iMage: newswire

2020 මාර්තු මස 26 වන දින සුවිශේෂී සිදුවීම් දෙකක් වාර්තා විය. එනම් ශ්‍රී ලංකාවේ COVID-19 ආසාධිතයින් ප්‍රමාණය 102ක් දක්වා ඉහළ ගිය බව සහ මිනීමැරුමකට වරදකරු වූ, හිටපු හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘ජනාධිපති සමාවක්’ ලබා දීමයි. ඇතැම් විට පළමු සිදුවීමේ පවතින දරුණුකම, දෙවැන්න යටපත් කිරීමට උපායමාර්ගිකව හේතු වූවා විය හැක. සමාව දීම පිළිබඳව කලාපීය සහ ගෝලීය මාධ්‍යයන් සිය හඩ අවදි කළ ද, මෙරට බහුතරයක් මාධ්‍ය ගොලුවත රකින බවක් දක්නට ලැබිණි.

මෙවැනි පසුබිමක ‘ජනාධිපති සමාව දීම’ සහ එමඟින් මතුවන සමාජ-දේශපාලනික කරුණු පිළිබඳ ප්‍රමුඛ පෙළේ කිහිප දෙනෙකුගෙන් ප්‍රතිචාර ලබාගැනීමට Groundviews කටයුතු කරන ලදී. පහත පළවන්නේ ඒ පිළිබද ඔවුන්ගේ ප්‍රතිචාරයි.

අසංග වැලිකල, ජ්‍යේෂ්ඨ පර්යේෂක – විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය[CPA] සහ අධ්‍යක්ෂක – ව්‍යවස්ථා නීතිය පිළිබඳ එඩින්බර්ග් මධ්‍යස්ථානය[Edinburgh Centre for Constitutional Law]

මෙම නඩුව සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබා දීම ගැටලු දෙකක් මතුකරයි.

පළමු වැන්න නම් පූර්ණ අභියාචනා ක්‍රියාවලියකින් අනතුරුව අපරාධයේ දරුණුකම පිළිබඳ කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරු බවට තහවුරු කර තිබෙන සිරකරු හට ”සමාව දීම යන කරුණ කෙරේ” රට තුළ මෙවැනි වසංගතයක් පැතිර යන මොහොතක ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ ඇයි ද යන්නයි.

මෙම නඩුවට අනුව යුක්තිය කෙරෙහි කිසිදු අසාධාරණයක් සිදුවී නොමැති බව පෙනී යයි. නමුත්, මරණීය දණ්ඩනය නියම වූවන්ට සමාව ලබා දීම සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත.

ඒ අනුව එසේ ජනාධිපති බලය යටතේ සමාව ලබා දීමට නම්, සමාව දීමට පෙර නඩුව විභාග කළ විනිසුරුවරයාගේ වාර්තාවක්, නීතිපතිගේ උපදේශ සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශයක් ජනාධිපති සතුව පැවතිය යුතුය. අධිකරණය, නීතියානුකූල නිලධාරී මඩුල්ල සහ දේශපාලන විධායක හා සම්බන්ධ තීරණ ගන්නන් කීපදෙනෙකු සම්බන්ධ කරගත් මෙම ක්‍රියා පටිපාටිය සකසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් මෙම බලය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රවේශම් සහගත ලෙස කටයුතු කෙරෙන බවට තහවුරු කිරීම සදහාය.

එනම් අපරාධ පිළිබඳ යුක්තිය පසිඳලීමේ නීති පද්ධතියෙහි අඛණ්ඩත්වය සහතික කිරීම සහ සමාව දීමේ බලය අවභාවිත වීමෙන් වැළැක්වීම සඳහාය. පූර්ව අවස්ථාවලදී ද (මෑතකදී සිරිසේන ජනාධිපතිතුමා ඥාණසාර හිමියන්ට සමාව ලබා දීම වැනි) නිශ්චිත ව්‍යවස්ථානුකූල ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බව දැක්වීමට ප්‍රමාණවත් තරමින් පිළිගත හැකි සාක්ෂි නොමැත. මෙම සමාව දීම මතභේදයට තුඩු දෙන ක්‍රියාවක් බව සනාථ කෙරෙන්නේ ඉහත කරුණු දෙක මඟිනි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජ්‍යේෂ්ඨ පර්යේෂිකා භවානි ෆොන්සේකා, ජනපති සමාව දීමේ නෛතික කරුණු කාරණා සහ #covid19 පිළිබද අවධානය යොමු කරමින් සිවිල් සමාජ සංවිධාන විසින් මෑතක දී සිදුකරන ලද අදහස් ඉදිරිපත් කිරීමක් හා සම්බන්ධ කරමින් යාපනයේ දී දෙමළ සිවිල් වැසියන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම පිළිබඳව කලකිරීමට පත්විය.

