iMage: VIKALAPA | 2018 November | Jaffna

මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින් සංස්කරණය කරන ලද සන්ධිකරනගනු පිණිස : අසන්දිමිත්තා – විචාර ප්‍රතිචාර සංග්‍රහය එලි දැක්කේය. අශෝක හඳගමගේ අසන්ධිමිත්තා සිනමා රචනය වෙනුවෙන් මහේෂ් හපුගොඩ කියු ලෙස අතිරික්තව රචිත, විචාරයන්ගේ එකතුවක් ලෙසට මෙය සම්පාදනය විය. මෙම අවස්ථාවේ දී කෘතියේ රචනා පිලිබඳ, දැනුම නිෂ්පාදනයට වරලත් කණ්ඩායම් විසින් ඉදිරිපත් කල මතවාද අසා සිටින, විට මට ආදරණිය තමිලිනීගේ වත සිහියට නැගිණි.

අසන්ධිමිත්තා ලෙසම තමිලිනි ද මෙම සමාජයට දරාගත නොහැකි විය. අසන්ධිගේ ශරීර ස්භාවය පිලිබඳ පිරිමි බුද්ධිය ගොඩනගන කණ්ඩායම සහ ජනවර්ග වෙනුවෙන් බුද්ධිය තීරණය කිරීමේ බලය සහිත පන්තිය විසින්, තමිලිනිගේ දේශපාලන ශරීර ස්භාවය තීරණය කරන ලදී. තවදුරටත් පෙන්වා දිය හැකි කරුණ නම්, බහුතරයේ සිංහල සමාජයේ සහ සිංහල නොවන සමාජයන්ගේ පිරිමින් විසින් අසන්ධිව එල්ලා දමා ද තමිලිනිව වළලා දමා ද තිබේ.(තමිලිනි ශාරිරිකව පිළිකාවක් වැළදීමෙන් මියගිය බවට වාර්තා වේ ). තමිලිනි එසේ පුරුෂ මුලික සිංහල සමාජය විසින් වළලා දමන විට, මංජුල වෙඩිවර්ධන, පැරිස් වලාකුළක ඇයට ජිවය දී තිබුණි. ඇගේ උපත ද මරණය ද පුරුෂ මුලික සමාජය විසින් තීරණය කරන විට, ඇයගේ සත්‍ය දෛවය කෙසේ විද යනු නොවිසදවුනු ගැටළුවකි. එසේ හෙයින් අසන්ධි එල්ලා මැරීම ද තමිලිනි වලලා දැමීම ද, මනෝභාවයන් විය නොහැකිද?

එහෙත් මෙම ලිපිය මොවුන් දෙදෙනා පිලිබඳවම නොවේ. තමිලිනි ගේ මතක නැවත නැවතත් කියවමින් සිටින මොහොතක මට Captain Vanathai හෙවත් පද්මසොති ෂන්මුගනාථ පිල්ලෙයි මුණ ගැසුණි. ඇගේ හඬ, මේ ගෙවෙන මොහොතේ දේශපාලන නිමේෂයට ගලපමින් ලියන ලිපියකි. එසේම මා විසින්, මේ මොහොතේ වන ශ්‍රී ලංකාව සමපාත කරනුයේ Ignazio Silone විසින් රචිත Fontamara (ෆෝන්ටමාරා ) වෙතය. මෙම සියල්ල මතුපිටින් නිරීක්ෂණය කරනවිට දැකගත හැකිවන්නේ, එකිනෙකට කිසිවක් සම්බන්දයක් නොමැති බවය. එහෙත්, ගැඹුරට නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ, මේ සියල්ල එකිනෙකට කොතරම් අන්තර් සම්බන්ධ වේද යන කරුණකි.

Ignazio Silone, Fontamara රචනා කරනුයේ ඉතාලියේ ෆැසිස්ට් පාලනය විසින් කඪෝරව සිදුකල ජන ඝාතනයේ එක් පරිච්ජේදයක් ලෙසය. ෆැසිස්ට් පාලනය සහ ෆෝන්ටමාරා ජනතාව එය අරතකථන කරන ලද ආකාරය Silone හදුන්වා දුන්නේ මෙසේය.

“ඒ වන්දනා ගමනක්. වන්දනා ගමනක්. සොකනිරා කෑ ගැහුවා. දැන් කාලේ වන්දනා කාරයෝ පයින් යන්නේ නෑ. ඒ අය යන්නේ කාර් වලින්!. ඒ අපේ සැන් රෝකාවලට වන්දනා ගමනක්. නෑ ඒක කාර් රේස් එකක්. ටවුමක, යුද්ධ හමුදාවේ ඉඳලා තිබුන පැස්ක්වෙලා සිපොලා කිව්වා. කාර් එලවන අය හුඟක් එක එකාට අභියෝග කරලා වේගයෙන් යන්න පුළුවන් කාටද කියලා හොයන්ඩ. ටවුමේ හැමදාම කාර් රේස් දකින්න පුළුවන්. හැම මිනිත්තුවකම ලොරිවල සද්දේ එන්ඩ එන්ඩ වැඩිවුණා. පස්සේ අපිට ඇහුණා ලොරිවල හිටිය මිනිස්සුන්ගේ දරුණු කෑ කෝ ගැසීම්, පල්ලියේ ජනේලෙන් වැටුණු විදුරු එක්ක ආපු පට පට ගැව දරුණු පිපිරීම්වලින් අපේ කුතුහලේ බයකට හැරෙව්වා. උන් වෙඩි තියනවා ! වෙඩි තියනවා ! උන් පල්ලියට වෙඩි තියනවා ! උන් අපිට වෙඩි තියනවා” (Silone, 1930).

Silone පැවසූ ලෙසම වන්දනා ගමනක් යන බව හඟවමින් උන් අපට වෙඩි තබමින් සිටි. මුලින්ම මුල්ලිවෛක්කාල් හිදී ද, ත්‍රිකුණාමල වෙරළේදී ද, මන්නාරමේ මානුෂිය සේවා ස්ථානයක් තුලදී ද පසුව මිගමුව, කටුනායක සහ රතුපස්වලදී, වැලිකඩදී ද අපට වෙඩි තැබිය. ගිරිතලේ හමුදා කඳවුරට රැඟෙන ගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී. අසත්‍ය වෛද්‍ය වාර්ථා මගින්, බලහත්කාරයෙන් මාරා දමුවන්, රිය අනතුරකින් මියගිය බවට වාර්තා කරන ලදී. අපට වෙඩි තබා ඔවුන් වන්දනාවේ යෑම සහ කාර් රේස් පැදීම සිදුකරමින් සිටි. මෙම වන්දනා ගමන් සීතාම්බර ඉවත්කිරීමට උත්සුක වුවන්, සියදිවි ගැනීමට, මරාගෙන මැරීමට හෝ රහසිගතව පලයාමට යන වාරණයන් අතර පමණක් තෝරාගැනීම් හිමි විය.

ෆෝන්ටමාරා වේ මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ දකුණේ වැසියන්ට පවතී සහ පවතින ගැටලුව නම් “අපි මොකද කරන්නේ ?” යන්නය . Silone තව දුරටත් මෙසේ පවසයි ” අපි මොකද කරන්නේ? හැම ලිපියකම ලියවෙන්ඩ ඕන – නැවත නැවත. උන් වතුර අහකට අරගෙන- අපි මොකද කරන්නේ. උඹට තේරෙනවද? පාදැලි තැන අපේ මළවුන් වලලන්නේ නෑ. අපි මොකද කරන්නේ? නීතියේ නාමයෙන් උන් අපේ ගෑනු දූෂණය කරනවා. අපි මොකද කරන්නේ? දොන් සර්කොන්ස්ටන්සා (ආණ්ඩුකාරවරයා) හොරෙක්. අපි මොකද කරන්නේ? (Silone, 1930, පිටුව, 211)

