2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම වැඩි දියුණු කිරීම සඳහා සමාජ මාධ්‍ය තුළ #IVotedSL වැනි ව්‍යාපාරයන් මගින් පෙර නොවූ විරූ උත්සාහයක නිරත විය.

අප සියලූ දෙනා ම දන්නා පරිදි ශ‍්‍රී ලංකාවේ අනාගතය හැඩ ගැස්වීමේ කාර්යය නව ජනාධිපතිවරයෙකු හෝ නව ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීමෙන් නො නවතියි. සමාජය තුළ අප දරන විවිධ තත්වයන් හා ඉටු කරන විවිධ කාර්ය භාරයන් තුළ දී පුරවැසියන් වන අප සියලූ දෙනා ම අධිෂ්ඨානයෙහි වෙනසක් සිදු විය යුතු ය. ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු හා අදහස් ගැන දැන් රට පුරා ම (සහ එහි දේශ සීමාවලින් ඔබ්බෙහි) සජීවී ප‍්‍රසිද්ධ හා පෞද්ගලික පුරවැසි විවාදයක් සිදු වෙමින් පවතී. සමාජීය මාධ්‍යය, සාම්ප‍්‍රදායික මාධ්‍යය සේ ම ගෙදරදොර හා වැඩබිම් තුළ ද මේ වන විට මෙය සිදු වෙමින් පවතී.

මෙම ක‍්‍රියාකාරකම් මාලාව යහපත උදෙසා වෙනසක් ඇති කිරීම සඳහා – ආණ්ඩුව, විරුද්ධ පක්ෂ දේශපාලනය, රාජ්‍ය සේවා හෝ ව්‍යාපාර තුළ දී වේවා අපගේ අසල්වැසි ප‍්‍රදේශ තුළ දී වේවා – අපට ද අනෙක් පුරවැසියන්ට ද අප හා ඔවුන් සතු පෞද්ගලික හැකියා මත කළ හැකි දෙය කෙරෙහි අවධානය යොමු කිරීමට අප සියලූ දෙනා දිරි ගන්වයි.

SQUARE-PROFILE-03

ඔබ ගන්නා යම් පියවරක්, තෝරා ගත් යම් විසඳුමක් හෝ අනුගමනය කිරීමට කැමති යම් ආදර්ශයක් අනෙක් අයගේ අවධානයට ලක් කිරීමට (#icanChangeSL) (මට ශ‍්‍රී ලංකාව වෙනස් කළ හැකි යි) හැෂ්ටැගය යොදා ගන්න.

උදාහරණයක් ලෙස:

– ”මා රජයේ නිලධාරියෙකුට අල්ලස් දීම ප‍්‍රතික්ෂේප කළා #icanChangeSL ”
– ”බසයක දී කාන්තාවකට අඩන්තේට්ටම් කිරීමක් දකින ඊළඟ වතාවේ දී මා ඊට විරුද්ධව කතා කරනවා #icanChangeSL ”
– ”මා අනෙක් ආගමික විශ්වාසයන් ගැන ඉගෙනීමට උත්සාහ කරනවා #icanChangeSL”

SQUARE-PROFILE-04

ධනාත්මක සමාජ පරිචයක්, උත්තේජනාත්මක නව ප‍්‍රවෘත්තියක්, ඔබගේ මිතුරන්ගේ හෝ ප‍්‍රජාවේ අදහසක් හෝ සමස්තයක් ලෙස රට වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනාවක් පිළිබඳ උදාහරණයක් කෙරෙහි අවධානය යොමු කරවීම සඳහා (#wecanChangeSL) (අපට ශ‍්‍රී ලංකාව වෙනස් කළ හැකි යි) හැෂ්ටැගය යොදා ගන්න.

උදාහරණයක් ලෙස:

– ”රැකියාව ලැබෙන්නේ කාට දැයි තීරණය කිරීම කෙරෙහි ‘බලපෑම් කිරීමට’ වාසනාවට ඉඩ නො දෙමු #wecanChangeSL”
– ”අපි රාජ්‍ය සේවාවන් විවේචනය කිරීම වෙනුවට (පවත්නා සම්පත් යොදා ගෙන) ඒවා වැඩි දියුණු කළ හැකි ආකාරය යෝජනා කරමු #wecanChangeSL”
– ”ශ‍්‍රී ලංකාව සඳහා පශ්චාත් උසස් පෙළ(A/L) ස්වේච්ඡා බලකායක් ඇති කිරීමේ සැලැස්මක් තිබෙන බව මේ දැන් දැන ගන්නට ලැබිණ #wecanChangeSL”

සමහර අය දැනටමත් රටේ සිදුවෙමින් පවතින අැතැම් ධනාත්මක වෙනස්කම් පිළිබදව වන උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා (#ChangeSL) හැෂ්ටැග් භාවිතා කරමින් සිටි.

මෙය පුරවැසියෙකු වන ඔබගේ හඬ ඇසීමට සලස්වන, ඔබගේ අදහස් බෙදාහදා ගෙන ප‍්‍රතිපෝෂණ ලැබීමට ඉඩ සැලසෙන මෙවලමකි. කරුණාකර එය භාවිත කරන්න.

මෙය වෙනසකට ලක් විය යුතු අපගේ රට යි.

Facebook, Twitter, Google+, facebook සහ වෙබ් සඳහා මෙහි නිල ලාංඡන පහතින් දැක්වෙන අතර ඒවා Download කර ගත හැකිය.