“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here

විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් දිගහැරෙන #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය සඳහා වන’ ඡායාරූප ප්‍රදර්ශනය දෙවන වරට පසුගියදා පැවැත්විණි. (https://www.facebook.com/Vikalpasrilanka/videos/10156278557539806/)

මීගමුව, කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පසුගිය අප්‍රේල් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, #UNFRAMED ප්‍රදර්ශනය පැවැත්වුයේ ඊට ප්‍රථම පසුගිය ජනවාරි මස 30, 31 දින , කොළඹ ජේ.ඩි .ඒ පෙරේරා කලාගාරයේදී #UNFRAMED පළමු වරට පැවැත්වීමේදී ලැබුණු ආරාධනාවකට අනුවය.

විකල්ප වෙත මිගමුව වෙත ආරාධනා කරමින්, අවශ්‍ය ස්වෙච්ඡා දායකත්වය ලබාදෙමින් ප්‍රදර්ශනයේ සියලු සංවිධාන කටයුතු හා මෙහෙය වීම සිදු කළේ “ප්‍රභාතය” කලා හා මාධ්‍ය සංවිධානය වන අතර ඒ සඳහා මිගමුව අවට ප්‍රදේශවාසීන් රැසකගේ දායකත්වය ලැබී තිබිම සතුට දනවන කරුණකි.
ප්‍රදර්ශනයට සමගාමිව අප්‍රේල් 7 සහ 8 දෙදින පුරාම සවස 3 සිට 5 දක්වා ආරාධිත කෙටි අදහස් දැක්වීමක් සහ ඉන් අනතුරුව සංවාදයක් සහ ඉන් අනතුරුව මහජනයා විසින් අදහස් දැක්වීම් ද සිදුවිය.

අප්‍රේල් 7 දින ආරාධිතයන් ලෙස සත්‍යවේල් පියතුමා, සංධ්‍යා එක්නැළිගොඩ සහ සාලිය ඉදුරුවිතාන විසින් සංවාදය පෝෂණය කළ අතර දෙවැනි දින ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා, කුමාරි කුමාරගමගේ සහ සම්පත් සමරකෝන් විසින් සංවාදයන් හී මුලික අදහස් දැක්වීම් කරන ලදී. සාකච්ඡාව මෙහෙයවීම සිදුකරන ලද්දේ ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානයේ රාජන් ප්‍රනාන්දු විසිනි.

විශේෂයෙන්ම දෙදින පුරාම සාකච්ජා මණ්ඩපය සඳහා සැලකිය යුතු මට්ටමේ මහජන සහභාගීත්වයක් තිබු අතර මුලික අදහස් දැක්වීමෙන් පසු සාකච්ජාව පෝෂණය කරමින් ඉදිරියට ගෙනයාමට විශාල උනන්දුවක් ප්‍රදර්ශනය නැරඹීමට හා සාකච්ජා මණ්ඩපයට සම්බන්ධ වූ බොහෝ පිරිසකගෙන් දැකිය හැකි විය. ප්‍රාදේශීය වශයෙන් දැකිය හැකි ඉහළම සහභාගිත්වයක් තිබිම කැපී පෙනෙන්නක් විය.

සාකච්ජාවන් හිදී මතුවූ සුවිශේෂී කරුණු කීපයකි.

1. උතුරු නැගෙනහිර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමේ පවතින ස්වරූපය, එය කෙරෙහි දෙමළ ජනයා තුළ වන විශ්වාසය පළුදු වෙමින් පවතින ස්වරූපය හා එය කෙසේ වෙනස් වීමට භාජනය විය යුතු ද? යන්න

2.අභ්‍යන්තර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය වෙත පාලකයන්, මිලිටරිමය කණ්ඩායම් හා සමස්තයක් ලෙස ජනතාව දක්වන අලස බව

3. ජාතින් විසින් එකිනෙකා කෙරෙහි අනන්‍ය වූ ගැටලු විසදා ගැනීමේදී එකිනෙකා වෙත සහයෝගය නොදැක්වීමෙන් ලාංකිකයන් ලෙස තව දුරටත් අත්විදිමින් සිටින තත්වය

4. දකුණේ ජනයාට උතුරේ ගැටලු සංවේදනය වීමේත්, උතුරේ ජනයාට දකුණේ ගැටලු සංවේදනය වීමේත් පවතින විෂමකාරී තත්වය හා මේ නයින් පැන නැගී හා වර්ධනය වෙමින් පවතින ගැටලුකාරී තත්වයන්