අපි මොකද කරන්නේ? කියන ගැටලුවට පිළිතුරක් ලෙස දෙමල ප්‍රජාව විසින් විමුක්ති කොටි සංවිධානය යෝජනා කරන ලදී. නමුත් සමස්ථ දෙමල ප්‍රජාවම විමුක්ති කොටි සංවිධානය සුජාත නොකරන බව පැවසු වද මාගේ තර්කය නම්, සංවිධාන නාමය සහ ක්‍රියාකාරකම් පිළිනොගන්නා නමුත්, තමන් පිඩාවට පත් කරන ආණ්ඩු වෙත දේශපාලනික ප්‍රතිචාරයක් දැක්වීම වෙනුවෙන් සංවිධානය නොවී සිටීමට සුළුතර දෙමල සමාජයට අවශ්‍ය නොවූ බවක් පිළිගත නොහැකිය. මක් නිසා ද යත් දේශීය සහ විදේශීය හමුදාව මගින් තම ස්ත්‍රීන් දුෂණකිරීමට ඉඩ සලසන ලද, තමන් ගේ උපයා ගැනීම්, නීතිය අඩපණ කරමින් බලහත්කාරයෙන් පැහැරගත්, තමන්ගේ දේශපාලනික අනන්‍යතාව පිළිනොගත්, ආර්ථික ලෙස වූ අසමාන බෙදා හැරිම් සහිත සහ ඥාණය ගබඩා කළ මර්මස්ථාන දවා අළු කරන ලද , ආණ්ඩුකරණයක් තුළ ඔවුන් ට නිශ්ශබ්දව සිටිය හැකිද? එසේම දකුණේ සිංහල සමාජය ද, තමන් පිඩාවට ලක් කරන ආණ්ඩුවට එදිරිව දෙවතාවක් ම අරගල කර තිබිම එක් ආදර්ශයක් වූ වා ද විය හැකිය.

එලෙස වන පරිසරයක කැප්ටන් Vanathi බිහිවීම වැළැක්විය නොහැකිය.. කැප්ටන් Vanathi අසම්පුර්ණ වූ කවියේ මෙසේ කියයි. “අපගේ මෙම වේදනා සහ පරිත්‍යාගයන් නිෂ්පල නොවෙනු ඇත. යම් දිනක අප විමුක්ති භුමියේ නිදහසේ ඇවිද යනු ඇත. එදිනට මා සහ මගේ අනෙක් දහස්ගණනක් වූ විමුක්තිකාමිකයන්ව/ විමුක්තිකාමිනියන් ප්‍රීතියෙන් සිනා සෙනු ඇත (http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=151003).

2009 දී සිදු වූ අමානුෂීය, අශිෂ්ඨ හමුදා ජයග්‍රහණයෙන් පසුව ද උතුරේ මෙන්ම දකුණේ වැසියන්ට ද නිදහසේ ඇවිද යා හැකිද? ආනන්දී සශිදරන්, හමුදා රැකවරණයක් ඉල්ලා සිටිය ද, හමුදාව විසින් බලහත්කාරයෙන් ලබා ගෙන, ගොඩනැගිලි පමණක් නොව, හමුදා බොජුන් හල් ද තම නිජබිමියේ ඉදිකර තිබෙන විට, සහ හමුදාව විසින් දිනපතා ඔවුන් නිරීක්ෂණය කරන විට, හැකිවේ ද ඔවුන් ට නිදහසේ තම භුමියේ ඇවිද යාමට?

දහස්ගණන් තම ආදරණීයයන් බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබෙන විට, නොදුටු සහතිකය නිසි පරිදි ලබා නොදීමට කටයුතු කරන විට, හානි පුර්ණය පිලිබඳ, තම ජන්දයෙන් පත් වූ ආණ්ඩුව අවම ලෙස අවධානය යොමුකරන විට, තම ආදරණියයා ගේ බලහත්කාර අතුරුදහන් කිරීම වෙනුවෙන්, ක්‍රමවත්, විනිවිදෙන පර්යේෂණයක් නොමැති හේතුවෙන් ආනන්දී සශිදරන් මෙන්ම තවත් ස්ත්‍රින් අරගලයක සිටින විට, හැකි වේද ඔවුන්ට නිදහසේ ඇවිද යාමට තම භුමිය තුළ ?

