iMAGE BY: LANKANEWSWEB

සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “ ය. කොටින්ම ඇඟට ගැම්මක් එන වැඩය. අවුරුදු 30 ක් ජීවිතවලින් වන්දි ගෙවමින් ලේ හැලූ දින චරියාව නැති කළ ඇතැමුන්ට “ආතල්” එකක් නැත. ඒ අනුව දැන් ඔවුන්ගේ ආතල් කඩා ගත නොහැකි තැන අනෙකාගේ වීදුරු ජනෙල් කුඩු කරති. කඩ පුළුස්සා අළු කරති. මනෝ විද්‍යාවේ එන “Superiority Complex” එක “හෙළ බුදු” යයි කියාගන්නා ශරීර වලට දැන් හොඳටම කා වැදී ඇත.

එක දර්ගාවට අපි අම්බානක නෙළුවෙමු. “Proud to be a Sinhalese”. දෙක ගිංතොට ට දකුණේ කොල්ලන්ගේ ගැම්ම පෙන්නුවෙමු. “ It is called Sinhalese Bro Fit”. තුන අම්පාර නම් මොන කජ්ජක්ද? ලිංගිකව හැසිරෙද්දී වත් කිසිකලෙක කොන්ඩම් දාන්න පුරුදු නැති අයියලා “සිංහල ජාතිවාදී” අධි පෝෂණ පෙති කෑ මතින් “Proud Be All time Fuckers” කියා දැන් බාල් නටා ස්වයං වින්දනයක් ලබමින් සිටිනු පෙනේ. තව දුරටත් දාර්ශනික හෝ න්‍යායාත්මක පැහැදිලි කිරීම් මේ කියන “සිංහල බෞද්ධ ලේ” ඇගේ දුවන ශරීරවලට කියා පලක් නැත. ඒවා “අපි බුදු බණට හිලෑ යක්කු බොලව්” කියන උපාසක ඇත්තන්ට නම් කොහොමටත් වැඩක් නැත. “විද්‍යා පදනක් මත” පිහිටමින් නිර්මිත බෞද්ධ දර්ශනය දැන් හෑල්ලූ වන්නේ කාගෙන්ද ?

දැන් පේන හැටියට නම් මෙරටේ “සිංහල බෞද්ධයන්” විසින් මීළගට කෙලවිමට නියමිතව ඇත්තේ ගෞතම බුදුන්ටය. ලංකාවේ ද නොඉපිද දඹදිව ශාක්‍ය වංශයේ උපන් සිදුහත් කුමරු උපතින් සිංහල නොවිය. මව් බස සිංහල වුයේ ද නැත. අනුගාමිකයන් විසින් තාලයට කියනා සියලු ගාථා ඇත්තේ ද පාලියෙනි. සිංහලෙන් ඇත්නම් ඒ පරිවර්තනය. මල කෙලියකි. මේ නම් දැරිය හැක්කක් නොවේ. බුදුන් ට සිංහල ලකුණක් නැත.

ඒ මදිවාට සිද්ධාර්ථයෝ “රාහුලයෙක් උපන්නා, බන්දනයක් ඇතිවුනා“ යනුවෙන් පවසා රාහුල පුතු උපන් හැටියේම යශෝදරාව ගෙන් නික්ම සත්‍ය සොයා ගිහි ගෙයින් ගියෝය. අනිත්‍ය පසක් කළෝය. බුදු වී බණ දෙසන්නට පටන් ගත්තෝය. මේ දුටු තරුණ කොල්ලන් කෙල්ලන් බණ අසන්නට ගොස් සත්‍ය අවබෝධය පිණිස එහිම සසුන් ගත වුහ.

ඒ අනුව දැන් කසාද බැද ළමයි හදන්නට නියමිතව හුන් දහස් ගණනක්, තනිකඩව පන්සල්, ආරාම, වන ලැහැබ්, ගල් ගුහා ආශ්‍රය කරගෙන බක්‍රමචාරි වෘත පුරන්නට ජීවිත කාලයම කැප කොට ඇත. දැන් මේ සිංහල බෞද්ධයන්ට නිසකවම මල පනිනු ඇත.

දරුවන් එකා දෙන්නා යන්තමින් හදන්නට හිටි කෙල්ලන් කොල්ලන් සිංහල ජාතියම තව දුරටත් වඳ බවට දමා හැර සිල් පුරන්නට පටන් ගෙන ඇත. දැන් මේ අඩුව පුරවන්නේ කවුද ? මේ වගකිම භාර ගත යුත්තේ දැන් බුදුන්ද? සිංහලේ ඇති බොදු බල සේනාවද? රාවණා බලයද ? නැත්නම් මහ සොහොන් බලකායද? ඔවුන් පිළිතුරු දිය යුතුය.

එහෙත් දැන් වී ඇත්තේ අනෙකකි. එනම් අම්පාරේ නව සොයා ගැනීමක් කරමින් ලෝක වාර්තාවක් ද තබමින් “මුස්ලිම් කොත්තුවේ” “වඳ බෙහෙත්” සොයා ගත්තා යයි කියන අයියලාගේ කෙරුම් වලට බුකියේ උඩගෙඩි දෙනා ලොකු අයියලා ජාතික පියවුරුන් වීමය. අන්තර්ජාල සාක්ෂරතාවක් හිමි “හෙළ බොදුවන්” ද මේ තරම් දියුණු තාක්ෂණික ලෝකයක දත්ත වලට අවශ්‍ය තරම් පිවිසීමේ හැකියාව තිබියදීත්, ඒවායේ නිරවද්‍යතාවය අවබෝධ කොට ගැනීමට ඇති මුලාශ්‍ර තිබියදී පවා තම අන්තර්ජාල අවකාශයන් තුළ සාවද්‍ය ප්‍රකාශ දිරි ගන්වමින් තවදුරටත් තම ගිණුම් තුල වෛරී ප්‍රකාශ සටහන් කරමින්, පොස්ට් කරමින්, රි පොස්ට් කරමින් හා ෂෙයාර් කරමින් බුදු ගැම්මෙන් සිටීමය.

