පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා ඇතිවූ ප්‍රචණ්ඩත්වය නිසා එම ප්‍රදේශයට ඇදිරිනීතිය පනවා තිබියදී දේපල විනාශ කිරීමටත්, මිනිසුන්ට වෙඩි තබා ඝාතනය කිරීමටත් මැරයින්ට පුලුවන්කමක් ලැබුනේ කෙසේ දැයි ද, පොලීසිය ඇතුලු ආරක්ෂක හමුදා බට පිරිස් සිටියදී එවැන්නක් සිදු කලේ කෙසේ දැයි ද දැන් වන විට ප්‍රශ්න මතුවෙමින් තිබේ. ආරක්ෂක අංශ බලා සිටියදී මැරයින් තමන්ගේ දේපල විනාශ කරමින් පහර දුන් බව ප්‍රදේශයේ ඇතැම් ජනයා පවසයි. එසේම ශ්‍රි ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරන්නේද පොලීසිය තම රාජකාරිය හරිහැටි ඉටු නොකර සිටි බවයි.

කෙසේ නමුත්, රතුපස්වල දී ආරක්ෂක හමුදාවන් පොලු මුගුරැ රැගෙන උද්ඝෝෂකයන්ට පහරදෙන දර්ශණ මාධ්‍ය තුළ පළවිය. හලාවත දී ආරක්ෂ අංශ විසින් ඇන්ටනී ප්‍රනාන්දු ධිවරයාට වෙඩි තැබූ බව එය ඇසින් දුටුවන් පැවසීය.(බලන්න වීඩියෝව) ඒ උදාහරණ දෙකක් පමණි. තව බොහෝ උදාහරණ තිබේ. නමුත් ඒ පහරදීම්, ඝාතනය කිරීමි සිදුකල කිසිදු වරදකරැවෙකුට අද වනවිටත් දඩුවම් කිරීමට ලංකාවේ නීතියටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටත් නොහැකි වී තිබේ. අඩුම තරමේ ඒ පිළිබදව සිදුකලා යැයි කියන පරීක්ෂණ වාර්තාවන් වත් සමාජය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි වි තිබේ. (ඉන් එක් වාර්තාවක් නම් වෙළද කලාපයේ රොෂේන් චානක ඝාතනය කිරීම සම්බන්ධයෙන් පත්කළ මහානාම තිලකරත්න කමිටු වාර්තාවයි)

එම තත්ත්වය තුළ වහා විනාශයක් සිදුවන තෙක් ආරක්ෂක අංශ බලා සිටියා යැයි දැන් වන විට තැනින් තැන මතුවෙමින් තිබෙන කතාබහ අතරතුරදී අලුත්ගම විනාශය පිළිසකර කිරීමට ආරක්ෂක අංශ යොදවා ඇත. මේ පහත ඡායාරෑප වලින් දැක්වෙන්නේ ආරක්ෂක හමුදා විසින් විනාශය පිළිසකර කරන අයුරැයි.

දැන් ලංකාවේ සිදුවීම් සිදුවන්නේ මෙළෙසය. එැබැවින් මිනිසුන් අවදිවිය විය යුතුය.

44444

33333

11111

5555

@Watchdog