Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

නො නවතින වධහිංසාවන් සහ දෙමළ සිරකරුවන්


[කොළඹ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ඉල්ලා අස්කරගන්නා ලෙස එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව චෝදනා නගයි.]

A Sri Lankan Tamil woman holds a portrait of a missing relative

දෙමළ සිරකරුවන් වධහිංසාවට පත්කිරීම් ශ්‍රී ලංකාවේ බහුලව වැඩිවන බවත්, ඇතැම් රැඳවියන් දිග්ගැස්සුණු අපහරණයන්ගෙන් පීඩාවිඳ අත්අඩංගුවේදීම මිය යන බවත්, නවතම විමර්ශනයක් චෝදනා නඟයි.

මෙම කරුණු හේතුවෙන්, මේ වසර අග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මතභේදකාරී සමුළුව වර්ජනය කරන ලෙස බ්‍රිතාන්‍යය මත ඇතිවන බලපෑම, උත්සන්න වනු ඇත.

දිවයිනෙහි උතුරුකරයේ, යාපනය අර්ධද්වීපයේ පාලනය අත්පත් කර ගැනීම පි‍ණිස පැවති දශක ගණනාවක ගැටුමකින් ඉක්බිති, අවසානයේ, ශ්‍රී ලංකාවේ හමුදාව, දෙමළ ඊළාම් විමුක්ති කොටි මර්දනය කළ 2009 වසරේ සිට දස දහස් සංඛ්‍යත දෙමළ ජාතිකයන් කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා ගනු ලබමින් සිටී.

ලන්ඩනය කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය සඳහා වන ව්‍යාපාරයේ (Sri Lanka Campaign for Peace and Justice) නවතම වාර්තාවට අනුව, එතැන් සිට ආණ්ඩුව නිත‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ය වශයෙන් නීතිය ගර්භාවට පත් කරනු ලැබීමත්, පශ්චාත් ගැටුම් සංහිදියාව පිළිබඳ පොරොන්දු උල්ලංඝනයන් කරමින්, දෙමළ විමුක්ති කොටි සමග කිසිම සම්බන්ධයක් නොතිබුණු බොහෝ දෙනෙකු ඇතුළත් මෙම සිරකරුවන් ක්‍රමාණුකූලව අපහරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ ප්‍රජාව හා බහුතර සිංහල ආණ්ඩුවේ යුද සේනා අතර පැවති භූමිය මුල්කොටගත් යුද්ධය විසින් දෙපාර්ශවයේ ම ලක්ෂයකට අධික ජනතාවක් මරාදැමුණි. සටන් අතරතුරදී පැතිර පැවතුණු සැහැසිකම් කළ බවට රජයේ හමුදාවන් හා සටන්කරුවන් යන දෙ පිරිසට ම චෝදනා එල්ල වේ.

නමුත් ශ්‍රී ලංකාවේ නායකත්වයට බලපෑම් නොකළහොත්, ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වශයෙන් සහ මේ වසරේ අග ප්‍රධාන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවකට සත්කාරක භූමිකාව වීමෙන් ඇතිවන එහි පුණර්ජීවනය හරහා ශ්‍රී ලංකාව අත්පත්කරගන්නා විශ්වාසනීයත්වය මත තිරසාර සාමය සුරක්ෂිත කර ගැනීමට තිබෙන මහඟු අවස්ථාවක් නාස්තිවන්නට ඉඩ ඇතැයි මෙම ව්‍යාපාරය අනතුරු අඟවයි.

නොවැම්බරයේදී කොළඹ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන්නට රැජින සහ ඩේවිඩ් කැමරන් වෙත කෙරෙන ඉල්ලීම් ඔස්සේ රට තුළින් එල්ල කෙරෙන බලපෑම් ද වැඩිවෙමින් පවතී.

විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටි පරිදි, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවන් විසින් උත්සන්න කෙරෙන බලපෑම් තිබියදීත්, කොළඹ සමුලුවට සහභාගී නොවන බවට තවම තීරණය කර නැති බව ප්‍රකාශ කර සිටියේ ‘බ්‍රිතාන්‍ය සහභාගීත්වය ගැන කතාකරන්නට තවමත් වේලාසන වැඩි බව’ කියමිනි.


