iMAGE: Vikalpa

මැයි මස අවසන් සතියේ සිට  ෆේස්බුක් සමාගම විසින් සිය ad library tool උපාංගයට  ශ්‍රී ලංකාව ආවරණය කිරීම ද ඇතුළත් කොට තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ ෆේස්බුක් දැන්වීම් සඳහා කොපමණ මුදලක් වැය කර ඇත්ද, දැන්වීම්වල ඉලක්කගත තොරතුරු මොනවාද යන්න සහ වියදම්/පිරිවැය මොනවාද යන්න දැන් අපට සොයාගත හැකි බවය. එලෙස ලබාගත් තොරතුරු වලට අනුව වැඩිම පිරිවැයක් දරා තිබු ඇති ෆේස් බුක් පිටු  (Pages ) මේවාය. 

මුලාශ්‍රය – ෆේස්බුක්

වෙළඳ දැන්වීම් වල පැතිරීම ( ad reach)  පිළිබඳ සලකා බැලීමේදී බස්නාහිර පළාතට ඉතා සුවිශේෂී අවධානයක් යොමු කොට තිබෙනු දැකිය හැකිය.

මුලාශ්‍රය – ෆේස්බුක්

2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණ සමයේ සිට ad library පහසුකම ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබුණි. ෆේස්බුක් විසින් දේශපාලනික අන්තර්ගතයන් ලෙස හඳුන්වනු ලබන වෙළඳ දැන්වීම් වලට අදාළව තොරතුරු මෙහිදී ලබා ගත හැකිවිය. ඇත්ත වශයෙන්ම මෙහිදී  ශ්‍රී ලංකාවට ඇති ගැටලුව නම් මිලියන ගණනක් අනුගාමිකයින් සිටින දහස් ගණනක් වූ ගොසිප් පිටුය.එලෙස ඉතා ජනප්‍රිය එක් පිටුවක අනුගාමිකයන් (Followers) මිලියන දෙකකට වඩා සිටියි. මෙම පිටු වෙළඳ දැන්වීම් බව සඟවමින් පොස්ටු ලෙස තම පිටු හරහා මෙම අන්තර්ගතයන්  පළ කිරීමේ හැකියාව පවතියි.ඒ අනුව ඔවුන් විසින් ඕනෑම අධීක්ෂණයක් මග හරින අතර ෆේස්බුක් හි දැන්වීම් ස්ථානගත කිරීම මත නොව ඔවුන්ගේ දැවැන්ත වූ පරිශීලක පදනම මත රඳා සිටිනු ඇත. එනිසා ඒවායේ කිසිදු විස්තරයක් ලබා ගත නොහැකි වේ. දේශපාලනික අරමුණු හා නැමියාවන් ඇති සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්  සුවිශේෂී ලෙසම දේශපාලනික ස්වරූපයක් ගන්නා අන්තර්ගතයන් මෙන්ම ඇතැම් විට මුළුමනින්ම ව්‍යාජ වූ අන්තර්ගතයන්ද පළ කිරීමට ද  මීට පෙර සිටම උපායමාර්ගිකව තම ප්‍රෝෆයිල භාවිතා කොට තිබේ.ඉදිරි මාසය තුළ ද මේවා තවදුරටත්  අපට දකින්නට ලැබෙනු ඇත. කෙසේ වෙතත්,  දැනටමත් එලෙස සමහර පොස්ටු දැකිය හැකිව තිබේ. 

මීට දෙසතියකට පෙර හවායි පදනම් කරගත් ඊස්ට් වෙස්ට් සෙන්ටර්  විසින් පවත්වන ලද ඔන්ලයින් සංසදයක පෙනී සිටිමින් ෆේස්බුක් වෙනුවෙන් සහභාගී වූ  එහි නිලධාරියෙක් පවසා සිටියේ  මැතිවරණය ළං වෙත්ම  ශ්‍රී ලංකාව කෙරෙහි තම වේදිකාව විසින් දක්වන  ධාරිතාව ඉහළ නංවන බවයි. කෙසේ වෙතත් අතීත අවස්ථාවන් හි දී සේම මෙහිදීද එම ක්‍රියාමාර්ග වලට ඇතුළත් වන්නේ මොනවද යන්නත්, සිංහල හා දෙමළ භාෂාවෙන් පළ කෙරෙන පොස්ටු අධීක්ෂණය, අධික්ෂකයින් (moderators )කී දෙනෙකු සේවයට අනියුක්ත කොට ඇද්දැයි යන්නට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය. 

මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන පොස්ටු ඉවත් කිරීම සඳහා පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමඟ ෆේස්බුක් සමාගම එකඟතාවයකින් කටයුතු කරන බව දක්වා තිබුණි. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව හෝ ෆේස් බුක් සමාගම විසින් අදාළ යාන්ත්‍රණය පිලිබඳව හෝ එහිදී සිදු කරන ලද බලපෑම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නැත.

විශේෂයෙන්ම ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී සම්බන්ධතා පැවැත් වූ අයවලුන් සමඟ සේම  ජනමාධ්‍යවේදීන් හා  ඒ හා සමාන වෙනත් අය සමඟ  ද ෆේස් බුක් සමාගම විසින් මහජන සම්බන්ධතා පවත්වන්නේද යන්න සොයා බැලීම  සිත්ගන්නා කරුණක් විය හැකිය. මීට පෙර ෆේස් බුක් විසින් පවත්වන ලද සංසද ඔවුන් විසින් පනවා ඇති සීමාකිරීම් මත සිදු කෙරුණු අතර එහිදී කිසිදු ආකාරයකින් ස්වාධීන හෝ ගවේෂණාත්මක වාර්තාකරණයකට ඉඩ සැළසීම වළක්වා තිබුණි. 

කෙසේ වුවද ෆේස්බුක් සහ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවට ලියුම් කරුට අවම වශයෙන් එක් දේශීය පහසුකම් සපයන සංවිධානයක් සහතික කොට ඇතත්, කිසිදු පැහැදිලි ස්ථිර සාර, සංස්පර්ශීය වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.

එසේ නමුත් ෆේස්බුක් පැනවීමට අපේක්ෂා කරන මාර්ගෝපදේශ වලින් දුරස්ථව  මෙම අන්තර්ක්‍රියා සිදු කිරීමට හෝ පහසුකම් සැපයීම කිරීමට ශක්තිමත් හා ශ්‍රී ලාංකේය මෙහෙයවීමක් සහිත එකම සංවිධානයක්වත් අවම වශයෙන් සමත් වී ඇත.

ෆේස්බුක් මැතිවරණ කොමිෂන් සභාව සමඟ අඛණ්ඩව සංවාදයක් පවත්වාගෙන යයි. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් සමඟ මැතිවරණ කොමිෂන් සභාව වැඩ කිරීමේ සම්බන්ධතාවය පිළිබඳ  සවිස්තරාත්මක දැනුමකින් හෙඹි ආරංචි මාර්ග පවසන්නේ මෙම ආයතන දෙක අතර ලිඛිත එකඟතාවයක් හෝ ගිවිසුමක් නොමැති බවයි. ක්‍රියාත්මක වූ කුමන වැඩ පිළිවෙලක් වුව ක්‍රියාත්මකව ඇත්තේ වාචිකවය . ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ  කාල සීමාවේදී මැතිවරණ කොමිසමේ අර්ධ මහජන මැදිහත්වීම් වලදී  ෆේස්බුක් නිලධාරීන් දැකගත හැකි විය.

ෆේස්බුක් විසින් අවම වශයෙන් එක් දුරස්ථ දැනුවත් කිරීමේ සැසියක් දේශීය මැතිවරණ නිරීක්ෂකයින් සමඟ පවත්වා ඇති බව ඉහත මුලාශ්‍රය විසින්ම මා වෙත තහවුරු කරන ලදී. 

ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් වෙත එල්ල විය හැකි phishing ( attempt ) උත්සාහයන්  පිළිබඳව මා වාර්තා කිරීමෙන් පසුව, ජනමාධ්‍යවේදීන්, අයිතීන් පිළිබඳ ක්‍රියාකාරීන් සහ ඒ හා සමාන වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් බොහෝ වට්ස්ඇප් සමුහයන්  සම්පූර්ණයෙන්ම පාහේ  නිහඬ වී ඇතඑම සමුහ තුළ රළු ඕපා දුප අළලා ගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් නන්දොඩවීම අතිශය වැදගත් කාර්යක ලෙස  සැළකු බොහෝ දෙනෙකු දැන් මාධ්‍ය නිවේදන හෝ උපන්දින සුබපැතුම් හුවාමාරු කරගැනීමට සීමා වී ඇත

ටික්-ටොක් (Tik-Tok)  ඇතුලු උපාංග ( apps) රැසක් පසුගියදා  ඉන්දියාවේදී තහනම් කෙරුණි.  නමුත් මේ වන විට මෙම උපාංගය  ශ්‍රී ලංකාවේ ස්ථායි බවක් අත්පත් කරගනිමින් තිබේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර එය වර්ධනය වෙමින් පවතී. දේශපාලන උපහාසාත්මක හා ප්‍රහසනයන් මෙම වේදිකාව තුළ දකනට ලැබීම  සාමාන්‍ය තත්වයකි. ඇතැම්  ශ්‍රී ලාංකික පොස්ටු පෞද්ගලික මට්ටමින් තනි පුද්ගලයින් විසින් කරන ලද බව පෙනෙන්නට තිබුණත්, ඒවා වඩා සමීපව විමසා බැලීමේදී අවම වශයෙන් මෙම සමහරක් පොස්ටු අර්ධ වෘත්තීමය නිෂ්පාදන කණ්ඩායම් සහ උපකරණවල සහාය සහිතව කර ඇති බව පැහැදිලිය. පසුගිය පාර්ලිමේන්තුවේ ජනප්‍රිය හිටපු කාන්තා මන්ත්‍රීවරියක සම්බන්ධයෙන් ප්‍රහසන ඉදිරිපත් කිරීමේ කැමැත්තක් දැක්වූ එවැනි ටික් ටොක් පරිශීලකයෙකු තම ගිණුම හරහා අදාළ  මන්ත්‍රීවරියගේ ඇඳුම් පැළඳුම් විලාශය අනුකරණය කිරීමේදී යොදා ගන්නා ඇඳුම් ආයිත්තම් කට්ටල අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ  ඒ වෙත ඔහුට  විශාල ප්‍රවේශයක් ඇති බවය.  ඔහුට අනුගාමිකයන් (Followers)  42,000 ක් සිටින අතර ඔහුගේ දේශපාලන හිතවත්කම් පවතින්නේ කා සමඟ යන්න පැවසීමට අංශු මාත්‍රයක තරම්වත් සැකයක් නැත. 

මේ අනුව මේ හා සමානම ගැටලුකාරි  තත්වයන් ඇති ෆේස් බුක් ගොසිප් පිටු ද  අතිශය වැදගත් ලෙස සැලකිල්ලට ගත යුතුව පවතී.

ආමන්ත පෙරේරා | Amantha Perera

 

සංස්කාරක සටහන : ලියුම්කරු ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි CQ විශ්වවිද්‍යාලයේ ඔන්ලයින් ජනමාධ්‍යකරණය හා ක්ෂතිමය කම්පනය (Online Journalism and Trauma )  හා කේෂ්ත්‍රගතව පශ්චාත් උපාධිය හදාරණ පර්යේෂකයෙකි. ඔහු ජනමාධ්‍ය පුහුණු කරුවෙකු  මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශීය හා විදේශීය පුවත් පත් වෙත සම්බන්ධ වී කටයුතු කළ ජේෂ්ඨ හා පළපුරුදු ජනමාධ්‍යවේදියෙකි. 2020 ජුනි මස 31 වන ඩේලි මිරර් පුවත් පතට මුල්වරට ලියුම්කරු විසින් ලියන ලද General elections and the social media landscape යන ලිපිය විකල්ප වෙබ් අඩවිය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලදුව මෙසේ පළවේ.