යෝජිත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස සහ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිබඳ මූලික මූලධර්ම උල්ලංඝණය වීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

ප්‍රමාණවත් ආරක්‍ෂාවන් පිහිටුවා නොමැති විට, මෙම යෝජිත පනත් විශේෂයෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්‍ෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන සහ රජය විවේචනය කළ හැකි අයගේ විසංවාදී අදහස් යටපත් කිරීමට යොදා ගත හැකිය. 2024 සහ 2025 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ පසුබිමෙහි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි(ICCPR) හි 19 වැනි වගන්තියේ විධිවිධානවලට අනුකූලව මාධ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ බහුත්වවාදයට ගරු කරන ලෙස එම ලිපිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

සම්මත කර ගන්නා නීති ඔබ රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත සහ විකාශන නියාමන කොමිෂන් සභා පනත යන දෙකෙහිම ප්‍රධාන අංගයන් ඉවත් කර ගන්නා ලෙස, මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලෙස ලෙස සහ සැලකිය යුතු සමාලෝචනයක් කරන ලෙස එම ලිපිය ශ්‍රී ලංකා රජය දිරිමත් කරයි.

නීති කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට සිවිල් සමාජයට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහා, සියලු පාර්ශ්වකරුවන් සමඟ වඩා හරවත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව දක්වන එම ලිපිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහතික වන පරිදි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යහපත් භාවිතයන් අනුගමනය කරන ලෙසත් නිර්දේශ කරයි.

මෙම ලිපියට පහත් සඳහන් එක්සත් ජාතීන්ගේ විශේඥයින් අත්සන් කර ඇත.

[BY srilankabrief.org]

Irene Khan, අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

Clement Nyaletsossi Voule, සාමකාමීව රැස්වීමේ සහ සංගමයේ නිදහසේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු

Ana Brian Nougrères, පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු