‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ ගේම් බොහෝ වෙලාවට හිංසනීය යි. අනෙකා පීඩාවට පත්කරයි. සමාජ, දේශපාලන වටිනාකම් සොදාපාලුවට ලක්කරයි. සමාජය පසුපසට ගෙන යයි. කොටින්ම කිවහොත් බොහෝ විට ඒවා ශිෂ්ට බවින් තොරයි. ඒ අතර ම පරිගණකයෙන් හෝ ජංගම දුරකතනය ඇතුලු තාක්ෂණික උපාංග භාවිතා කරමින් ද ගේම් ප්ලේ කරයි. මේවා බොහෝ විට විනෝදයට කරන ක්‍රීඩාය. විටෙක ඒවා කාන්සිය, තෙහෙට්ටුව නිවා ගැනීමට ද උදව් කරයි. නමුත් ඇතැම් පරිගණක ක්‍රීඩා මිනිස් මනස ප්‍රචණ්ඩත්වය දෙසට නැඹුරු කරන බවක් ද පරිගණක ක්‍රීඩා ගැන සාකච්ඡා කරන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. කෙසේ නමුත් පෙර කිවූ විදිහටම පරිගණක ක්‍රීඩා කියපු ගමන් ඔලුවට එන්නේ විනෝදයට කරනු ලබන ක්‍රීඩා ලෙසයි.

මීට වසර ගණනාවකට පෙර, 1994 වැනි කාලයක නිශ්පාදනය කළ, ලොව පුරා ප්‍රසිද්ධ වූ Need for Speed එවැනි ගේමකි. එය කාර් රේස් එකකි. සෑහෙන ආසාවකින් එය සෙල්ලම් කල බව ලියුම්කරුගේ මතකයට එයි. ඒවා වලින් විනෝදයක් ලැබිණි. පරිගණකය ඇසුරෙන් Play කළ එය අපට තාක්ෂණය පිළිබදව දැනුමක් ද ගෙනදුන්නේය.

ඉන්පසු ඉද-හිට එවැනි කාර් රේස් Play කළා මතකය.

ඒ ‘ගේම්’/ Game ගැන මා සදහන් කළේ වෙනත් Game එකක් ගැන යමක් කීමටය.

Aiyo Alice‘ ඒ Game එකයි. Mobile Game එකක් ලෙස නිශ්පාදනයකර, අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ MinorMatters නම් වැඩසටහනයි. MinorMatters කියන්නේ විවිද ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සදහා වෙහෙසෙන වැඩසටහනකි. එම MinorMatters වැඩසටහන නිශ්පාදනය කළ ‘Aiyo Alice’ Game එකත් ‘Game එකකට එහා යමක්’ Game එක Play කරන අපිට ලබා දෙයි. ඒ නිසාම මේ ‘Aiyo Alice’ Game එක ලංකාවට හදුන්වා දී ඇත්තේ අලුත්, නැවුම් අදහසකි. තමන්ගේ Divice එකට එය Install කර, Play කීරිමෙන් විනෝදයක් ලබන ගමන්ම, ඉගෙනුම් ක්‍රියාවලියකට අපව යොමු කිරීමට ගත් අනර්ඝ උත්සහයකි. අන්තර්ජාලය තුළවන දත්ත සහ තොරතුරු, දත්ත සහ තොරතුරු බෙදා ගැනීම පිළිබද සාක්ෂරතාවය, ගේම් එකක් සමගින් ඉගෙන ගැනීමට අපව යොමු කරන අලුත් නිමැවුමකි.

මේ ගේම් එකේ ඉන්නේ අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි. දෙන්නා එළියට යනකොට නංගි බැලුන් ටිකක් එක්ක උඩ යනවා. දැන් අයියට ඕන වෙනවා නංගිව ආරක්ෂා කරගෙන ගෙදරට එක්කරගෙන එන්න. එතකොට එහෙම නංගිව ආරක්ෂා කරගෙන එක්කරගෙන එනකොට අයියට මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි මේ Mobile Game එකෙන් අපිට ප්ලේ කරන්න හදලා දීලා තියෙන්නේ. ඒ තමයි සාරාංශය. විශේෂයෙන් කොව්ඩි කාලයක එහෙම උනාම මොකද කරන්නේ? සහ තවත් දේවල් ගොඩක්, අපිට ගේම් ඒක ප්ලේ කරාම ඒක තුළින් බලා ගන්න පුලුවන්.

