Image Credit: ceylontoday

සිය නිදහසේ සිට වසර 66 ක් ආපස්සට සිතන රටක් වශයෙන්, ශ‍්‍රී ලංකාව නිදහසේ කිසිදු අභිලාෂයක් ළඟා කර ගැනීමට අසමත් වූ ජාතියක් ලෙසට එක`ගතාවයක් තිබේ. මෙහිදී කාටත් පෙනී යන බිහිසුණු දෙය වන්නේ රටේ සිදුවන ඉතා විශාල සංඛ්‍යාවක් වූ අපරාධයන් ය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට ජනතාව ජීවත් වන්නේ භීතියෙනි. රාජ්‍යය විසින් තමන් ව ආරක්ෂා කරතියි යන හැඟීමෙන් තොරවය. රට ආරක්ෂිත තැනක් බවට පත් කිරීමට සහාය වනු ඇතැයි යෝජිත සියලූ ආයතන අකි‍්‍රය බවට පත්වී තිබේ.

හිටපු AFP වාර්තාකාරිනී මෙල් ගුණසේකර ව බිහිසුණු ලෙස ඝාතනය කිරීම සිදුවුණේ නිදහස් දින සැමරුම්වලට දින දෙකකට පෙර ය. වාර්තාවන්ට අනුව ඇය සිය නිවසේ ඉරිදා උදෑසන හුදෙකලා ව සිටින අතර මරා දමනු ලැබීය. මෙවැනි අපරාධ නිතරම රට පුරා වාර්තා වේ. සිය සතුරන් ව ඉවරයක් කර දැමීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට පාවිච්චි කළ හැකි, වැඩි දියුණු කළ නිපුණතාවන්ගෙන් යුත් ඝාතකයන් රටේ බොහෝ ය. එවැනි ඝාතකයන් ‘යුද්ධයේ’ ත්‍යාගයකි. එවැනි විදග්ධ ඝාතකයෙක් ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුගේ ගෙයි දොරකඩ සිටින්නට පුළුවන.

මෙවැනි ඝාතනවලින් ආණ්ඩුව වික්ෂිප්ත භාවයට පත්වන්නේ අවම ලෙස ය. තවද ඒවා විමර්ශනය කිරීමට හෝ අභිචෝදනයට ලක් කරන්නේ ද ඉතා මද වශයෙනි. නරකම දෙය වන්නේ, නිතරම මෙවැනි අපරාධයක් සිදුවන විට, හරි හෝ වැරදි හෝ වේවා මහජනයාගේ හැගීම වන්නේ එම ඝාතන පිටුපස සිටින්නේ ද ආණ්ඩුවම බව ය. ඝාතන හෝ වෙනත් බරපතළ අපරාධ නැවැත්වීම ආණ්ඩුවේ බරපතළ අරමුණක් බව පෙනෙන්නට නැත.

රටේ තත්වාකාර(ඞී ෆැක්ටෝ) අගවිනිසුරු වන මොහාන් පීරිස් පසුගිය සතිවල වාර්තා පොත්වලට එක්වූයේ නීතියේ ආධිපත්‍යය කියා දෙයක් ලෝකයේ කොහේවත් භාවිතා නොවන බව පවසමිනි. මෙය පෙනී යන්නේ වචනයක් වරද්දා ගැනීමක් ලෙස නොව නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටලූව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමස්ත ප‍්‍රවේශය ලෙස ය. මේ ආකාරයටම ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරීමත් ඒ සඳහා මොහාන් පීරිස් පත් කිරීමත් නීතිය විවෘත ලෙසම විහිළුවක් බවට පත් කිරීමකි.

ප‍්‍රශ්නයේ හරය වන්නේ ආණ්ඩුවේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල භාවය හෝ නීති විරෝධී භාවය වැදගත් ගැටලූ නොවීමයි. තමන්ගේ කි‍්‍රයාවන් නීතිමය වශයෙන් සාධාරණීකරණය කළ හැකිදැයි කිසිදු වග විබාගයකින් තොරව ආණ්ඩුව තමන්ට උවමනා ඕනෑම දෙයක් කරයි. එපමණක් නොව, ආණ්ඩුවේ කි‍්‍රයාවන් විවේචනය කිරීම සඳහා පුරවැසියෙකු ට ඉඩක් තිබෙන්නේ ද ඉතා මද වශයෙනි.

18 වන සංශෝධනය ගෙන ඒම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය පැහැදිලි ලෙසම ඉවත්කිරීමේ අහිතකර බලපෑම පිළිබඳ බෙහෙවින් කතා කර තිබෙන හෙයින් මෙහිදී එය නැවත වරක් විස්තර කිරීම අවශ්‍ය නොවේ. එම වෙනසේ ප‍්‍රතිඵලය වූයේ රටේ සියලූ මහජන ආයතන අකර්මණ්‍ය කිරීමයි. මහජන ආයතන අකර්මණ්‍ය වන විට, රටේ පුරවැසියන් අපරාධවලින් ආරක්ෂා කර ගැනීම ඇතුළු ආණ්ඩුවක මහජන කි‍්‍රයාවන් සිදුකිරීම සඳහා වලංගු මෙවලම් නොමැති වේ.

කාලයෙන් කාලයට ඇතිකරන ඡුන්ද කලබල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් නොවේ. එවැනි මැතිවරණ කාලවලදී ජනතාව තේරුමක් නැතිව ඒවායේ පේ‍්‍රක්ෂකයන් බවට පත්වීම පිළිබඳ ජනතාව අතර තිබෙන්නේ කුඩා ප‍්‍රතිරෝධයක් පමණක් වීම අවසානාවකි.

කෙටියෙන් කියන්නේ නම්, නිදහස් දිනය වනාහී අභිමානයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව සමරන දිනයකට වඩා ජනතාවට තමන්ගේ බිය සහ අසරණ බව සිහිපත් කර දෙන දිනයක් බවට හැරී තිබේ.

##
*ආසියානු මානව හිමිකම් කොමිසම : ආසියානු කලාපයේ මානව හිමිකම් අධීක්ෂණයේ යෙදී සිටින කලාපීය රාජ්‍ය නොවන සංවිධානයක් වන ආසියානු මානව හිමිකම් කොමිසම, හිමිකම් කඩවීම් ලේඛනගත කිරීම සහ එකී අයිතිවාසිකම් සුරක්ෂණය හා ප‍්‍රවර්ධන කිරීම සඳහා යුක්තිය හා ආයතනයික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශනය සිදුකරයි. හොංකොං හි සිට කි‍්‍රයාත්මක වන මෙම සංවිධානය 1984 වසරේ පිහිටුවා ගැනිණි.

– AHRC- | LNW