සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

ආදාහන කටයුතු පවා තහනම්..! තිරුමුරිගන්ඩි ජනතාව අධිකරණයේ පිහිට පතයි.


නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් වී නොමැති මුලතිව්, තිරුමුරිගන්ඩි ගම්මානයේ තමන්ට හිමි ඉඩම් වල නැවත පදිංචි වීමට අනුමැතිය ලබා දෙන ලෙසත්, හමුදා භාරයේ තිබෙන මෙම ඉඩම් තමන්ට භාර දෙන ලෙසත්, යන කාරණා මුල් කරගෙන, තිරුමුරිගන්ඩි ගම්මානයේ ජනතාව අධිකරණයට නඩුවක් ඉදිරිපත් කොට ඇති බව 2012 ජුනි 13 තිනක්කුරල් පුවත් පත වාර්තා කරයි

එහි වැඩිදුරටත් සදහන් වන්නේ, තිරුමුරිගන්ඩිහි සිවිල් වැසියන් ජීවත් වන ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස හමුදාව හඳුන්වා දී ඇති බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි. එසේම තවමත් බිම් බෝම්බ ඉවත් නොකිරීම නිසා නැවත පදිංචි කළ නොහැකි බව ද රජය මේ අතර පවසයි. රජයේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී ධරන් පවසන්නේ, පසුගිය අවුරුදු 03ක් පුරා හමුදාව විසින් තිරුමුරිගන්ඩි ගම්මානය ඇතුළු ඉඩම් අක්කර 4000ක සිංහලීයකරණයක් කරගෙන යන බවයි. මෙම භූමියට හිමිකම් කියන සියයකට අධික පවුල් වලින් පවුල් 50 ක් පමණ තවමත් අවතැන් කඳවුරු වල සිටින අතර, අනෙක් පිරිස විවිධ දුෂ්කරතා මාධ්‍යයේ ඥාතීන්ගේ පවුල් වල ජීවත් වන බව මන්ත්‍රීවරයා කියා සිටියි.

එසේම තිරුමුරිගන්ඩි ප්‍රදේශයේ තිබෙන සොහොන් භූමියද අත්පත් කරගෙන තිබෙන හමුදාව විසින් ජනතාවට ආදාහන කටයුතු කිරීම පවා තහනම් කර ඇති බව මන්ත්‍රී වරයා පවසයි. තිරුමුරිගන්ඩියේ නැවත පදිංචි කිරීමට ඉඩ සලසා දෙන ලෙස විවිධ ආයතන වලින් සහ පුද්ගලයන්ගෙන් ජනතාව ඉල්ලා ඇත. නමුත් ඔවුන්ට කිසිදු ප්‍රතිචාරයක් එම පුද්ගලයන්ගෙන් සහ ආයතන වලින් ලැබී නැති බවත්, එම නිසා ඔවුන්ට අධිකරණයට යාමට සිදු වූ බවත් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා කියා සිටියි. මෙම නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස හමුදාව විසින් ජනතාව වෙත බලකරන බවට තවදුරටත් මන්ත්‍රීවරයා පවසයි.