[Image: Vikalapa | සාමකාමීව විරෝධයට පැමිණි ස්ත්‍රීන්ට, පොලිස් ආරක්ෂාව යටතේ ‘හූ‘ කියමින්]

2013 නොවැම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ උදෑසන විකාශනය වූ ”රට යන අත” කාලීන සංවාද සාකච්ඡාවේදී එහි සභාපති හඞ්සන් සමරසිංහ විසින් කාන්තා ක‍්‍රියාකාරිනියක් හා මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් වු නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු ගේ ජීවිතයට මරණීය තර්ජනක් වන ආකාරයෙන් එල්ල කරන ලද, වෛරී ප්‍රකාශයන් හෙළා දකිමින් පසුගිය 02වන දා සවස ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට ස්ත්‍රී ව්‍යාපාරයක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් පවත්වන ලද විරෝධයට පොලීසියේ සහය ඇතිව එම ස්ථානයට පැමිණි මැරයින් පිරිසක් විසින් හු කියමින්, විවිධ අසබ්‍ය වචන කියමින් පැමිණ සිටි ස්ත්‍රීන් හිංසනයට පත් කළේ ය.

එහිදී එම මැරයින්ට සහය වෙමින් ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරි රණගල විසින් විරෝධතා කරැවන්ගේ පොස්ටර් උදුරා ඒවා ඉරමින් මැරයන්ට සහය වූ අයුරැ දැක ගත හැකි විය.(බලන්න – [Video]ස්ත්‍රීන්ගේ විරෝධයට මැරයින්ගෙන් බාධා, ජේ.පො.අ රණගල විරෝධතා පුවරැ ඉරා මැරයින්ට සහය පළ කරයි.)

කෙසේ නමුත් පොලීසිය විසින් ආරක්ෂා කළ මෙම මැරයින් ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන්ගේ කීකරැ ගෝලයන් බව විරෝධතාවයට පැමිණි පිරිසක් පැවසීය.

නමුත් ගුවන් විදුලි සංස්ථාවේ, ඊයේ උදේ 7සිට ක්‍රියාත්මක වූ හඩ්සන් සමරසිංහ මෙහෙයවන වැඩසටහනින් ඔහු පවසා සිටියේ ඒ පැමිණී අය සාමාන්‍ය මහජනයා බවත් බවත්ය.(ඒ සාමාන්‍ය මහජනයා ද නැතිනම්, වෙනත් අය ද යන්න පහත වීඩියෝවෙන් සහ ඡායාරෑප වලින් නිශ්චිතවම අවබෝධ කර ගත හැකිය) නමුත් මේ සභාපතිවරයා එසේ පවසමින් ‘හූ‘ කියූ අයගේ හඩය පටය එම වැඩසටහනින් ප්‍රචාරය කරමින් ඔහුත් ‘එසේ හූ කියමින්‘ වැඩසටහන මෙහෙය වූ යේ කිසිදු හිරිකිතයකින් තොරවය.(එයින් හැගෙන්නෙ ඒ හූවට ඔහුගේ අති සෘජු සම්බන්ධයයි)

ගුවන් විදුලි සංස්ථාවේ ඊයේ(03) විකාශය වූ එම හඩ පටය සමග ‘හූ‘ කියමින් අසභ්‍ය ලෙස බැන වැදුනු මැර මහත්වරැන්ගේ සහ නෝනාවරැන්ගේ දර්ශන සහිත ව සැකසූ වීඩියෝ සටහනක් පහතින් දැක්වෙන අතර මේ ‘හූ‘ කියනා අය කවුරැද යන්න බලා ගැනීම සදහා සතියේ දිනවල සවස 4.30ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අසලට යන ලෙස මේ පිළිබදව උනන්දු වන පාඨකයන්ට අපි දන්වා සිටිමු. (එම වීඩියෝවෙහි අතරතුර හඩ්සන් සමරසිංහ මෙහෙය වූ ගුවන් විදුලි වැඩසටහනේ හඩ පටය ද ඇතුලත් වන බැවින් ‘ජනමාධ්‍ය‘ ඉගෙන ගන්නා සිසුන් එම හඩපටය ඇසීම අනතුරැදායක ය)

තවදුරටත්, ‘හූ‘ කියූ අයගේ තවත් සමීප ඡායාරෑප පහත දක්වන අතර ඒ පිළිබද වැඩිදුර විස්තර සදහා මෙයට පිවිසෙන්න

2013 නොවැම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ උදෑසන විකාශනය වූ ”රට යන අත” කාලීන සංවාද සාකච්ඡාවේදී එහි සභාපති හඞ්සන් සමරසිංහ විසින් කාන්තා ක‍්‍රියාකාරිනියක් හා මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් වු නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු ගේ ජීවිතයට මරණීය තර්ජනක් වන ආකාරයෙන් එල්ල කරන ලද, වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය නොවැම්බර් 05වන දින, පැවැත් වූ සම්මුඛ සාකච්ඡාව පහතින් දැක්වේ.