Image Credit: Meepura

අතුරැදහන්වූවන් වෙනුවෙන් වූ ජාතික දිනය හෙට(27) ට මෙවරත් සීදූව, රද්දොලුවේදී පැවැත්වීමට අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව විසින් කටයුතු යොදා ඇත. හෙට එම වැඩසටහන පැවැත්වීමට තිබියදී අද අලුයම කිසියම් පිරිසක් විසින් එම වැඩසටහන සංවිධානය කරන ක්‍රියාකාරීන්ගේ ඡායාරෑප සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ඡායාරෑප ද ඇතුලත් කර මඩ පෝස්ටර් ව්‍යාපාරයක් මීගමුව අවට ප්‍රදේශවල අලවා ඇතැයි මීපුර වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙවැනි වැඩසටහන්වලට මෙවන් නරැමයින් බාධා කරමින් අසත්‍ය ප්‍රචාර විසුරැවා හරිමින් හැසිරැනු ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

කිසිදු චෝදනාවක් නොමැතිව දින 200කට වැඩි කාලයක් රදවාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණි ජෙයකුමාරි(බාලේන්ද්‍රන් ජෙයකුමාරි) නිදහස් කරන්නැයි විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි වව්නියාව ප්‍රජා නායකයෙක් වන තේවරාජාට පසුගිය ඔක්තෝබර් 08 වනදා සවස කිසියම් පිරිසක් විසින් පහර දී එම විරෝධතාවය කඩාකප්පල් කිරීමට උත්සහ ගත්තේ ය. එමෙන්ම පසුගිය සැප්තැම්බර් 29දා, ජෙයකුමාර නිදහස් කරන්නැයි ඉල්ලා කොළඹදී පැවති විරෝධතාවයකට මෙවැනිම අයුරින් එම විරෝධයට, එරෙහි විරෝධතාවයක් එම ස්ථානයේම පැවත්වීය. ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි පැවසෙන පිරිසක් විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයට ද මෙවැනිම ආකාරයට සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ඡායාරෑප යොදාගෙන මඩ ප්‍රචාරයන් දියත් කළේ ය.(බලන්න, ජෙයකුමාරි නිදහස්කර ගැනීමේ විරෝධතාවයට එරෙහි වූ ‘කුලී විරෝධතාකරැවන්ගේ‘ ඡායාරෑප මෙන්න)

එසේම අගෝස්තු 4වනදා, කොළඹ සාමාජ හා සාමයික කේන්ද්‍රයට බලෙන් කඩා වැදුනු චීවරධාරීන් සහ මැරයින් පිරිසක් එහි පැවැත්වෙමින් තිබූ අතුරැදහන්වූවන් පිළිබද සම්මන්ත්‍රණය කඩාකප්පල් කලේය.(බලන්න, [Video] ‘එල්ලා මරන්න ඕන‘ මැරනමගේ මැරබණ | සියලු බෞද්ධයෝ බලත්වා!) තවද පසුගිය දිනවල ජනමාධ්‍ය ට අදාල පුහුණු වැඩමුලුවලට ද බාධා එල්ල වුයේ මෙවැනිම ආකාරයටය.(බලන්න, මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි)

මේ පසුගිය දිනවලදී සිදු වූ සිදුවීම් කිහිපයක් පමණි. නමුත් මෙහි විශේෂය වන්නේ මේ සියලු දේ සිදුවූයේ පොලීසිය බලා සිටියදී ය. නැතිනම් අාරක්ෂක අංශ දැනුවත්වය.

නමුත් මේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

දැන් මීගමුවේ අලවා ඇති මෙම මඩ පෝස්ටරය පොලීසියට නොපෙනී ඇලවිය හැකි වන්නේ නැත. අනෙක මෙසේ ‘වර්ණ‘ පෝස්ටරයක් නිර්මානය කරමින් එය මුද්‍රණයකර මෙසේ ඇලවීමට කිසියම් වෙනත් බලවේගයක සම්පූර්ණ සහයෝගය තිබිය යුතුය.

ලංකාව තුල එවැනි දේ සිදුකිරීමට හැක්කේ පාලකයන්ගේ නොමසුරැ ආශීර්වාදයෙන් බව පසුගිය කාලයේ සිදු වූ මෙවැනි ආකාරයේ සිදුවීම් දෙස පියවි සිහියෙන් බලන ඕනෑම අයෙකුට වැටහෙන සරල කාරණයකි.

පාලකයින්ගේ ආශිර්වාදය නිසාම මෙවැනි නරැමයින් කිසිදු බියක්, සැකක් නැතිව මෙවන් නරැම වැඩ කරමින් රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ හුරතල් වනු ඇත. නමුත් මෙවැනි දේ තුලින් සිදුවන්නේ තව තවත් ලංකාවේ වත්මන් පාලකයන්ගේ ‘ම්ලේච්ඡ දේශපාලන හෙලුව’ ලෝකය ඉදිරියේ නිරාවරණය වීමය.

නමුත් ප්‍රශ්ණය වන්නේ ‘තමන් හෙලුවෙන්‘ බවවත්, වත්මන් පාලකයන් සහ ඔවුන්ගේ කුළිකරැවන් දන්නේ නැති වීමය.