iMAGE: Vikalpa

මේ වෛරය ඇති කළේ සම්පුර්ණයෙන්ම මාධ්‍ය වලින්. මේකට මුල ජනමාධ්‍ය තමයි …

මිනුවන්ගොඩ ජුම්මා මුස්ලීම් පල්ලියේදී, මා සමඟ කතා කළ එක මුස්ලිම් සහෝදරයෙක් කියාගෙන ගියේය.

පසුගිය මැයි මස 13 වන දින සිට මා මේ සටහන ලියන මොහොත වන විට මාසයක් ගත වී තිබේ. මීට මාසයකට ඉහත දී ජාතිවාදීන්ට උපේක්ෂා සහගත වන සිංහල රාජ්‍ය ආරක්ෂාව යටතේ නැවත වරක් ඇඳිරි නීතියත්, හදිසි නීතියත් එකවරම ක්‍රියාත්මක වන මොහොතක, පාස්කු ප්‍රහාරයේ ගිනී නිවා ගැනීමටත් ප්‍රථම ව්‍යාජ ජාති ආලවකයින් තම හිලෑ නොවී ගිය අමු සොහොන් බලකා වල යකුන් නැගිටුවා ගෙන ගිනි පෙළහර දක්වා මුසල්මානුවන්ගේ දේපල හා ආගමික ස්ථාන නැවත වරක් විනාශ කොට තිබුණි. එය දැන් අලුත් අත්දැකීමක් නොවේ.

වසරක් පාසා උනුන්ගේ විනෝදයට තැන් තැන් තෝරාගෙන ජාතිය ඔද වඩා ගැනීමේ සටන් පාඨ පෙරමුණේ තබාගෙන මේ උන්මත්තකයින් තම න්‍යාය පත්‍ර වලට මිනිසුන් ඈදා ගනිමින් තිබේ.සාක්ෂි ඕනෑවටත් වඩා වැඩියෙන් ඇති නිසාම ඒවාට නීතිය ක්‍රියාත්මක වන්නේම නැත. අනෙක් අතට කොතරම් සිසිටිවී දර්ශන ඇතත් ජඩ මාධ්‍ය, අනෙක් වා මෙන් එම දර්ශන වල මුණු රවුම් කොට පෙන්වන්නේ නැත.

Adobe Spark හි සම්පුර්ණ ජයාරූප සටහන කියවීමට පිවිසෙන්න