‘ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන ප්‍රති සාන්ධාන පිළිවෙත් සම්බන්ධයෙන් ද, වගවීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි පිළිවෙතක පෞද්ගලිකව මෙන්ම ‍ප්‍රසිද්ධියේත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිහිටා සිටි”
යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මාර්තු 21 වෙනිදා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාවන් පිළිබඳව දැඩි විවේචනාත්මක යෝජනාවක් සම්මත කරමින්, ස්වාධීන සහ විශ්වාසනීය පරීක්ෂණයක් යුද අපරාධ සම්බන්ධයෙන් පවත්වන මෙන් කියා සිටියේ යුද්ධයේ අවසාන මාස පහ තුළ 40,000ක් පමණ ජනයා මිය ගිය බව පෙන්වා දෙමිනි.

ශ්‍රී ලංකාවේ හා ලන්ඩනයේ පර්යේෂකයන් විසින් සම්පාදිත මෙම වාර්තාව පසුගිය ජූනි මාසයේදී වව්නියා රැඳවුම් මධ්‍යස්ථානයේ පැනනැගුණු අසහනකාරී වාතාවරණයේදී පොලිසිය රැඳවියන්ට එරෙහිව දැක්වූ කෲරතර ප්‍රතික්‍රියා ඇතුළු දිවයිනේ මානව හිමිකම් උල්ලංඝනයන් පරීක්ෂාවට ලක් කරයි.

මෙම කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් ‘‘අශික්ෂිත කොන්දේසි යටතේ හා මූලික මිනිස් අයිතිවාසිකම් වලින් තොරව‘‘ රඳවාගෙන ඇති බව වාර්තාව විසින් සොයාගනු ලැබ ඇත. 2009දී අත්අඩංගුවට ගනු ලැබ, දින තුනක් තිස්සේ සිදු කරන ලදැයි කියන කෲරතර වධ හිංසාවන් හේතුවෙන් හෘදය සහ ශ්වසන රෝගාබාධයන්ට ගොදුරු වූ, තැපැල් සේවා වෘත්තිකයකු වූ ගනේසන් නිමලරූබන්ට අත්වූ ඉරණම ගැන මෙහි එක් සිද්ධි අධ්‍යයන වාර්තාවක, සඳහන් වේ. පසුව ඔහු අත්අඩංගුවේදී ම මිය ගියේ ය.

නිමලරූබන්ගේ පවුලේ අය පවසන්නේ 28 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා, බන්ධනාගාරයේදී නිතිපතා පහරදීම් වලට ලක්වුණු බවත්, එහෙයින් නිතරම රෝහල්ගත කිරීමට අවශ්‍ය වූ බවත් එහිදී ඔහුට විලංගු ලා බිම දමා තිබූ බවත්, ආහාර හා ජලය ලබාදීමද ප්‍රතික්ෂේප කළ බවත් එසේම ඔහුට ඩෙංගු උණ වැළදී තිබූ බවත් ය.

ඔහුගේ මව, රාජේෂ්වරී, ස්ථිරකර සිටින්නේ, තම පුතා මියගියේ, පොලීසිය විසින් මෙසේ වසන්කිරීමට තැත් කරන, නො නවත්වා සිදු කළ කෲරකම් නිසා බව යි. නිමලරූබන්ට යුක්තිය ඉටුකරලීමේ නීතිමය සටන විසින් දිළිඳු භාවයට ඇද වැටී ඇති සිය පවුල තර්ජනයටද පාත්‍රව ඇති බව ඇය පවසයි.

තවත් සිද්ධි අධ්‍යනයක් පෙන්වා දෙන්නේනේ 2007දී අත්අඩංගුවට පත් වූ එම්. එම්. යන අන්වර්ථ නමින් හඳුන්වා ඇති, කලාකරුවකුගේ ඛේදනීය අත්දැකීමයි. කුඩා කල සිටම පෝලියෝ රෝගයෙන් පීඩා විඳි ඔහුට දින ගණනාවක වධ හිංසාවන්ගෙන් පසු, තමන් දෙමළ විමුක්ති කොටි සටන්කරුවන්ට උදව් ක‍ළ බව ප්‍රකාශ කෙරෙන සාවද්‍ය පාපොච්චාරණයකට අත්සන් කරවාගන්නට බලහත්කාරයෙන් ක්‍රියා කළ බව, 28 හැවිරිදි මොහු චෝදනා කරයි.

