මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ කොටස් වාසය කළ ද රැකියාව, භාෂාව ආදී දෙයින් ඔවුන්ගේ සමාජ ජීවිත එකට ගැට ගැසී තිබේ. දීර්ඝ කාලයක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ හුදෙකලා කෙළවරක පිහිටා ඇති මේ දිවයිනේ ජනයා අදටත් ගෙවන්නේ සුවපහසු ජිවිත නොවේ. ඒ අතරින් කාන්තාවන් විවිධ මට්ටම්වල දී අනේක විධ වෙනස්කොට සැලකීම්වලට බඳුන් වේ. මේ ඔවුන් මෙතෙක් නොකියූ කතාන්දර යි. [Photo and Story By Sanjula Pieterz | @2021]

සංජුලා පීටර්ස් | Sanjula Pieterz
__________________________________________________________

“පොලිසියට ගියාම කෙලින්ම අපේ ප්‍රශ්නෙ ඉදිරිපත් කරන්න බැහැ. නිලධාරීන් සිංහල කතා කරන පුද්ගලයින් නිසා භාෂා පරිවර්තකයෙක් හරහා අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. භාෂා පරිවර්තකයා මොනවා කියනවද, සිංහලෙන් මොනවා සටහන් කරගන්නවද කියලා අපි දන්නෙ නැහැ. එක වචනයක් හරි වැරදුණොත් අපි කියන දේට හාත්පසින්ම වෙනස් දෙයක් කියවෙන්න පුලුවන් නේද?….[අන්තෝනිඅම්මා]”

ඡායාරූප සමග සම්පූර්ණ සටහනට පිවිසෙන්න.

Or…පහත ඡායාරූපය මත ‘ක්ලික්’ කරන්න (මෙම අන්තර්ගතයන් වෙනත් මාධ්‍ය අවකාශයක පළ කිරීමේදී ‘සංජුලා පීටර්ස්’ සහ ‘විකල්ප’ වෙබ් අඩවිය යනුවෙන් සටහන් කිරීමට කාරුණික වන්න)

නොකියූ කතාන්දර