Democracy, Features, Governance, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්

Selvam Adaikkalanathan
Selvam Adaikkalanathan

දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි.

මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන් වුනු මුස්ලිම් සහ දෙමළ ජනතාව බොහෝ පිරිසක් නැවත ඔවුන්ගේම ඉඩම්වල පදිංචි කර නැහැ. විශේෂයෙන් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ එසේ අවතැන් වුනු ජනයා සැවත පදිංචිකර නැහැ. අවතැන් වී සිටි ජනයාගේ ඉඩම් හමුදාව අත්පත් කරගෙන තිබෙන අතර, එම ප‍්‍රදේශ අධිආරක්ෂක කලාප ලෙෂ නම් කරගෙන ඇත. මේ නිසා මන්නාරම් දිස්ත‍්‍රික්කයේ දෙමළ සහ මුස්ලිම් ජනයාට තවමත් සරණාගතයන් ලෙස ජීවත්වීමට සිදුවී තිබෙනවා.

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පාරම්පාරික ජනයා නිසි ලෙස පදිංචි නොකර එහි දකුණෙන් ගෙනෙන සිංහල පවුල් පදිංචි කිරීමට මේ වන විට ආණ්ඩුව උත්සහ දරමින් සිටී. එම ක‍්‍රියාව සදහා අමාත්‍යවරයෙක් සෘජුවම සහය දෙන බවටත්, විශේෂයෙන් මන්දායි බටහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාහයේ සිංහල පවුල් 1500ක්, මඩු ප‍්‍රදේශයේ සිංහල පවුල් 1000ක්, මුසලි කොට්ඨාශයේ සිංහල පවුල් 1500ක්, මේ වෙනකොට පදිංචිකිරීමට සැළසුම් කර අවසන් බව අපට ආරංචි වෙලා තිබෙනවා.

ආණ්ඩුවේ මේ සැළැස්ම අනුව මුස්ලිම් ගම්මාන දෙකක් අතර සිංහල ගම්මානයක් හා දෙමළ ගම්මානයක් හා දෙමළ ගම්මාන දෙකක් අතර සිංහල ගම්මානයක් ඇති කිරීමත් මෙම සැළැස්මේ ම කොටසක්.

කෙසේ නමුත් මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබදව දැඩි විරෝධයන් මතු වන අතර, පසුගියදා යාපනය නල්ලූර් ප‍්‍රාදේශීය සභාවේ දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඉඩම් මෙළෙස අත්පත් කර ගැනීමට විරුද්ධව යෝජනාවක් ද සම්මතකර තිබූ බව වාර්තා විය. එම ප‍්‍රාදේශීය සභාවේ සභාපති, පී. වසන්තකුමාර් ගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ එම යෝජනාවට ඒ. රවීන්ද්‍රදාස්(EPDP) මංත‍්‍රිවරයාද පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරමින්, තමන් ද මෙළෙස ආණ්ඩුව ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහි වන බව පවසා තිබීම ද විශේෂත්වයකි.