දැන් අර දහස් ගණනක් මුදල් වියදම් කරමින් උත්සව පවත්වා සංහිදියා චිත්‍රපට පෙන්වීම වැඩක් වේවිද? සංහිදියා නාලිකා ආරම්භ කිරීම තුලින් අනෙකාගේ හෘදය සාක්ෂිය අවබෝධ කරගැනීමට මෙරටේ මහා ජාතියට හැකිවේවිද?

තනපටයේ ජෙල් දමා වඳ වෙනවා යයිද, පෙති දී වඳකරනවා යයිද, සිප ගැනීමෙන් ඒඩ්ස් හැදෙනවා යයිද වමනේ කිරීමෙන් ගැබ් ගන්නවා යයි ද සිතා සිටින අරුම දුපතක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වීමද කළ නොහැකිය.

බුදුන් වහන්සේ කිසාගෝතමියට කී දෙයක් මතකයට නැගේ. “කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ ඇටයක් ගෙන එන්නයි” උන්වහන්සේ ඇයට කිවේ මළ දරුවාගේ ශරීරය ද කරපින්නාගෙන බුදුන් හමුවට පැමිණි විටය. එහෙත් ඇයට එකදු අබ ඇටයක් වත් සොයා ගත නොහැකි විය.

සත්‍ය වශයෙන්ම උන්වහන්සේට ඇවසි වුයේ සියල්ලෝම මරණයට භාජනය වන බව පසක් කිරීමය.

දැන් මේ උදාහරණය ඔය “සුපිරිසිදු ජාතින්” ලෙස පෙනීසිටිමින් “අධිපති පොරත්වය” ගන්නට උත්සහා දරන්නන්ටත් වඩා වැදගත් වනු ඇත. ලොව උපන්නවුන් කිසිවෙකුට තමන්ගේ “සුජාත ජාතක භාවය” ගැන තක්සේරුවක් දිය හැක්කේ කෙසේදැයි මම ප්‍රශ්න කරමි. අප සියලු දෙනා එකට ජිවත් වුවෝ වෙමු. සංස්කෘතින් බිහිවන්නේ ඒ මුහු වීමෙන් බව 21 වන සියවසේ සිටින මිලේච්ජ ජාතිකත්වයේ ලේබලය ඇගලා සිටින ලොම් රහිත සිංහයන්ට නම් නොතෙරෙනු ඇත.

මා පිරිසිදු සිංහල, මා පිරිසුදු මුස්ලිම් හෝ මා පිරිසිදු දෙමළ යයි ඔබ කියන්නේ කොහොමද? මාගේ තර්කය නම් කිසිවෙකුට එසේ කිව නොහැකි බවයි. එලෙස උපන්න වුන් සිටින තැනකින් අබ ඇටයක් ගෙන්නන්න යි අද සිංහල කතා කිරීමෙන්, මව්පියන් සිංහල යයි උප්පැන්නේ වූ හෙයින් “සිහල ජාතිය” වීමෙන් ඔද වැඩි සිටින වුන්ට එදා බුදුන් කිවා නම් ඊට ද මිට වඩා වෙනස් පිළිතුරක් ලැබෙන්නේ නැත. මිනිසුන්ට ඇත්තේ මනුස්ස ජාතිය මිස අන් කවරක් ද? ඔබට ඔබේ උප්පැන්නයෙන් ලැබූ ඔබගේ සිංහලකම රැක ගත යුතු නම් අනෙකාට ගරු කරන්න. මුසල්මානුවාව රකින්න. ඔහුට ආදරය කරන්න. දෙමළාට ගරු කරන්න. ඔබේ සිංහල කම රැකි ඇත්තේ ඔවුන් නිසා බව ඔබට අමතක නම් නැවත මතක් කර ගන්න යයි මම ඔබට යෝජනා කරමි.

එහෙත් අදටත් වසර 30 ක පාඩම් උගත් පාඩම් නොවෙමින් තිබීම කනගාටුවට කරුණකි. අනෙකා ගිනිබත් කරමින්, නිරුවත් කර පොලු පහරවල් ගසමින් ප්‍රාණ බය කර දුවන්නට හැර සතුටු වීමෙන් ලබන පරපීඩක ”ත්‍රිල් එක” ආයෙත් ඉතිහාසය නැවත ලියවීමට වෙස්වලාගත් “වඳ පෙත්තක” ස්භාවයෙන් හෝ පැමිණෙන බව පමණක් මුසල්මානුවාට එරෙහි සිහළ විරෝධය පසක් කරයි.

දැන් ඉතින් කුමක් කරමුද? අජිනමොටෝ ඇති පදමට කා, ගොටුකොලයේ සිට වට්ටක්කය තෙක් වස කන ජාතියකට කොහෙවත් යන “වඳ පෙත්තකින්“ කළ හැක්කේ කුමන අරුමයක් ද?

ඔබ ශිෂ්ට ජාතියක් යැයි ඔබම කියාගන්න. එය ඔබේ කල ක්‍රියාවෙන්ම තවදුරටත් පෙන්වන්න.