හසලක, කොලොන්නාගොඩ පදිංචි, 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා පසුගිය දා මහියංගනය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ, බුදු දහමට අපහාසවන පරිදි ධර්මචක්‍රයක රුවකට සමාන සංකේතයක් ඇය ඇද සිටි ගවුමේ චිත්‍රණය කොට භාවිතා කිරීම හේතුවෙන් බව පොලීසිය පවසා සිටියේය. නමුත් මේ සිදුවීමෙන් පසු දේශීය සහ ජාත්‍යන්තර වශයෙනුත් පෙන්වා දෙනු ලැබූවේ මෙය ධර්මචක්‍රයක රුවක් නොව, නැවක සුක්කානමක රුවක් බවයි. තත්ත්වය මෙසේ තිබිය දී වුවද මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා අත්අඩංගුවට ගෙන මේ වන විට බදුල්ල බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. දැන් ඇය සිටින්නේ බදුල්ල බන්ධනාගාරයේය.

කෙසේ නමුත්, ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසියට විවේචන එල්ලවන අතර, හෙට දීනයේදී බදුල්ල අධිකරණයේදී මේ පිළිබද වීමසීමට නියමිත අතර ඇයගේ ගවුමේ ඇති රූපය ධර්මචක්‍රයක් නොව නැවක සුක්කානමක් බවට දැන් සකසුදක් සේ පැහැදිලි වී ඇති අතර පොලීසිය හෙට දිනයේදී අධිකරණයට කුමක් වාර්තා කරන්නේ දැයි අප විමසිල්ලෙන් සිටිමු.

පහත පළවන්නේ එම සිදුවීම පිළිබද ඇගේ සැමියා වන එම්.එම්.මුනාෆ්  ‘විකල්ප’ වෙත දැක්වූ අදහස්ය.

‘ඇත්තටම කියනවා නම් මට ලොකු දුකක්, කළ කිරීමක් ඇති උනා’

මේ මිනිසාට සවන්දෙන්න.