හාමත් කුසින් සිට, ඉරු රැසින් දැවෙන පොළොවේ, නිරුවත් දෙපයින්, අදාළ පාසලේ විෂයට ගුරු හිඟය පවතින නිසා, දුකින් උපයා ගත් මුදලින්, අතිරේක පංති වෙත, යාමට සිදුවන විට, උතුරේ මෙන්ම දකුණේ වැසියන්ට ද හැකිවේද නිදහසේ ඇවිද යාමට තම භූමිය තුළ?

තමන් සටන් කල සංවිධාන, රාජ්‍ය ත්‍රස්ත්‍රවාදයෙන් යටත් කළ විට ද (විමුක්ති කොටි සහ ජ.වී.පෙ) , පුනරුත්ථාපන කඳවුරු මගින්, අනවශ්‍ය ලෙස අවනත කරන ලද තරුණ ප්‍රජාවක් බිහි කරන විට ද, නැවත නිවස වෙත පැමිණි විට, යටත්වීම මත, තමන්ගේ ම අසල් වැසියන්ගේ අවමානයට පත්වන විට ද , පිඩිත රාජ්‍ය යේ කුලීකරුවන් ගේ දේශපාලනික අසමත් වීම් සිදුවන සැම අවස්ථාවකම කොටින් නැවත හිස ඔසවන බවට වන මාධ්‍යය සංදර්ශනය හමුවේ , හැකි වේද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ ?

වෛද්‍ය වෘත්තීය කාර්ය භාරය විකෘති කරමින්, සංඝයා විසින් ස්ත්‍රීන් ගේ ප්‍රජනන ශක්‍යතාවන් පිලිබඳ ෆැන්ටසියන් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සමාජ ගත කරන විටද, ආගමික ස්ථානයන් ගේ සිදුවන ලිංගික බලහත්කාරකම් ප්‍රක්ෂණ කරමින්, සාධු බිම්බය අභියෝගයට ලක් කරමින්, කෙටිකතාවක් ලිවීමේ වරදට සිරගත කරන විට ද , පදනම් විරහිතව චෝදනා කරමින්, මර්ධන දේශපාලන අවශ්‍යතා වෙනුවෙන්, ප්‍රජා ප්‍රචණ්ඩත්වයන් මුදා හරින විට, ඒ ඉදිරියේ, සාමය රැකීමේ වගකීම සහිත පොලිසිය අනුත්තර ව සිටින විටද , හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

විශ්ව දැනුම ගවේෂණය වෙනුවෙන් වන විශ්ව විද්‍යාල තුල ද, ගෝත්‍රික රාජ්‍ය ලක්ෂණ පෙන්වමින් ‘සිංහල ශිෂ්‍ය සංගමයන්’ අරඹා, වාර්ගික රාමුවෙන් බෙදී එකම පන්තියේ තම අරගලය වෙනුවෙන් තම අනෙකාට එදිරි වන විට ද හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

විශ්ව ප්‍රාග්ධනය ප්‍රථමයෙන්, සිංහල සමාජයට ද පසුව යුද්ධයේ ගොදුරු වූ දෙමල සහ මුස්‌ලිම් සමාජයන් ට ද ගෙනවිත්, ස්ත්‍රී ශ්‍රමය සුරා කමින් ‘ගමේ / නගරයේ කෙල්ල සහ කොටි කෙල්ල ජුකී කෙල්ල හෙවත් ජුකී කෑල්ල ‘ කරන විට හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

