COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත් විය.

කෙසේ නමුත් ඉරණතිව් ජනතාවගේ සහ ඔවුන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුරවැසියන්ගේ ප්‍රබල විරෝධය නිසා ආණ්ඩුවට එම තීරණය හකුලා ගැනීමට සිදුවිය. වසර 25 කට වැඩි කාලයක් නාවික හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ ඉරණතිව් දූපත, එහි මුල් පදිංචිකරුවන් 2018 අප්‍රේල් 23 වන දින නැවත සිය භූමියේ පදිංචි වීමට අවස්ථාව හිමි වූයේ සිදුකරල ලද අරගලයේ ප්‍රතිඵලයක් ලෙසය.

නමුත් පසුගිය සිරිසේන-රනිල් ආණ්ඩුව මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව ද මෙම දූපතේ මිනිසුන්ගේ මූලික යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රතික්ෂේප කිරීම නිසා, අර්ථවත් ලෙස නැවත පදිංචි කිරීමට සහ මෙහි වැසියන්ට ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විඳීම බරපතල අභියෝගයක් වී තිබේ.

පහත දැක්වෙන්නේ අප 2021 මාර්තු 9 වන දින ඉරණතිව් දිවයිනේ සිදුකල ඉතා කෙටි සංචාරයකදී, මෙහි මිනිසුන් මුහුණදෙනු දුටු අභියෝගයන් ය. එහි ඡායාරූප සටහනයි. (All photos taken by the author on 9th March 2021 / iMage @rukifernando)

ඉරණතිව් මිනිසුන්ගේ ජීවිතය සහ අභියෝග

ඉරණතිව් පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න