ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය හරහා සාකච්ඡා කිරීම සදහා විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව සූදානම් වෙයි.

එළඹෙන ජනවාරි 30 සහ 31 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, JDA පෙරේරා කලාගාරයේදී #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් නොමිලේ විවෘතව පවතී.

ජනවාරි 30, සවස 03.00 සිට 05.00 දක්වා

ජනවාරි 30 වන දින සවස 3ට නිළ වශයෙන් විවෘත වන ඡායාරූප ප්‍රදර්ශනයේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ‘ශ්‍රි ලංකාවේ යුද්ධයෙන් පසුව යුක්තිය සහ මානව හිමිකම් පිළිබද ක්‍රියාවලියේ ස්වාභාවය’ පිළිබද අදහස් දක්වයි. ඉන් අනතුරුව ලේඛිකා කුමාරි කුමාරගමගේ, දේශපාලන විචාරක විදර්ශන කන්නන්ගර සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන දයාපාල තිරාණගම විසින් සංවාදය පෝෂණය කිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – සම්පත් සමරකෝන්

ජනවාරි 31, සවස 03.00pm – 05.00pm දක්වා

GROUNDVIEWS වෙබ් අඩවියේ මුලාරම්භක සංස්කාරක සංජන හත්තොටුව විසින් ‘පශ්චාත් යුද ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය සහ එහි ඇති ගතිකයනිගේ ස්වභාවය’ පිළිබද මූලික අදහස් දැක්වීමක් සිදු කරයි. පසුව නීතිඥ සාරා ආරුමුගම් සහ ලංකා කලා මණ්ඩලයේ සභාපති ජේ. කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විවෘත සංවාද සභාව සදහා ආරම්භක අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – ඉෂාරා ධනසේකර

කෙටි නාට්‍ය ත්‍රිත්වයක්

එමෙන්ම ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ජනවාරි 31 වන දින, සවස 3ට කෙටි නාට්‍ය ත්‍රිත්වයක්, Somalatha Subasinghe Play House(Kaushalya Fernando) විසින් ඉදිරිපත් කෙරේ.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේදී විශේෂයෙන් යුද්ධයට සෘජුව මුහුණ දුන් උතුරු සහ නැගෙනහිර ක්‍රියාධරයින් යුද්ධයෙන් පසුව එහි යථාර්තය පිළිබද අදහස් දැක්වීමට නියමිතය.

Facebook event click

##

විකල්ප පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් විවෘතව තැබෙන මෙම ප්‍රදර්ශනයේදී ඔබට 2009 සිට 2017 දක්වා අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ඇතුලු කොට පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට හැකිවේ.

විශේෂයෙන් ඉහත සදහන් කළ 2009න් පසුව බොහෝ පාර්ශවයන් මගහැරීමට උත්සාහ කරන, එහෙත් ලංකාවේ සමාජය තුළ යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වාභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් සහ ගැහැනුන් තවමත් ඉල්ලා සිටින ‘යුක්තිය’ පිළිබද ප්‍රශ්නය ප්‍රදර්ශනයේදී ඉහළම තලයකට ඔසවා තැබීමට උත්සහ කරනු ලබයි.

2018 ජනවාරි 30 සහ 31, උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා, කොළඹ 07, හොර්ටන් පෙදෙස, JDA Perera කලාගාරයේ පැවැත්වෙන #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය සදහා ‘විකල්ප’ වෙබ් අඩවිය ඔබ සැමට මෙසේ ආරාධනා කරයි.