සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and reconciliation

වන්නියේ අවසාන යුද්ධය සිදු වූ ඝාතක බිමේ පන්සලක්

[Photo By – www.athirvu.com]
මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාගල් ප්‍රදේශයේ හිස් භූමියක, ජනතාවගේ එරෙහිවීම නොතකා බෞද්ධ විහාරයක් ඉදිකර ඇති අතර, අවසාන යුද්ධය සිදු වූ මෙම ප්‍රදේශයේ තවමත් ජනතාව නැවත පදිංචි කර නැති අවස්ථාවක, මෙම බෞද්ධ විහාරය යුද හමුදාව විසින් ඉදිකර ඇත.

යුද්ධය අවසන් වී අවුරුදු තුනක් ගත වී ඇතත් වට්ටුවාගල් වලට ගමන් කළ හැකි මාර්ගය විවෘත කරනු ලැබුවේ පසුගිය සතියේය. මීට පෙර මේ ප්‍රදේශයට ඇතුල් විය හැකිව තිබුණේ සංචාරයකින්ට පමණි. නමුත් මෑතකදී විවෘත කළ පාර ජනතාවට භාවිතා කළ හැක්කේ ගමනා ගමනයට පමණක් වන අතර තවමත් මෙම ප්‍රදේශයේ පදිංචිය සඳහා අවසර දී නොමැත.

වට්ටුවාගල් පාලම අසල තිබෙන ක්‍රීඩාංගනයේ මෙම බෞද්ධ විහාරය ඉදි කර ඇත. මෙම විහාරය වට්ටුවාගල් ප්‍රදේශයේ ඉදි නොකරන ලෙස මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර ඇති නමුත්, එම නියෝගයට එරෙහිව මෙම විහාරය ඉදිකර ඇතිබව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.

උපුටා ගැනීම – තිනක්කුරල් (2012 මැයි 22)