මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ කොටස් වාසය කළ ද රැකියාව, භාෂාව ආදී දෙයින් ඔවුන්ගේ සමාජ ජීවිත එකට ගැට ගැසී තිබේ. දීර්ඝ කාලයක් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ හුදෙකලා කෙළවරක පිහිටා ඇති මේ දිවයිනේ ජනයා අදටත් ගෙවන්නේ සුවපහසු ජිවිත නොවේ. ඒ අතරින් කාන්තාවන් විවිධ මට්ටම්වල දී අනේක විධ වෙනස්කොට සැලකීම්වලට බඳුන් වේ. මේ ඔවුන් මෙතෙක් නොකියූ කතාන්දර යි. [Photo and Story(2) By Sanjula Pieterz | @2021/ *මෙහි ඇතැම් අයගේ සැබෑ අනන්‍යතා හෙළි කර නොමැත.]

සංජුලා පීටර්ස් | Sanjula Pieterz
__________________________________________________________

“මම යුද්ධය නිසා අබාධිත වුණු කාන්තාවක්. මම ජීවත් වෙන්නේ යුද්ධයෙන් ආබාධිත වුණු පුද්ගලයින්ට හදපු ගම්මානයක. මෙහෙ වැඩිපුරම ඉන්නේ ගෘහමූලික අබාධිත කාන්තාවන්. අපිව පදිංචි කරපු මේ ගම පිහිටලා තියෙන්නේ නගරයෙන් ගොඩක් දුර බැහැර, වෙන කිසිම ස්ථානයකට ප්‍රවේශ වෙන්න අමාරු පාළු ස්ථානයක කැලෑව ආසන්නයේ. කෙනෙක් අසනීප වුණොත් රෝහලකට ගෙනියන්න ලොකු වියදමක් යනවා. හදිසියේ දුරකථනයට සල්ලි දාන්න ඕනේ වුණොත් ලොකු කාලයක් මුදලක් මහන්සියක් දරන්න ඕනේ. අපිව පදිංචි කරලා තියෙන මේ ස්ථානයේ ඉඳන් ජනාවස ප්‍රදේශයකට දුර නිසා අපිට තියෙන රැකියා අවස්ථා හරි අඩුයි. ඇත්තටම නැති තරම්. [රසිකුමාර් සුගන්ධි]”

ඡායාරූප සමග සම්පූර්ණ සටහනට පිවිසෙන්න.

Or…පහත ඡායාරූපය මත ‘ක්ලික්’ කරන්න (මෙම අන්තර්ගතයන් වෙනත් මාධ්‍ය අවකාශයක පළ කිරීමේදී ‘සංජුලා පීටර්ස්’ සහ ‘විකල්ප’ වෙබ් අඩවිය යනුවෙන් සටහන් කිරීමට කාරුණික වන්න)

නොකියූ කතාන්දර(2)