යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි

1

2-1

උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග කරන, පිළිවෙලින් කනගසුන්දරම් දේවරජීව්(NIC: 842791090V) සහ ස්වාමිනාධන් ප්‍රගලාදන්(NIC: 841541448V) යන අයට අද(19) අලුයම 01.30ට පමණ කිසියම් මැර පිරිසක් විසින් පහර දී තිබේ. මෙම පහර දීම සිදු කර ඇත්තේ කයිට්ස් මාර්ගයේ, පණ්නෙයි පාලමේ, මන්ඩතිව් නාවික හමුදා කදවුර අසලදී බව එම පහරකෑමට ලක්වූ ස්වාධීන කණ්ඩායම් 07, ඡන්ද අපේක්ෂක, කනගසුන්දරම් දේවරජීව් මහතා පැවසීය. එම පහරදීමට පැමිණි පිරිස විසින් ඔවුන් ගමන් කරමින් සිටි NP, AAA 9316 දරණ ත්‍රීවිල් රථයට පහර දී ගිණි තබා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් කනගසුන්දරම් දේවරජීව් මහතාගෙන් වැඩිදුරටත් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ,

‘‘මන්කුම්බාන් ප්‍රදේශයේ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු නිමකරමින් යාපනයට දෙසට ආපසු පැමිණෙමින් සිටියදී මන්ඩතිව් හමුදා කදවුර පසුකර යන විට අප ගමන් කළ ත්‍රී රෝද රථයේ පසුපස කණ්නාඩියට නාදුනන පිරිසක් පහර දුන්නා. පසුව ඉදිරිපසින් පැමිණ ගල් සහ පොලුවලින් ඉදිරිපස කණ්නාඩියටත් ඔවුන් පහර දුන්නා. ඒ පහර දීමට යතුරැ පැදි 3කින් පුද්ගයින් 7දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ සිටියා. ත්‍රීරෝද රථය තුළ සිටි ස්වාමිනාධන් ප්‍රගලාදන් ට ඇදලා ඇරගෙන පහරදෙනකොට, මම බැහැලා දුවන්න උත්සහ කරා. ඒත් මම එතැනම ඇද වැටුනා. එතකොට ගහන්න ආපු අය, මගේ කකුලෙන් අල්ලා අදිනකොට ත්‍රීවිල් එකේ කඩපු වීදූරැ කටුවල මගේ අත කැපිලා තිබුණා. ඒ ගොල්ලන්ගෙන් බේරිලා මන්ඩතිව් හමුදා කදවුර අසල දුවනකොට ත්‍රීවිල් එක ගිණි ගන්නවා අපි දැක්කා. එයාල තමයි ත්‍රීවිල් එකට ගිනි තිබ්බෙ. පස්සේ පාන්දර මම හොස්පිටල් එකට ඇතුලු උනා. මගේ අතේ තුවාලෙට මැහුම් දෙකක් දාලා තිබෙනවා. ඉන් පස්සේ අපි යාපනයේ පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණීල්ලක් කරලා තිබෙනවා. ඒ වගේම යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් අට්පුදන් මහතාට ද ලිඛ්තව පැමිණිල්ලක්ද කර තිබෙනවා.‘‘

පහත දැක්වෙන්නේ පහරකෑමට ලක් වූ කනගසුන්දරම් දේවරජීව් මහතා යාපනය රෝහලේදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව..

DSC_0319 590

විකල්ප වෙබ් අඩවිය යාපනයේ සිට

More Post පිවිසෙන්න