end of the War, Featured Articles, Features, Jaffna

මුල්ලිවෛකාල් ඉඩම්වලටත් හමුදාව ඉව අල්ලයි – ඒ අතර මහාපරිමාණ සමූහ මිනී වළක් ගැන සැකයක්!


අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි.

අවසාන යුද්ධය සිදුවන විට සිවිල් ජනතාව සිරවී සිටියේ මෙම ප්‍රදේශයේය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න කෙරෙන, මානව හිමිකම් කඩ වීම ආශ්‍රිත සිදු වීම් රාශියක සාක්ෂි බොහොමයක් සැඟව ඇත්තේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව බවට තොරතුරු සැලවේ. අවසන් යුද්ධය සමයේ දහස්ගණනක සිවිල් වැසියන් මෙම ප්‍රදේශයේ දී මිය ගිය බවට වාර්තා වේ.

තවද, මෙම ප්‍රදේශය ආශ්‍රිතව මහා පරිමාණ සමූහ මිනී වළක් ද ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් සැක කරති.