5. මෙම ගැටලු කෙරෙහි රාජ්‍ය නොවන සංවිධාන, ග්‍රාමීය ක්‍රියාකාරී මහජන ස්වේජ්ජා සංවිධාන හා පවතින සිවිල් අරගල වල මැදිහත් වීමේ ස්වරූපය

6. ජායාරූප ප්‍රදර්ශනය හරහා මතු කර ඇති මානුෂිය අර්ථයන්, ඒ කෙරේ පවතින අභියෝග හා අනාගතය කෙසේ විය යුතුද?

ආදී කරුණු මුලික කොට ගෙන මහජන සංවාදයන් ඉදිරියට ගිය අතර ඒවායේ සජීව විකාශයන් අපගේ මුහුණු පොත හරහා ඔබට නැරඹිය හැකියි.

Day 1(Live)
https://www.facebook.com/events/233281227248311/?active_tab=discussion

Day 2 (Live)

https://www.facebook.com/events/233281227248311/?active_tab=discussion

අනෙක් වැදගත්ම කාරණය නම් ප්‍රදර්ශනය නැරඹීම සඳහා වැඩිහිටි, තරුණ, බාල මහලු සෑම වයස කොට්ඨාශයන් නියෝජනය කරමින් පිරිස් පැමිණ තිබු බව දින දෙක පුරාම ඉතා හොදින් නිරීක්ෂණය කළ හැකිවීමය.

අනෙක් අතට 2009 සිට 2017 දක්වා මෙරට සිදුවූ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ඇතුලු කොට පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ, විශේෂයන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නොදකින ජයාරූප මෙහිදී දකින්නට ලැබුණු බව බොහෝ දෙනෙකුගේ අදහස විය.

අනෙක් අතට විකල්ප වෙබ් අඩවිය දස වසරක් මෙරටේ සිංහල මාධ්‍ය භාෂිත අන්තර්ජාලය මත පදනම් පුරවැසි මාධ්‍යක් ලෙස ආන්තිකකරණයට ලක්ව ඇති සියලු ජන කොටස් වෙනුවෙන් තම හඩ අවධි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හා ඔවුන් සමඟ එකී අරගල බිම් හී එකට හිදිමින් ලද අත්දැකීම් ජයාරූප හරහා මෙම ප්‍රදර්ශනයේදී ජනගත වීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.

විශේෂයෙන් ඉහත සදහන් කළ 2009න් පසුව බොහෝ පාර්ශවයන් මගහැරීමට උත්සාහ කරන, එහෙත් ලංකාවේ සමාජය තුළ යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වාභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් සහ ගැහැනුන් තවමත් ඉල්ලා සිටින ‘යුක්තිය’ පිළිබද ප්‍රශ්නය ප්‍රදර්ශනයේදී ඉහළම තලයකට ඔසවා තැබිම නිසාම නැරඹීමට පැමිණි බොහෝ දෙනාගේ ප්‍රශංසාවට #UNFRAMED ලක්විය.

මීගමුව ප්‍රදර්ශනයෙන් පසු නැවතත් #UNFRAMED ප්‍රදර්ශනය රට පුරා විහිදී යන පරිදී ප්‍රධාන නගර කීපයක් ඉලක්ක කොට පැවැත්වීමට මේ වන විට විකල්ප වෙබ් අඩවිය සුදානම් වෙමින් සිටියි.

අවසාන වශයෙන් මිගමුව #VIKALPA10 #UNFRAMED ප්‍රදර්ශනය සාර්ථක කරගැනීමට සහය දෙමින් විශිෂ්ට කැපවීමක් කළ “ප්‍රභාතය” කලා හා මාධ්‍ය සංවිධානයට විකල්ප සිය විශේෂ ස්තූතිය මෙසේ පළ කර සිටිමු.

යුක්තිය සඳහා වන බලාපොරොත්තු සහ ඒ සඳහා වන කැපවීම වෙනුවෙන් ඔබ සැමට මීලග #UNFRAMED ප්‍රදර්ශනය සඳහා මෙසේ ඇරයුම් තබමු.

View the full Photo album here

මිගමුවේදි පැවති ප්‍රදර්ශනය සම්බන්ධ තොරතුරු සියල්ල මෙතනින් here