සෞදි අරාබියේ වනචාරී නීතියක් උපයෝගී කරගනිමින් ගල් ගසා මරා දැමීමට නියමිත ලංකාවේ කාන්තාව වහාම නිදහස් කළ යුතු යැයි ද සහ විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙනුත් ප්‍ර‍භල මැදිහත්වීමක් ලංකා ආණ්ඩුව සිදු කල යුතුයැයි බල කරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද(07) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී ආරම්භ විය.

එම පෙත්සමට අත්සන් ගැනීම අද සවස 4ට අවසන් වන විට අත්සන් 1500කට ආසන්න ප්‍ර‍මාණයක් ලැබී තිබූ අතර එහි දෙවන දිනය හෙට ක්‍රියාත්මක වන බව ද එහි සංවිධායකයින් පවසයි. ‘ඇය නිදහස් කර ගැනීම සදහා එක්සත් ජාතීන් වහාම මැදිහත් විය යුතුයි‘ යනුවෙන් පසුගිය 3වනදා මෙම කණ්ඩායම විසින් ම එක්සත් ජාතීන්ගේ කොළඹ මූළස්ථානය ඉදිරිට ට රැස්ව විරෝධතාවයක නියැලුනු අතර අදින් ඇරඹී මෙම මහජන පෙත්සම් ව්‍යාපාරය ලංකාවේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරිමටද සැළසුම් කර තිබෙන බව එහි සංවිධායකයින් වැඩිදුරටත් පවසයි.

(මෙම අත්සන් ව්‍යාපාරය හෙට(8) දින ද බත්තරමුල්ලේ, කොස්වත්ත, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියේදී පැවැත්වෙන අතර වනචාරී නීතියට විරුද්ධ සියලු පුරවැසියන්ට එම වැඩසටහන හා සම්බන්ධ වීමට ආරාධනා කරයි)

පහත දැක්වෙන්නේ අද පැවති අත්සන් ව්‍යාපාරයේ අවස්ථා ඇතුලත් ඡායාරෑප සටහනයි.

Image by @Vikalpa

2000_s

2000IMAG2329

IMAG2262

IMAG2276

IMAG2282

IMAG2289

IMAG2296

IMAG2304

IMAG2307

IMAG2310

IMAG2313

IMAG2317