iMage/Video: vikalpa.org

යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීම නිසා පසුගිය 12වනදා පොලීසිය විසින් සාම්පූර් හී දී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 4දෙනා, මැයි 27 දක්වා බන්ධනාගාර ගතකිරීමට මූතූර් අධිකරණය නියෝග කළ අතර, වික්‍රමසිංහ ආණ්ඩුවේ මෙහෙයවීම යටතේ, පොලීසිය විසින් ම්ලේච්ඡ ලෙස එම දෙමළ මිනිසුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද(15) කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

“යුද වින්දිතයන්ගේ අනුස්මරණ අයිතියට අත නොතබනු!” කොළඹ, පොලිස් මූළස්ථානය ඉදිරිපිට දී එම විරෝධතාවය පැවති අතර අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, කතෝලික පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු පුරවැසියන් එයට සහභාගී වී සිටිය හ.

එහිදී සුවිශේෂ සිදුවීමක් වූයේ පොලිස් මූළස්ථානය ඉදිරිපිට දී, පැමිණ සිටි සියලු දෙනාට, කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) බෙදා දීමය. එසේම එම කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) බෙදා දීමට පොලිසියේ කිසිදු විරෝධතාවයක් හෝ විමසීමක් සිදු නොවීමය.

ඒ දකුණේ නිසාද? යුද්ධාවසනයෙන් වසර 15ක් ගත වෙන මොහොතේ මෙය ඉතාමත් ගැඹුරින් සළකා බැලිය යුතු කරුණක් ය.