සිංහල, Colombo, Corruption, Democracy, Eastern Elections, Economic issues, Education, Gender, Governance, Health, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation, Stories from the silent, Transport

‛විකල්ප’, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණයකරන සංවේදී ප්‍රවෘත්ති, විහිදුනු විවරණ ද සම්පාදනය කරයි’- මාධ්‍ය නිදහස පිළිබද වාර්තාවක් පවසයි.

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබදව ඊයේ(17)නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ‛‛ ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා ද, පුළුල් පරාසයක විහිදුණු විවරණ ද සම්පාදනය කරන අන්තර්ජාලය පදනම් කර ගත් මාධ්‍ය අවකාශයන් බවයි.

එම වාර්තාව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

‛‛දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) කැරලි කණ්ඩායම සමග ආණ්ඩුව කර ගෙන ගිය දිගු කාලීන යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වුව ද ශ්‍රී ලංකාවෙහි මාධ්‍ය නිදහසට තව මත් සීමා පනවා ඇත. මාධ්‍යවේදීහු නානාවිධ නීතිමය අඩන්තේට්ටම්වලටත් කායික බිය ගැන්වීම්වලටත් ගොදුරු වන බවත් ය’’ එසේම

.. අන්තර්ජාලයට සහ විදේශීය මාධ්‍යයට ප්‍රවේශ වීම විටින් විට සීමා කර ඇත. 2008 දී සහ 2009 දී, රාජ්‍ය පාලිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විටින් විට බීබීසී ගුවන් විදුලි වැඩ සටහන් අවහිර කළේ ය. එහෙත් විකාශකයන් දෙදෙනා අතර ඇති කර ගත් එකඟතාවකින් පසුව, 2010 අප්‍රේල් මාසයේ දී, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිංහල සහ දෙමළ යන භාෂා දෙකේ ම බීබීසී වැඩ සටහන් යළි ප්‍රචාරය කිරීම ආරම්භ කළේ ය. වසර තුළ අවස්ථා ගණනාවක දී ම, ශ්‍රී ලංකාව පිළිබඳව ලිපි අඩංගු වූ ඉකොනොමිස්ට් සඟරා කලාප රේගුවේ දී අත්පත් කර ගෙන බෙදා හැරීම පමා කරනු ලැබිණ. ඉහළ මිල ගණන් අය කරමින් බොහෝ නිවැසියන්ට බාධා කරනු ලැබුණ ද, ජංගම දුරකථන භාවිතය එක දිගට ම වේගයෙන් වර්ධනය වුව ද, 2010 දී ආසන්න වශයෙන් ජනගහනයෙන් සියයට 12ක් පමණ අන්තර්ජාලයට ප්‍රවේශ වූහ. සමස්ත මාධ්‍ය පරිසරය තුළ දී, වෙබ් අඩවි පදනම් කර ගත් මාධ්‍යය ද බ්ලොග් පිටු ද එන්න එන්න ම වැඩෙන කාර්ය භාරයක් භාර ගෙන තිබීම සාධනීය කරුණකි. ‛ග්‍රවුන්ඩ්වීව්ස්’ සහ ‛විකල්ප’ වැනි වෙබ් අඩවි, සංවේදී ප්‍රවෘත්ති මෙන් ම ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යය කලාතුරකින් ආවරණය කරන සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති පවා ද, පුළුල් පරාසයක විහිදුණු විවරණ ද සම්පාදනය කරන මාධ්‍ය අවකාශන් බවට පත් වී තිබීම සුවිශේෂී වේ.

එසේම ලංකාව තුළ ප්‍රවෘත්තිමය වෙබ් අඩවි ගණනාවකට ප්‍රවේශ වීම අවහිර කරමින්, ආණ්ඩුව අන්තර්ජාලය වාරණය කිරීමට යම් පියවරයන් ගෙන ඇත. අවහිර කිරීම්වලින් බහුතරය, 2010 ජනාධිපතිවරණය වැනි ප්‍රධාන සිදුවීම් කේන්ද්‍ර කර ගත් ප්‍රවෘත්ති අවහිර කිරීමට තාවකාලිකව කෙරුණු ඒවා වුව ද, ලංකා ඊ-නිව්ස් සහ ටැමිල්නෙට් බඳු වෙබ් අඩවිලට පැනවූ තහනම වැනි ඇතැම් ඒවා දිගින් දිගට ම ක්‍රියාත්මක වෙයි. 2010 දී, ප්‍රධාන දුරකථන මෙහෙයුම්කරුවා වන ඩයලොග් ආයතනය දුරකථන මාධ්‍යය යොදා ගෙන ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක වාර්තා ප්‍රචාරය කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එස්එම්එස් පණිවුඩ හරහා තොරතුරු සැපයූ ප්‍රවෘත්තිමය වෙබ් අඩවි කිහිපයක්ට ස්වයං වාරණයක් කර ගැනීමට බල කෙරිණ. මීට අමතරව, ලංකා ඊ-නිව්ස් කාර්ය මණ්ඩලය තර්ජනවලට සහ අඩන්තේට්ටම්වලට මුහුණ පෑහ. සංස්කාරක සඳරුවන් සේනාධීර, වසර තුළ දී රටින් පිටව පිටුවාහලෙහි දිවි ගෙවී ය. එසේම තම දුරකථන සහ අන්තර්ජාල සංවාද නිරීක්ෂණයට ලක් වන්නේ යැයි බොහෝ මාධ්‍යවේදීහු කල්පනා කරති.’’ යනුවෙනි.

එම සම්පූර්ණ වාර්තාව සඳහා පිවිසෙන්න Freedom of the Press 2011 – Sri Lanka