පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙනි.

කෙසේ නමුත් පානම ජනතාව සහ සිවිල් සංවිධාන එක්වී වසර ගනනාවක් පුරා දිගින් දිගටම අරගල කිරීමේ ප්‍රථිපලයක් ලෙස, ඉඩම් අහිමි පානම ජනතාවගේ ඉඩම් අයිතිය තහවරු කරන බවටත් ඔවුන්ට එම ඉඩම් යළි ලබා දෙන බවටත් ‘යහපාලන‘ ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවකින් දැනුම් දෙන්නේ 2015 පෙබරවාරි 11 වනදාය.

නමුත් කැබිනට් පත්‍රිකාව නිකුත් කළත් ඉඩම් බලධාරියා වන ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ සෝමරත්න දිගින් දිගටම ඉඩම් යළි ලබා දීමේ කටයුතු මගහරිනු ලබන්නේ ඉතාමත් නරුම ලෙස ය.

කැබිනට් අනුමැතිය තිබියදී ඉඩම් ලබා නොදෙන්නේ කුමන හේතුවකට දැයි පානම් පත්තුව සුරැකීමේ සංවිධානය දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ප්‍රශ්ණ කළත් ඔහු කිසිදු යුක්තිසහගත පිළිතුරක් ලබා නොදෙන තත්ත්වයක් තුළ තමන්ගේ ඉඩම්වලට ඇතුලුවීමට පානම ජනතාව තීරණය කරන්නේ 2016 මාර්තු 26වන දිනය. එහිදී එම ප්‍රදේශයේ වාඩිලාගෙන සිටින ගුවන් හමුදාව ඔවුන්ට තර්ජනය කරන අතර පොලීසිය මැදිහත් වී එම සිදුවීම අධිකරණය දක්වා ගෙන යනු ලබයි.

එහි දී 2016 මාර්තු 30වන දි පොතුවිල් අධිකරණය රාජ්‍ය නිළධාරීන්ට පවසන්නේ පානම ජනයාගේ ඉඩම් අයිතිය තහවරු කරන ලෙස ය. එහි දී ඇතිවන සුවිශේෂී කාරණය වන්නේ ගුවන් හමුදාවට හෝ පොලීසියට එම ඉඩම් ඔවුන්ට අයිති බව සනාථ කිරීමට නොහැකිවීමයි. පොලීසියට, අදාල ඉඩම් ගුවන් හමුදාවට අයිති ඉඩම් යැයි නීත්‍යානුකූලව සනාථ කිරීමට නොහැකි වීමත් සලකා, අදාල ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව නීතියානුකූල මැනුම් කටයුතු සිදු කල යුතු බවටත් අධිකරණය එහිදී ප්‍රකාශ කළේය.

නමුත් අධිකරණයේ එම ප්‍රකාශයත් කිසිදු අයුරකින් සැලකිල්ලට නොගන්නා ප්‍රාදේශීය ලේකම්වරයා මැනුම් කටයුතු සිදු නොකරන ත්ත්වයක් තුළ අධිකරණයේ එම ප්‍රකාශයත්, කැබිනට් තීන්දුවත් සමග පානම ජනයා සිය ඉඩම් වල වර්තමානය වන විට පදිංචි වී සිටින අතර පසුගිය මස අවසානයේ ප්‍රාදේශීයය ලේකම්වරයා දැනුම් දෙන්නේ එළබෙන ජූනි 30ට පෙර එම ඉඩම්වලින් ඉවත්වන ලෙසයි.

එම ප්‍රකාශයට විරෝධය දක්වමින් පානම ජනයා පවසන්නේ ඔවුන් කිසිසේත් ඔවුන්ගේ භූමියෙන් ඉවත් නොවන බවත් එසේ කිසියම් හෝ ක්‍රමයකින් ඔවුන් ඉවත් කිරීමට උත්සහ කලොත් එය සිදුකල හැකි වන්නේ ඔවුන්ගේ මරණය මතින් බවත්ය.

ඒ පිළිබද ‘විකල්ප‘ වෙත අදහස් දක්වන පානම් පත්තුව සුරැකීමේ සංවිධානයේ, සභාපති සෝමසිරි පුංචිරාල,

සබැදි සටහන් – පානම ‘යහපාලනයට‘ අයත් නැතිද? ගමට ගිය ගම්මුන්ට හමුදා බලපෑම්, අධිකරණ නියෝග, | ‘යහපාලනය’ කෝ ? ‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’
පානම ඉඩම් අරගලය ජයග්‍රහණයේ මාවතට..