වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා සියලූ දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප‍්‍රවේශ වීමේ අයිතිය තහවුරු කරමින්, මානව හිමිකම් මත පදනම් වූ උසස් මානව සමාජ ගතිකයන් ආරක්ෂා කරනු වස් සමාජ මාධ්‍යය ප‍්‍රජාව දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාවේදී සිවිල් සංවිධාන, වෙබ් මාධ්‍ය අවකාශ, මාධ්‍ය සංවිධාන සහ සමාජ මාධ්‍ය පර්යේෂකයින්, විද්වතුන් සහ ක්‍රියාකාරීන් රැසකගේ දායකත්වය මත සකස් කරන ලද “සමාජ මාධ්‍යය ප්‍රකාශනය;කොළඹ 2019” එළඹෙන මාර්තු මස 19 වන දින සවස 2 .00 සිට 4. 30 දක්වා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ, විකල්ප වෙබ් අඩවියේ සංවිධාන ශක්තියෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, ජෙස්මින් ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.

සමාජ මාධ්‍යය පරිශිලකයින් වෙත යහපත් සමාජ මාධ්‍යය භාවිතය දිරි ගැන්වීම උදෙසා සකස් කරන ලද මග පෙන්වීම් මාලාවක් මෙහි අන්තර් ගත අතර, සමාජ මාධ්‍යය සුරක්ෂිත අවකාශයක් බවට පත් කිරීමෙහිලා ආණ්ඩුව, සමාජ මාධ්‍යය වේදිකා, සිවිල් සමාජය සහ මාධ්‍ය සංවිධාන සතු වගකීම් ද මෙහි අන්තර්ගත කොට තිබේ.

විශේෂයන්ම “සමාජ මාධ්‍යය ප්‍රකාශනය;කොළඹ 2019” අදහස් පළ කිරීමේ නිදහසෙහි පවත්නා අනුල්ලංඝනීය වැදගත්කම හඳුනා ගැනීමට දරන ප‍්‍රයත්නයක් වන අතර සමාජ මාධ්‍යය නිශේධනාත්මක ලෙස පරිශීලනය කිරීමේ ශක්‍යතා බැහැර කරමින් සමාජ සාධාරණත්වය මානව ගරුත්වය ඇතුලූ ආචාර ධර්මීය, ප‍්‍රගතිශීලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම මානව අයිතිවාසිකම් මත පදනම් වූ හා සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍යය භාවිතය දිරි ගන්වන්නක් හා ශක්තිමත් කරන්නක් ද වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා සමාජ මාධ්‍ය පරිශීලක ප්‍රජාවට ද සහභාගී වීමේ හැකියාව ඇති අතර ඒ සඳහා උනන්දුවක් දක්වන්නන්ට, ආසන සීමිත බැවින් මෙම ලිනික් එක හරහා ලියාපදිංචි විම් සඳහා වන තොරතුරු වෙත පිවිසිය හැකියි. වැඩි විස්තර #EngageSMinSL හෑෂ් ටැග් හරහා ලබා ගත හැකියි. සමාජ මාධ්‍යය ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය සජිව ලෙස https://www.facebook.com/Vikalpasrilanka/ අප ෆේස් බුක් පිටුව හරහා නැරඹිය හැකියි.

https://www.facebook.com/Vikalpasrilanka/videos/2224166307911977/

https://www.facebook.com/Vikalpasrilanka/videos/255856472023889/

https://www.facebook.com/Vikalpasrilanka/videos/361375077797490/

https://www.facebook.com/Vikalpasrilanka/videos/2281838872084916/

https://www.facebook.com/Vikalpasrilanka/videos/2049446445357641/

 

සමාජ මාධ්‍යය ප්‍රකාශනය සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධව වැඩි දුර කියවීමට පහත ලිපිය වෙත පිවිසෙන්න

#EngageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්”