”…අන්න ෆැක්ට්‍රියක් කොරෝනා වලින් බේරෙන්න දාපු හොස්ටල් එකකකුත් නිරෝධානයට දාල ලුු. මාර වැඩේ හරියට පොලීසියට හොරු පැනල වගේ” ඒ අද දින අප ආයතනයට ගොඩ වුනු සේවකයෙන් අප සමග කීවේය. ඇත්ත වශයෙන්ම එම කථාව සාමාන්‍ය කථාවලින් ටිකක් වෙනස් වු නිසා මා ඒ පිලිබද උනන්දුවෙන් විස්තර විමසීමි. ඔකායා ආයතනයට අයත් අංක 245, මුනිිදාස කුමාරතුංග මාවත, ලියනගේමුල්ල, සීදුව යන ලිපිනයට අදාල නේවාසිකාගාරය ඒ අනුව නිරෝධායනයට ලක් කර තිබිණි. ඒ අහඹු ලෙස සිදු කරන ලද පරීක්ෂනයකින් එහි නේවාසිකව සිටි එක් සේවකයෙකු කොවිඩ් ආසාධනය වීම නිසාය. පසුගිය කාලය පුරාම පුදුම කලබලයකින් බොහෝ පාලකයන්, ප‍්‍රදේශයේ විශාල ප‍්‍රමාණයේ නැවතුම් පොලවල් කුලියට ගනිමින්, ආයතන නේවාසිකාර ලෙසට පරිවර්ථනය කර කඩිමුඩියේ තමන්ට අයත් සේවකයින් ඒවාට තල්ලුු කරනු ලැබුවේ, කෝවිඩ්් වලින් මිදීමට ඇති එකම විකල්පය එය බව විදහා දක්වමිනි.

හොස්ටල්කරණය වූ ‘සේවකයින් ආරක්ෂිතයිි’ වැනි පණිවුඩයක් මේ වන විට සමාජ ගත වෙමින් තිබෙන පසුබිමක, මෙම නේවාසිකාගාරය නිරෝධායනයට ලක් කිරීම, යම් හාස්‍යක් උපදවන්නකි. හොස්ටල් වෙත ගාල්වීමට ප‍්‍රායෝගිකව නොහැකි බොහෝ සේවක සේවිකාවන්, මේ වනතුරුත් සේවයට කැදවා නොමැති පසුබිමක බොහෝ පිරිස් නේවාසිකාරගත වීම තුළ, එය එක් අතකින් රැකියාව පිලිබදවත් සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදවත් යමි රැකවරණයකට යටත් වන බව පාලකයින් පසුගිය කාලය පුරාම ප‍්‍රචාරය කරමින් පැවතිනි. මෙවැනි පසුබිමක මෙවැනි සිද්ධීන් තුළින් සේවක ආරක්ෂාව කොතැනකද යන්න බරපතල ප‍්‍රශ්නයකි.

එහිදී මා විසින් අදාල නේවාසිකාගාරයේ සිටි අපගේ සහෝදර සේවිකාවකට දුරකතන ඇමතුමක් ගත්තද, ඇය කිහිප විටක්ම දුරකතනය විසංදි කිරීම තුළින්, ඇයට යමක් ප‍්‍රකාශ කිරීමට නිදහසක් නොමැති බව පැහැදිලි විය. ටික වේලාවකින් අනතුරුව ඇය පෙරලා අප හා සමිබන්ධ වෙමින් කියා සිටියේ,

”බලන්න අපිිට බෝඩිමට වෙලා ඉන්න දුන්නෙත් නැහැ. අපිව මේවට ගෙනත් දා ගත්තා. අපිත් හිතුවා මොනවා වුනත් ආරක්ෂිතව අපට ඉන්න පුලූවන් කියල. දැන් ඉතිං අපි මේකටම කොටු වෙලා ඉන්න වෙනවා. අපට ආයතනයෙන් තුන් වෙලටම කන්න මොනව හරි ගෙනත් දෙනවා. ඒත් අපට හිතෙන වෙලාවට ඉගුරු කෑල්ලක් හරි තළාගෙන තේ කහට එකක් බොන්නවත් මෙතන විදිහක් නැහැ. ගෙනත් දෙන කෑම එක කෑවට පස්සේ බඩගින්නක් දැනුනම කන්න දෙයක් නැහැ. නූඞ්ල්ස් පැකට් එකක්වත් හදිස්සියකට නැහැ. අපටත් මේ ලෙඩේ තියෙනවද කියල දන්නෙත් නැහැ. ඉතින් කොත්තමල්ලී ටිකක්වත් තම්බා්ගෙන බොන්න, දෙහි ටිකක්වත් හදා ගන්න විදිහක් නෑ. මෙතන මේවා කතා කරන්නත් බෑ. ඒක මගේ රස්සාව නැති වෙන්න කාරනයක් වෙන්නත් පුළුවන්. කට වහගෙන ඔහේ ඉන්නවා. ගෙදරින් අම්ම්ලත් හොදටම බය වෙලා ඉන්නේ. අපි මොනව කරන්නද කියල හිතා ගන්න බැරිව ඉන්නේ.”

ඒ අනුව අනාවරනය වුයේ මෙවැනි සත්‍ය තත්වයන් සගවමින් ඉතා බරපතල ලෙස සේවකයින් පාලනය කරමින් රැකියාව ආරක්ෂා කර ගැනීම පිලිබද දැඩි බියක් ඔවුන් තුළ උපදවමින් මෙම සේවකයින්ගේ නිදහස මෙම තත්වය තුල දැඩි ලෙස සීමාවන්ට ලක්කොට ඇති බවයි. කෙසේ හෝ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිිත කිරීම බව පෙන්වමින් ඇති කර ඇති ව්‍යුහයන්ද අසාර්ථක වීම තුළ මේ වන විට සේවකයින් ඉචිචාබංගත්වයට පත් වී ඇති අතර, ඇත්ත වශයෙන්ම මේ හොස්ටල්කරණය තුල අවධානය යොමු වී ඇත්තේ සේවක ආරක්ෂනයද යන්න බරපතල ගැටළුවක් බවට මේ වන විට පත්ව තිබේ. නමුත්, තත්ත්වයට සාධාරණ සහ යුක්තිසහගත විසදුමක් සෙවීමට කිසිදු කර්මාන්තශාලා හිමියෙක් හෝ ආණ්ඩුවේ කිසිදු බලධාරියෙක් සිය අවධානය යොමුකර නැත. බරපතල වසංගත තත්වයක් තුළ ‘මැණික් කුළුණු’ හදන ආණ්ඩුව මේ අසරණ වී සිටින සේවකයින් විදින දුක් පීඩාවන් නොදැක්කා සේ සිටීමෙන් පැහැදිලි වන්නේ මේ මනුෂ්‍ය ජීවිත ඔවුන්ට වැදගත් නැති බව නොවේද?

අශිලා දන්දෙනිය | Ashila Dandeniya