2019 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වරදකරු බවට තීන්දු කර ඇති අතර, නඩු විභාගයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයෙන් ද ඔහු මෙම සිදුවීමේ වරදකරු බවට පත්වීම එය ඉතා පැහැදිලි තීරණයක් බව තහවුරු කෙරේ. මෙම නඩුව අධිකරණ පද්ධතිය තුළ බොහෝ බාධාවන්ට හා ප්‍රමාදයන්ට මුහුණදී අවසානයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවුණු දුර්ලභ අවස්ථාවකි.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සිදුරු සහිත බව මෙන්ම, ඉන් රිංගා යාමේ අධම ශ්‍රී ලාංකීය සංස්කෘතිය ජනාධිපතිවරයා විසින් මෙහිදී සිය ක්‍රියාවෙන් ම සනාථ කර ඇත.

ජනාධිපති සමාව ලබා දීම පිළිබඳ ගැටලු මතුවන මොහොතේ බන්ධනාගාරවල පවතින ප්‍රායෝගික ගැටලු විසඳීමට උනන්දුවක් දක්වන බව පෙන්වන ජනාධිපතිතුමා සිදුකර ඇත්තේ අපරාධකරුවෙකුට සමාව දීමය.

කෙසේ වෙතත් Amnesty International හි පර්යේෂිකා ත්‍යාගි රුවන්පතිරණ පවසන පරිදි මෙම සමාව දීමේ කාල වකවානුව අහම්බයක් නොවේ.

බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රජය සමඟ සම්බන්ධ වී සිරගෙවල් තුළ covid 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර තදබදය අඩු කර ගත හැකි ආකාරය පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවන්ට අනුව ඇප ලබා ගත නොහැකි වූවන්, සුළු වැරදිවලට සම්බන්ධ වූවන්, මාරාන්තික රෝගාභාදබාධයන්ගෙන් පෙළෙන සහ මහලු තැනැත්තන් ට නිදහස ලබාදීමට ගන්නා උත්සහයක මුවාවෙන් ද්‍රවිඩ සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කළ මිනීමරුවෙකුටද නිදහස හිමි වීම විහිළුවකි. ඉතිරි පිරිස තවමත් සිරකුටි තුළය. මෙම අර්බුදකාරී කාල සීමාව තුළ සැරයන් සුනිල් රත්නායක නිදහස ලැබීම කිසිසේත්ම අහඹු සිදුවීමක් නම් නොවේ. ජනාධිපති ගෝඨාභය බලයට පත්වීමත් සමඟ මාස ගණනාවක් තිස්සේ මෙම සමාව දීම පිළිබඳ කටකතා පැතිර ගියේය. ඒ, එය ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ලෙසිනි. covid 19 ව්‍යසනය හමුවේ යුධ හමුදාව කෙරෙහි ඇතිවුණු පැහැදීම ප්‍රයෝජනයට ගනිමින් අපරාධකරුවෙකු වූ සෙබළෙක් නිදහස් කිරීම සැලසුම් සහගතව සිදු කරන ලද්දකි. සුපුරුදු පරිදි මාධ්‍ය ආවරණය සිදු නොවීම සැලසුම් සහගතය. ඇදිරි නීතිය අතර තුර පුරවැසියන්ට විරෝධතා දැක්වීමට හෝ සමාව දීම අභියෝගයට ලක්කිරීමට අවස්ථාව නොලැබීම ද සැලසුම් සහගතය. නඩු ගොනුකිරීම පසුගිය රජය සමයේ සිදුවුණු රණවිරු දඩයමෙහි කොටසක් ලෙසින් මවා පෑමට දැනටමත් රාජ්‍ය මාධ්‍යය ඇතුළු විචාරකයන් කටයුතු කිරීමද සැලසුම් සහගතය. ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම වටා ද මෙවැනි ඇතැම් උපක්‍රම භාවිත කිරීම් අප දැක ඇත්තෙමු. මේ අතර, අවුරුදු 5 ක දරුවෙක් සමඟ දරුවන් තිදෙනෙකු ඇතුළුව සහ පුද්ගලයින් 8 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඇතත් එම අපරාධයට එරෙහිව දැන් යුක්තිය ඉටුවී නොමැත.