තමා දින තුනක් පුරා සිහිසුන්භාවයට ඇද හෙළමින් සිය පා ඇගිලිවල නිය උගුල්ලා, අනතුරුව විද්‍යුත් කම්පනයට පාත්‍ර කළ ඔහු කියයි. වැරදිකරුකු වූ ඔහු මේ වන විට උතුරේ සිය නිවසින් බොහෝ ඈත, මධ්‍යම ප‍ළාතේ මහනුවර පිහිටි බෝගම්බර සිර ගෙදරට යවනු ලැබ ඇත. ඔහුට, තම බිරිඳ හා තමන් අත්අඩංගුවට පත්වී මාස කිහිපයකට පසු ඉපදුණ ඔවුන්ගේ පුතා සමග සම්බන්ධකම් පැවැත්වනු ලැබීමට අවසර ලබා දී නැති තරම් ය.

ස්වේච්ඡාවෙන් සිදුවන්නේ යැයි නිල වශයෙන් ශ්‍රේණිගත කෙරුණත්, ප්‍රචණ්ඩත්වයෙන් හානියටත් පත් හිටපු දෙමළ විමුක්ති කොටි සෙබළුන් උදෙසා වන ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩසටහනක් ද, නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම් දිග්ගස්සන්නට භාවිතයට ගැනෙන මෙලවමක් ලෙස වාර්තාව මගින් විවේචනයට ලක් කෙරේ.

අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණයන් ද ඇතුළුව දෙමළ සිරකරුවන්ට කරනු ලබන සැළකිල්ල, රටේ මෑතකාලීන ගැටුම අතීතයට පවරා දී ඇති බව ඇදහීමට කැමති බාහිර ලෝකයේ අවධානයට බොහෝ දුරට පාත්‍ර නොවන බව, ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය සඳහා වන ව්‍යාපාරයේ වාර්තාව කියයි.

‍ශ්‍රී ලංකාවේ සාමය සහ යුක්තිය සඳහා වන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ෆ්‍රෙඩ් කාවර් පැවසූයේ : ‘යුද්ධය අතරතුරදී දෙපාර්ශවය විසින් ම මහා පරිමාණයෙන් සිදුකරනු ලැබූ ක්‍රෑරකම් හා යුද අපරාධ පමණක් නොව වධහිංසාවන්, අත්තනෝමතික හිරගත කිරීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනයන් ශ්‍රී ලංකාව තුළ තවමත් අඛන්ඩව මහා පරිමාණයෙන් සිදුවන බව පෙන්වීමට මෙම වාර්ථාව ඉතාම වැදගත් සිහි කැඳවීමක් සිදුකරන’ බවයි.

“විදේශයන්ගෙන් පිටුවහල් කරනු ලබන්නන් ශ්‍රී ලංකා රජය විසින් කරදරකාරයන් සේ සළකා වධ බන්ධනයන්ටත්, දූෂණයන්, රඳවා තබාගැනීම් හා ඝාතනයන්ටත් පාත්‍ර කිරීමේ අවදානමට මුහුණ දෙනු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත්, දෙමළ ජාතික දේශපාලන රැකවරණ පතන්නන් අඛණ්ඩවම පෙරළා යැවීමට කටයුතු කරන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ උත්සාහයන්ගේ පසුබිම තුළ මෙම වාර්තාව අතිශයින් වැදගත් එකක්.”

‘පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව කොළඹ පැවැතුණහොත් තමන් ඊට සහභාගී නොවන බව නිවේදනය කරමින් ඩේවිඩ් කැමරන් සිය නායකත්වය පෙන්විය යුතුයි.’

මේ මොහොතේ දිවයින, එහි සංචාරක කර්මාන්තයේ පුනර්යෞවනය ආශ්වාදනය කරමින් සිටී. “ලෝන්ලි ප්ලැනට්” සංචාරක මාර්ගෝපදේශකය, ඉතාම මෑතකදී, 2013 වසරේ සිය අග්‍ර සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කළාය.

මාක් ටවුන්සෙන්ඩ් සහ හුසේන් කෙස්වානි
| Mark Townsend and Hussein Kesvani
_________________________________________________________________________________________

The Guardian පුවත්පතේ Sri Lanka accused of ongoing torture and abuse of Tamil prisoners මැයෙන් පළවූ ලිපියේ සිංහලානුවාදයකි.

@Image Credit: A Sri Lankan Tamil woman holds a portrait of a missing relative at a protest outside the United Nations office in Colombo. Photograph: Ishara Kodikara/AFP/Getty Images