තමන්ගේ දේශපාලනික දෘෂ්ටිවාදය වෙනුවෙන් පෙනිසිට මිය ගිය පසු, තම ආත්ම වෙත සැනසීම ලඟා කරගැනීම වෙනුවෙන් තනන ලද අවකාශයන්, බුල්ඩෝසර් කරණය කරමින්, හමුදා ගොඩනැගිලි ඉදි වන විට ද , රාජ්‍ය ප්‍රාග්ධනය හරහා හමුදා සුභ සාධන වෙළඳ සැල් ඉදිවන විට ද හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුල?
තමන්ගේ විමුක්තිය, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ලබාගත හැකිවේ යැයි, විශ්වාස කර 2015 පත් කරන ලද විධායකය විසින්, රාජ්‍ය යේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, නීති විරෝධීව, මැතිවරණයෙන් පරාජිත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති කර, දේශපාලනිකව අවජාතක කැබිනට් මණ්ඩලයක් ස්ථානගත කරන විට හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පොට්ටුව නලල් තලයෙන් මකා දමු දෙමල ස්ත්‍රියගේ කතාවේ දශකයක් ගෙවීමට ප්‍රථම, මුස්ලිම් ස්ත්‍රිය ගේ ආවරණය ගලවා දැමීමට ද, රුපයක් වැරදි ලෙස අර්ථකතන කරමින්, පොදු අවකාශයක ස්ත්‍රියව ප්‍රචණ්ඩත්වයට ගොදුරු කරන, කහ රෙදි හැඳි දාමරිකයන් (https://www.colombotelegraph.com/index.php/monk-led-mob-threatens-and-calls-for-the-arrest-of-woman-wearing-saree-bearing-buddhas-face/) සිටින විට හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

විශාල මුල්‍ය වංචාවන්ට සහ දරුණු ලෙස මනුෂ්‍ය ඝාතන කිරීමට අණ දීම් වෙනුවෙන් වගකිව යුතු වූ ද, තමන්ට අවශ්‍ය ලෙස, තම පන්හිඳ නොහසුරවා, සත්‍ය වෙනුවෙන් වාර්තා ඉදිරිපත් ලද මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් හෝ අතුරුදහන් කිරීමේ බරපතල අපරාධ වෙනුවෙන් දඩුවම් ලැබිය යුතු වූ පුද්ගලයන්, ජනතා නියෝජිතයන් ලෙස මැතිවරණ වෙනුවෙන් නම් කරන විට හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

ලිබරල් ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධ්‍යාපනයේ බුද්ධි කළඹන වෙනුවෙට ක්‍රීඩා, ආගමික සහ සංස්කෘතික උත්සව වෙනුවෙන් ප්‍රමුකතාවය ලබා දෙන, විශ්ව විද්‍යාල නිරීක්ෂණය වෙනුවෙන් CCTV ස්ථාන ගත කිරීම ඉවසා සිටින, යථාර්තය සහ සත්‍ය සෙවීම කල යුතු වුවත් එය පසෙක ලා නුතන ශ්‍රම වහලුන් නිෂ්පාදනය කරන විශ්ව විද්‍යාල සංස්කෘතියක් ද පවතින විට හැකිවේ ද ඔවුන් ට නිදහසේ ඇවිද යාමට භුමිය තුළ?

ඔව් Captain Vanathai, අප සැවොම ෆොන්ටමාරා වැසියන් වී ඇත. අප බැඳ තිබෙන ආර්ථික, දේශපාලනික සහ සමාජ යදම් මගින්, එකමුතුව නිදහසේ ඇවිද යාමේ හැකියාව මරා දමා ඇත. එකතුමුකම යනු, උතුරේ මිනිසුන් දකුණට ද, දකුණේ මිනිසුන් උතුරට ද වන්දනා ගමන් යන සහ, මෙම පාර්ශව එක්ව සංස්කෘතික උත්සව සමරණ කරුණකට ලඝු කරමින් සංහිදියා යාන්ත්‍රණයකින් ද අපව බැඳ දමා ඇත. ඉතින් අප කෙසේ ඇවිද යන්න ද?

අරුණි සමරකෝන් | Aruni Samarakoon