iMage: Vikalpa

[VIDEO here]

2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 4ක් අද( අප්‍රේල් 21) සනිටුහන් කළේය. මෙම ප්‍රහාරය සමස්ත ශ්‍රී ලාංකිකයින්ම බියෙන් සළිත කළ අතර, රටට ඉතා අහිතකර බලපෑමක් එල්ල කළේය.

කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මිගමුව ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කිංග්ස්බරි සහ ශැංග්‍රිල්ලා හෝටලය මෙන්ම දෙහිවල ට්‍රොපිකල් ඉන් සහ දෙමටගොඩ නිවාස සංකීර්ණය ට මෙම ප්‍රහාරයන් එල්ල විය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 273 දෙනෙක් ඝාතනය වී 500කට අධික පිරිසක් සිය ජීවිත කාලයම ඇදන් මත ගෙවා දැමීමට සිදුව තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයේ සුල මුල සෙවීම සදහා පැවති ආණ්ඩු විසින්, බැලූ බැල්මටම දේශපාලන උනන්දුවක්, ඕනෑමකමක් නොමැති ඇතැම් ක්‍රියාමාර්ග ගත්ත ද ඒවා බොහෝමයක් ජනතාවගේ සමච්චලයට ලක්විය. එය කෙසේ වීද යත් ‘රාජ්‍ය බලය ලබා ගැනීම සදහා සැලසුම් සහගත ව සිදුකරන ලද්දකි’ වැනි මතයන්, ලාංකීය සමාජය තුළ වර්ධනය වන්නට විය. නමුත් ඒ කිසිම උත්සහයකට හෝ මතයකට වසර 4ක් ගත වෙන විටත් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වී තිබේ.

ඒ ඇයි? අප විමසිය යුත්තේ එයයි.

යුක්තිය උදෙසා ජන පවුර

පාස්කු දින ප්‍රහාරයෙන් වසර 4ක් ගතවන මේ මොහොත වන විට ‘යුක්තිය’ ඉටු නොවීම නිසා යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් කිතුණු ප්‍රජාව මූලික කර ගත් ප්‍රගතිශීලී ජනයා විසින් ජන පවුරක් සංවිධාන කළේය. එම යුක්තිය උදෙසා වන ජන පවුර ඊයේ(20) කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පා ගමනින් පැමිණියෝ ය. එසේ පැමිණ සිටි ජනතාව අද උදෑසන ප්‍රදර්ශනය කරමින් සිටි ඇතැම් පුවරු වර්තමානයේ ලාංකීය දේශපාලනයේ ඇතැම් තත්ත්වයන් මනාව පිළිබිඹු කරනු ලබන සංඛේතයන්ය.

”After 4 Years of Easter Sunday Attack – Dirty Politics Must End!”

”පාස්කු ඉරු දින ප්‍රහාරයට වසර 4යි – හිරි වැටුනු දේශපාලකයින් එපා” ඉන් කිහිපයකි.


එබැවින් ඓතිහාසිකව සිදුකර ඇති අපරාධවලට යුක්තිය නොලැබෙන තාක්කල් ප්‍රචණ්ඩත්වය පිළිබද තර්ජනය රටක් ඉදිරියේ හැමදාමත් තිබේ. එබැවින් සියලු වින්දිතයන්ට සත්‍ය සහ යුක්තිය අත්‍යවශ්‍යය.

Full Photo Set;