Image Credit: lankaposter
![මියගිය ළහිරැ සදරැවන් විජේරත්න](https://www.vikalpa.org/wp-content/uploads/2014/02/SandaruwanRathnayake.jpg)
රාජපක්ෂ ආණ්ඩුව විසින් විශ්වවිද්‍යාලවලට නවකයින් ලෙස ඇතුල්වන සිසුන් සඳහා ලබාදෙන ‘බලහත්කාරී හමුදා පුහුණුව‘ අතරතුර තවත් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්වූවේ පසුගිය පෙබරවාරි 01දා අලුයම 01.00ට ආසන්න වේලාවක දී ය(රෝහල් ආරංචිමාර්ග අනුව). නමුත් මේ සිදුවීම පිළිබදච වාර්තා වන්නේ දින දෙකකටත් වඩා ගතවීමෙන් පසුවය. ඒ තරමටම ඒ සිසුවාගේ මිය යාම පිළිබදව රාජපක්ෂ ආණ්ඩුවට සැගවීමට යමක් තිබී ඇත. කෙසේ නමුත් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නොච්චියාගම විද්‍යාර්ශී විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා, යාපනය විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිටි, මහනුවර, ගන්නෝරුව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි ළහිරු සඳරුවන් විජේරත්න නැමැති ශිෂ්‍යයා ය.
මේ පිළිබදව හමුදාව විසින් එක් නිවේදනයක් නිකුත් කරමින් එම මරණයට හේතුව සිසුවාගේ රෝගී තත්ත්වයක් නිසා බව පවසමින් එම මරණයත් සිසුවා මත පැටවීමේ සිය මුග්ධ පුරැද්ද නැවත වරක් පෙන්වමින් තිබෙන අතරතුර ඒ පිළිබදව සාකච්ඡාවක් කැදවමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරැ, සංජීව බණ්ඩාර පවසන්නේ, හමුදා කදවුර තුළ මෙම ශිෂ්‍යාට බලහත්කාරයෙන් ව්‍යායාම සිදුකිරීමට කල ‘බලහත්කාරය‘ හේතුවෙන් මොහු ආසාධ්‍ය වූ බවයි. සංජීව බණ්ඩාර ඒ පිළිබදව දැක්වූ අදහස් පහත හඩපටය තුළින්(මිනිත්තු 08)
කෙසේ නමුත් ආණ්ඩුව විසින් මෙම සිසුන් මත බලෙන් පටවා ඇති නායකත්ව පුහුණුව නමින් පවත්වාගෙන යන මෙම ‘බලහත්කාරී හමුදා පුහුණු‘‘ නිසා ඝාතනය වූ දෙවන ශිෂ්‍යයා ළහිරු සඳරුවන් විජේරත්න වන අතර, වැලිමඩ නිෂාණි මධුෂාණී ශිෂ්‍යාවද, දියතලාව හමුදා කදවුරේ පුහුණු වෙමින් සිටි අතරතුර රෝගී වීමෙන් අනතුරැව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ පසු පසුගිය වසරේදී මිය ගියාය. සිසුන්ට අමතරව, විදුහල්පතිවරැන්ටත් ලබාදෙන මෙම හමුදා පුහුණුව නිසා, රන්ටැඹේ හමුදා කදවුරේ දී පුහුණු වෙමින් සිටි, සීදූව පඤ්ඤානන්ද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව් ඒ. එස්. වික්‍රමසිංහ මහතාද මරණයට පත් විය. තවත් විශාල පිරිසක් මේ වන විට මෙම හමුදා පුහුණුව නිසා අබාදිත තත්ත්වයන්ට ගොදුරැ වූ අතර මෙය සමාජය, ලෝකය හමුවේ නිරාවරනය වීම වැළැක්වීට ආණ්ඩුව සියලු උත්සහයන් දරමින් සිටින්නේ, ඇතැම් ආබාධයට ලක්ව ඇති සිසුන්ට තර්ජනය කිරීමෙන් බව මේ වන විට වාර්තා වෙයි.