ඒ වගේම, මේ ගේම් එකේ විස්තර තිබෙන කොටසේ, විශේෂයෙන් කොවිඩ් වසංගතය පිළිබද කරුණු ද, වසංගතයෙන් ආරක්ෂා වීම වැනි කරුණු ද මේ ‘Aiyo Alice’ අපිට නැවතත් මතක් කර දෙයි. එසේම කොවිඩ් වසංගතයටත් වඩා වසංගතයක්ව, අන්තර්ජාලය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත කරන ව්‍යාජ පුවත් හදුනා ගන්නා අකාරය වගේම ඒවා සංසරණය වීම වළක්වා ගන්නේ කෙසේ ද යන්නත් ‘Aiyo Alice’ ගේම් එක අභ්‍යන්තරයෙන් අපට සන්නිවේදනය කරයි.

එයටත් අමතරව ‘වෙනස් කොට සැලකීම’ වැනි නිශේධාත්මක සමාජ, දේශපාලනික තත්ත්වයන් පිළිබදවත් ‘Aiyo Alice’ අපිට ගේම් එකෙන් කියා දෙයි. ‘හිංසනය’, විශේෂයෙන් සයිබර් අවකාශයේ සිදුකරන හිංසනයන් ගැන ද මේ ‘Aiyo Alice’ අපිට කියා දීමට අමතක නොකරයි. එසේම ‘වෛරී ප්‍රකාශ’ පිළිබදවද ‘Aiyo Alice’ සිය අවධානය යොමු කරයි. විශේෂයෙන් ලෝකයේ ඇතැම් රටවල උදාහරණ ද, පිළිගත් සංවිධානවල මූලාශ්‍ර ද ඉදිරිපත් කරමින් ‘Aiyo Alice’ Game එක ‘විනෝදය තුළින් ඉගෙන ගමු’ යැයි අපිට යෝජනා කරයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සිය මූලික අදහස් ඉදිරිපත් කරන ‘Aiyo Alice’ සයිබර් අවකාශයේත්, ඉන් පිටතත් ගෞරවනීය සහ සමාජ වගකීමෙන් යුතුව හැසිරීම පිළිබද අවබෝදය ‘Aiyo Alice’ ගේම් එක Play කිරීමෙන් ලබාදීමට උත්සහා කරයි.

2019 දී සංවිධාන 19ක් එක්ව අපේ කලාපයේ පළමු වරට ඉදිරිපත් කළ, ‘මානව හිමිකම් මත පදනම් වූ අන්තර්ජාලයක්‘ යන්න තේමා කරගත් ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය‘ හි සාකච්ඡා කර ඇති අදහස් ද මේත් සමග අධ්‍යනය කිරීමට යෝජනා කරන්නේ, MinorMatters විසින් Mobile Game එකක් මාර්ගයෙන් සමාජගත කිරීමට ගන්නා ලද අපූරු, නිර්මාණාත්මක උත්සහය තවත් පැත්තකින් පෝෂණය කිරීම සදහාය. එසේම ‘Aiyo Alice’ ලංකාවේ පළමු වරට සිදුකරනු ලැබූ නිර්මාණාත්මක අත්හදා බැලීමක් ලෙසටත් අපිට සලකන්න පුලුවන්.

විශේෂයෙන් අන්තර්ජාල සාක්ෂරතාවය, මිනිස් අයිතිවාසිකම්, ආදී විවිද ක්ෂේත්‍ර පිළිබද වැඩමුලු, සම්මන්ත්‍රණ, සාකච්ඡා, ප්‍රකාශණ, ආදී දේවල් වගේම මේ ‘Aiyo Alice’ නවමු අත්දැකීම අතේ තිබෙන Mobile Divice එක හරහා අන්තර්ජාල සාක්ෂරතාවය දියුණු කිරීමට අත්වැලක් සපයයි. ලාංකීය ප්‍රජාවට, මේ ‘Game’ එක හරහා දන්න දේ, නැවත නැවත මතක්කර ගන්නත්, නොදන්නා අයට අලුතින් ඉගෙන ගන්නත්, ‘Aiyo Alice’ උදව් කරයි.

මේ දැන්ම ‘Aiyo Alice’ ඩවුන්ලෝඩ් කර ගන්න.

Play කරන්න. කියවන්න. ඉගෙන ගන්න. බෙදා ගන්න.

‘ගේම් ගහන’ නරුමයින් ඉන්න සමාජයක ‘Mobile Game’ එකක් Play කරලා හරි නිවැරදි, යහපත් දේ ඉගෙන ගමු!

‘වඩා යහපත් ලෝකයක් වෙනුවෙන්, අන්තර්ජාලයට කළ හැකි දේ බොහෝ ඇත.’