ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු නොවී සිටීමේ වරප්‍රසාදය(?) ඇත්තේ ජනාධිපතිවරයාට පමණකි.(එබැවින් ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ඔහු පමණක් සිටින්නේ නීතියට යටත්ව ද, නැතිව ද යන්න සිතීම පාඨකයා සතුය)

එහෙත් විවිධ අපරාධවලට වගකිවයුතු විශාල පිරිසක් කිසිදු අධිකරණයක් ඉදිරියේ චෝදනා නොලබා නිදැල්ලේ පසුවීම ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති අයුරු, පසුගිය කාලය පුරාම අපි දුටුවෙමු.

පසුගිය දස වසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදු කෙරැණු අපරාධ ඒ අතරින් ප්‍රධාන ය.

මේ කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම් හා වධහිංසා කිරීම්, තර්ජනය කිරීම්, ජනමාධ්‍ය අයතනවලට පහරදීම් හා ගිනිතැබීම් විශාල ප්‍රමාණයක් සිදු වූ අතර, ඒ කිසිවක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත්ව නැත.

මේ තත්ත්වය විසින් යළි යළිත් සනාථ කෙරෙන්නේ එකී සිදුවීම්වලට ආණ්ඩුව සම්බන්ධ බවට එල්ල වන චෝදනාවයි.

ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකෙරුණු, මෙතෙක් යුක්තිය ඉටු නොවූ සිදුවීම් රාශියක් අතුරින් සිදුවීම්10ක් පිළිබදව නව මාධ්‍ය ඔස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. ඒ ඊයේ( නොවැම්බර් 23)ට යෙදී තිබෙන “වරදට දඩුවම් නොලබා සිටීමේ තත්ත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය“ නිමිත්තෙනි.

පහත සටන්පාඨ ප්‍රචලිත කිරීමෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට දායක වන මෙන් යුක්තිගරුක සමාජයක් අපේක්ෂා කරන සියලු දෙනාගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

Lasantha_sin

Nimalarajan_sin

Poddala_SIn

Prageeth_ Sinhala

Rahamathulla_sin

Sirasa_sinhala

Sivamaharaja_EN _SIn_EN

Sivaram_Sinhala

Sugeedarajan_Sin

Uthayan_Sinhala