තිබෙන කල්වාරි කෝවිල ප්‍රදේශයේ ග්‍රීස් යක්කු දෙදෙනෙක් සැරිසරන බවට කාන්තාවන් විසින් කෑගසා පැවසීමෙන් කලබලයට පත් වූ ගම්වාසීන් ග්‍රීස් යකුන් දෙදෙනා පසු පස එලවා ඇත. මෙහිදී පැන ගිය ග්‍රීස් යකුන් ඒ වන විට මාර්ගයේ නතර කර තිබූ බස්රථයට ගොඩ වී ඇත. ඔවුන් බස්රථයට ගොඩවනු දුටු ගම් වැසියෝ බසය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පවසමින් බස් රියදුරාට පහර දී ඇත. එම බස්රථය යාපන නගරය බලා පිටත් වූ අතර ජනතාව තම නිවෙස් වලට ගොස් ඇත.

මෙය සිදු වී පැය තුනකට පමණ පසු එම ප්‍රදේශයට පැමිණි හමුදාව සහ පොලීසිය ප්‍රදේශයේ නිවෙස් වල දොරවල් කඩා බලහත්කාරයෙන් නිවෙස් වල පිරිමින් එලියට ගෙන ඇත. ඉන් අනතුරුව කල්වාරී කෝවිල් ප්‍රධාන වීදියට ගෙන ගිය මෙම නිවැසියන්ට පොලු වලින් දරුණු ලෙස පහර දී ඇත්තේ බස් රථයේ වීදුරු වලට අලාභානි කලේ කවුරුන්දැයි විමසමිනි.

පහර කෑමට ලක් වූ පිරිසෙන් දෙදෙනෙක්ව තෝරා ගත් හමුදා භටයින් ඔවුන්ව ඉවතට ගෙන ගොස් ඇඳ සිටි ටී-ෂර්ට් ගලවා හමුදා හෙල්මට් පළඳවා ඇත. ඉන්පසු ඔවුන්ව පාරේ නිදිකරවා එක් අයෙකුට හතර දෙනා බැගින් යොදවා තද කොට අල්ලා, ඔවුන්ගේ මුහුණු සපත්තු වලින් පාගමින්, දණහිසට සහ කකුල් වලට බැටන් පොලු පහරවල් එල්ල කර ඇති බව වාර්තා වේ. දරුණු ප්‍රහාරයකට ලක් වූ මෙම දෙදෙනා මිය ගොස් ඇතැයි සිතූ හමුදාව ඔවුන්ව අසල පඳුරක අතහැර ගොස් ඇත.

පහර කෑ සෙසු පිරිස (26 දෙනෙක්) පොලීසියට ගෙන ගොස් එහිදී ඇඳුම් ගලවා නැවත වරක් පහර දී ඇති අතර ඔවුන්ගේ තොරතුරු සටහන් කරගෙන ඇත්තේ ඉන් අනතුරුවය. මොවුන්ව පොලීසියට ගෙන ගොස් ඇත්තේ රාත්‍රී 11 ට පමණ වන අතර අළුයම 3 වනතෙක් මොවුන්ට පහර දී ඇත. අධිකරණයට භාර දීමට යැයි පවසමින් දෙදෙනෙක්ව රඳවාගෙන, ඉතිරි පිරිස උදේ 8 ට පමණ නිදහස් කර ඇත. මෙලෙස පොලීසියේ රඳවාගත් දෙදෙනාගෙන් එක් අයෙක් වන ගණපති පිල්ලේ සුභාෂ්කරන් (24) නැමැත්තාට තවදුරටත් පහර දීම නිසා ඔහුට ඇවිදීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. මොහු මෑතකදි විදේශගතව ලංකාවට පැමිණි අයෙකි. මෙලෙස පහර කෑමට ලක්වූ සුභාෂ්කරන්ව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත්තේ මාංචු දමා පොලිස් රැකවරණ සහිතවය. ග්‍රීස් යකා සමග සිදු වූ ගැටුමකින් තුවාල වූ බවට කට උත්තර දෙන ලෙස පොලීසිය විසින් සුභාෂ්කරන්ට බලපෑම් කර ඇත.

කල්වාරී කෝවිලේ ප්‍රධාන විදීයේ පඳුරක අතහැර පැමිණි දෙදෙනාව අළුයම 2 ට පමණ යාපනය රෝහලට ඇතුළත් කර ඇත. මෙම දෙදෙනාගේ එක් අයෙක්ගේ කකුලක අස්ථි බිඳී ඇති බවත් දෙදෙනාගේම පපු ප්‍රදේශයන් සහ අත් බරපතල ලෙස තුවාල වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිසට පහර දෙන විට පොලිස් නිළධාරියෙක් පවසා ඇත්තේ මීට දින කිහිපයකට පෙර නාවාන්තුරයි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමට පළිගැනීමක් වශයෙන් මෙලෙස පහර දීමට නියෝග ලැබුණු බවයි.

මීට අමතරව දකුණේ සිට එන සිංහල ජනතාවට පහර දුන්නොත් කොළඹ ජීවත්වන දෙමළ ජනතාවට පහර දෙන බවට හමුදාව විසින් තර්ජනය කර ඇති බවට අද (02) පලවූ තිනක්කුරල් පුවත් පත වාර්තා කරයි.

මේ එම පහරදීමෙන් තුවාල ලැබූ පිරිසකගේ ඡායාරෑප


Photo courtesy: tamilwin.com