සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Media, Peace and reconciliation

LLRCයට සාක්‍ෂි ලබාදුන් අයට ආරක්‍ෂාව අවශ්‍යයි: හදිසි නීති විවාදයේදී මන්ත්‍රී මාවෙයි සේනාදිරාජා පවසයි

උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම(LLRC) ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් සිවිල් වැසියන්ට පූර්ණ ආරක්‍ෂාව ලබා දීමට අවශ්‍ය බව සහ හමුදාවේ හිරිහැරවලින් මේ අය ආරක්‍ෂා කළ යුතු බව මාවෙයි සේනාදිරාජා මන්ත්‍රීවරයා 23 වැනි දින පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලිමක් කර ඇතිබව 2010 සැප්තැම්බර් 24 සුඩර් ඔළි පුවත් පත වාර්තා කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ජනාධිපති විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසමාධානය පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්‍ෂි ලබාදුන් දෙමාපියන්, ‛‛හමුදාව විසින් රැගෙන ගිය හා හමුදාවට භාර වූ තමන්ගේ දරුවන්ට කුමක්ද වුණේ’’ යනුවෙන් ප්‍රශ්න කර ඇත. හමුදාව විසින් තමන්ගේ දරුවන්ට කළ වදහිංසා පිළිබඳව සහ ඔවුන් තවමත් ජීවතුන් අතර සිටීද යන්න පිළිබඳවත් තමන් නොදන්නාබවත්, හඬමින් මෙම දෙමව්පියන් කොමිසම ඉදිරියේ ප්‍රශ්න කර ඇත.

මේ ආකාරයට සාක්‍ෂි ලබා දුන් සිවිල් වැසියන්ව ආරක්‍ෂක අංශ විසින් වද හිංසාවට ලක්කරන බවත් තර්ජනය කරන බවත් මෙම වැසියන් ප්‍රකාශ කර ඇත.
හමුදාව විසින් ලොරි වලින් රැගෙන ගිය තමන්ගේ දරුවන්ට කුමක්ද සිදුවුනේ කියා නොදන්නා දෙමාපියන් රැසක් සිටින බව මෙම මන්ත්‍රිවරයා ප්‍රකාශකර ඇත. හමුදා කඳවුරක පුනුරුත්ථාපනය වූ ළමයින් 150ක් භාර ගැනිම සඳහා දෙමාපියන්ගෙන් අත්සන් ලබාගෙන ඇති මුත්, මෙම ළමයින් තවමත් නිදහස් කර නොමැත. මේ අය සිටින්නේ කොහෙද? ඔවුන් ජීවතුන් අතර සිටීද? යන කිසිවක් දැනගන්නට නැත.