රටේ ඉහළම අධිකරණය විසින් ලබාදුන් අධිකරණ තීන්දු නොතකා මෙවැනි දරුණු අපරාධ හමුවේ විධායක ජනාධිපතිවරු අත්තනෝමතික ලෙස තම බලය පාවිච්චි කරන තත්වයක් තුළ යම් ගැටලු සම්බන්ධයෙන් දේශීය පිළියම් නොමැති බව අවධාරණය කරමින් ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටීම පිළිබඳව අප පුදුමයට පත් විය යුතුද?

ත්‍යාගී රුවන්පතිරණ විසින් එසේ අප සියලු දෙනා විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් මෙලෙස මතුකරන අතරතුර මහජනතාව සහ පාලකයන් අතර ඇති විශ්වාසය බිඳවැටීම සහ දුරස්බථභාවය වර්ධනය වන අනාගතයක් පිළිබඳව මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රුකී ප්‍රනාන්දු අනතුරු අඟවයි. ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද අපරාධ බොහෝය. ඔවුන් කාන්තා දූෂණ, මනුෂ්‍ය ඝාතන සහ පැහැර ගැනීම් සඳහා බලපත්‍රයක් සේ මිලිටරි නිල ඇඳුම භාවිත කොට ඇත.

හමුදාව විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් වගවීම් ඉතා දුර්ලභය – 1971 කතරගම දී ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කිරීම, 1980-1990 දී ඇඹිලිපිටියේ සිසුන් පැහැරගෙන යාම සහ 2000 වසරේ දී මිරුසුවිල(යාපනය දිස්ත්‍රික්කය) ළමුන් ඇතුළුව සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කිරීම ආදී අවස්ථා දීර්ඝ නඩු විභාගවලින් පසු සොල්දාදුවන්ට අධිකරණය විසින් දඩුවම් ලබාදීම පිළිබඳ දුර්ලභ උදාහරණ කිහිපයකි. මෙම අපරාධකරුට සමාව දීම යනු එහි ඇසින් දුටු සාක්ෂිකරුවන්ට, විමර්ශකයන්ට, නඩු පවරන්නන්ට, විනිසුරුවන්ට මෙන්ම වින්දිතයින්ගේ පවුල්වලට වැරෙන් එල්ල කළ අතුල් පහරක් පහරක් බඳුය.

මේ වන විටත් නඩු විභාග සහ හබෙයාස් කෝපුස් ආඥාව ක්‍රියත්මක වන අතර එහි වගඋත්තරකරුවන් වන්නේ යුධ සහ නාවික හමුදා භටයන්ය. මෙම සමාව දීම මඟින් එවැනි නඩු, වින්දිතයින්ගේ පවුල් සහ දිවි ගලවාගත් විත්තිකරුවන්, සාක්ෂිකරුවන්, විමර්ශකයන්, නඩු පවරන්නන් සහ විනිසුරුවන් වෙත ගෙන එන්නේ සෘණාත්මක සංඥාවකි. සමස්ත රට සහ ලෝකයම කොරෝනා වෛරසය සමඟ පොරබඳිමින් සිටින මොහොතක මෙම සමාව ලබා දීම, එහි භයානකකම තවදුරටත් තීව්‍ර කරයි. දැන් ශ්‍රී ලංකාව තුළ ද භයානක අපරාධකරුවෙකු නිදැල්ලේ සැරිසරමින් සිටී.

සුළු චෝදනා හේතුවෙන් සිරගතවූවන් සහ ඇප ගෙවීමට නොහැකි වූවන් පිළිබඳව සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් මෑත කාලයේදී නැවත නැවත අවධාරණය කර ඇත. (සිරකරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාකර ගැනීම පිළිබඳ වාර්තාව සහ ජනාධිපති වෙත සහ අදාල බලධාරීන්ට යොමුකරන ලද ලිපිය මෙම ලින්ක් මඟින් කියවන්න).

Considering that “Free Sunil” Facebook page has proven to a fertile ground for hate speech, especially racially-motivated hate speech”, this move foreshadows darker times.

*Groundviews වෙබ් අඩවියෙහි පළ වූ මෙම සටහන සිංහලට පරිවර්තනය කරන ලද්දේ ‘විකල්ප’ වෙබ් අඩවිය විසිනි.(සම්පූර්ණ ඉංග්‍රීසි භාෂිත සටහන සටහන සදහා පිවිසෙන්න HERE