සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවට ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාවක් ඇම්නස්ට් ජාත්‍යන්තර [Amnesty International] සංවිධානය මගින් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන පරිදි,……

වධහිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට, දඬුවමකට හෝ භාජනය කිරිමට එරෙහි සම්මුතිය පිළිබඳ කමිටුවෙහි තෙවන හා සතරවන කමිටු රැස්විමට පෙර එකී කමිටුව වෙත ඉදිරිපත් කරන ලදි. මෙම වාර්තාව මගින් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිරන්තරයෙන් ම අවධාරණය කරන ලද පරිදි, හදිසි නිතී රෙගුලාසි හා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත් යටතේ මෙන් ම පෞද්ගලික ආරවුල් මත අත් අඩංගුවට ගෙන විවිධ වධහිංසා පමුණුවනු ලැබු තැනැත්තන් පිළිබඳ සාධක ඉදිරිපත් කොට ඇත. මෙම රැදවියන් අතර බහුතරය අත් අඩංගුවට ගනු ලැබු එල් ටි ටි ඊ පාක්ෂික සැකකරුවෝය. ඊට අමතරව පොලිස් වැටලීම් වලදී මෙන් ම බරපතළ අපරාධ සම්බන්ධයෙන් ද සැක පිට අත් අඩංගුවට ගනු ලැබු තැනැත්තන් ද වෙයි. මේ සියළු දෙනාම නඩු විභාගයකින් තොරව දිර්ඝ කාලයක්, ඇතැම් විට වර්ෂයකටත් අධික කාලයක් අත් අඩංගුවේ තබා ගැනිම පිළිබඳ සවිස්තරාත්මක කරුණු මෙම වාර්තාවේ දක්වා තිබේ. විශේෂයෙන් ම එල් ටි ටි ඊ රැදවියන් සම්බන්ධයෙන් මෙම අනිසි රඳවා තබා ගැනිම් ශ්‍රී ලංකා බලධාරින් විසින් සාධාරණීයකරණය කරනු ලබන්නේ ඔවුන් පුනරැත්ථාපනය පිණිස මෙලෙස දිර්ඝ කාලයක් රඳවා ගෙන සිටින බවයි.

මුලිකව මෙම වාර්තාව විසින් ඉහත කී වධහිංසා වැළැක්විමේ සම්මුතියෙහි අඩංගු විවිධ වගන්ති ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ වගකිමේ ප්‍රගතිය ඇගයිමට ලක් කොට ඇත. ඒ අතර විශේෂයෙන් ම වධහිංසා පැමිණවිම බරපතළ අපරාධයක් බවට පත් කරන නීති සම්පාදනය ( වගන්ති 1 හා 4 ), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවති හදිසි නීති රෙගුලාසි හා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත් වල බලපෑම ( වගන්ති 2, 4 හා 5 ), වධහිංසා පැමිණවිමෙන් ආරක්ෂා විම පිණිස විම තිබෙන නීතිරිතී හා ක්‍රියාපටිපාටීන් හි ඵළදායී බව ( වගන්ති 11 හා 16 ) හා වධහිංසා වන්හි වින්දිතයින් බවට පත් වු තැනැත්තන්ට හානිපුරණය හා අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම ( වගන්ති 12 හා 13 ) යන වගන්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඇත.

එල් ටි ටි ඊ සංවිධානයත් සමඟ සම්බන්ධකම් තිබු තැනැත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් හෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන තැනැත්තන් ද බොහෝ විට සාක්ෂි නොමැති කම නිසා නිදහස් කරනු ලබයි. මෙහි දි රජය සාමාන්‍ය නීතිය ප්‍රකාර කටයුතු නොකොට විශේෂ ගැසට් නිවේදන මගින් පිහිටුවනු ලබන පරිපාලන ක්‍රියාපටිපාටින් මගින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් දැඩි අවධානයක් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් යොමු කරයි.

මුලිකව මෙම වාර්තාව විසින් ඉහත කී වධහිංසා වැළැක්විමේ සම්මුතියෙහි අඩංගු විවිධ වගන්ති ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ වගකිමේ ප්‍රගතිය ඇගයිමට ලක් කොට ඇත. ඒ අතර විශේෂයෙන් ම වධහිංසා පැමිණවිම බරපතළ අපරාධයක් බවට පත් කරන නීති සම්පාදනය ( වගන්ති 1 හා 4 ), ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවති හදිසි නීති රෙගුලාසි හා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත් වල බලපෑම ( වගන්ති 2, 4 හා 5 ), වධහිංසා පැමිණවිමෙන් ආරක්ෂා විම පිණිස විම තිබෙන නීතිරිතී හා ක්‍රියාපටිපාටීන් හි ඵළදායී බව ( වගන්ති 11 හා 16 ) හා වධහිංසා වන්හි වින්දිතයින් බවට පත් වු තැනැත්තන්ට හානිපුරණය හා අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම ( වගන්ති 12 හා 13 ) යන වගන්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඇත.

එල්.ටි.ටි.ඊ සංවිධානයත් සමඟ සම්බන්ධකම් තිබු තැනැත්තන් අධිකරණය ඉදිරියට ගෙන එනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් හෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන තැනැත්තන් ද බොහෝ විට සාක්ෂි නොමැති කම නිසා නිදහස් කරනු ලබයි. මෙහි දි රජය සාමාන්‍ය නීතිය ප්‍රකාර කටයුතු නොකොට විශේෂ ගැසට් නිවේදන මගින් පිහිටුවනු ලබන පරිපාලන ක්‍රියාපටිපාටින් මගින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් දැඩි අවධානයක් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් යොමු කරයි.

මෙම සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න.