iMage: HT
මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ ගෙවෙන මොහොතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මත ගොඩ නැගෙමින් නැවත තහවුරු කිරීමට උත්සුක වන දේශපාලනය විවේචනාත්මක ව කියවීමය. එම කියවීම වෙත වූ පසුබිම තුළින් මෙම ලිපිය ආරම්භ කරමි. ඉන් අනතුරුව, දෙවන අදියර ලෙස, එම දේශපාලනයේ පුරුෂ මුලික ස්වභාවය ප්‍රකාශ කිරීම අරමුණු වන අතර, තෙවන අධියර ප්‍රතිසංස්කරණ සාකච්ඡාව ඉදිරිය ගෙන යාමට උත්සහා කරයි.
මා සම්බන්ධ ව සිටින එක් උගැනුම් – ඉගැන්වීම අධ්‍යන උදෙසා වන කවයක දී, එක් ස්ත්‍රී පර්යේෂිකාවක්, ශ්‍රී ලංකාවේ බුද්ධාගම පාසල් අධ්‍යන පොතෙහි අඩංගු කරුණු, විකෘතියක් ලෙස විශාල වශයෙන් විග්‍රහ කරන ලදී. එහි දී ඇය, බුද්ධාගමේ අන්තර්ගතය පමණක් නොව, එහි භාෂා භාවිතය ද නිවැරදි නොවන බවත්, එහි වූ රූපක කෘතීම බුද්ධිය විසින් ජනනය කර ඇති බවට පැවසුවේ කෘතීම බුද්ධි භාවිතය එක් ආකාරය පසු බෑමක් ලෙස පෙන්වා දෙමිනි.
හාස්‍ය වෙනුවෙන් ඔබ සමඟ මෙම කොටස බෙදා ගමි.
සිද්ධාර්ථ කුමාරයා අභිනිශ්ක්‍රමණය කිරීමේ දී තරණය කරන ලද ගංගාව තෙමස් නදිය බවට මට පැවසුවේ, මාතර රාජ්‍ය විශ්ව විද්‍යාලයක සිංහල සම්බන්ධ ආචාර්ය උපාධිධාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුමියෙකි. ඒම තර්කනයේ ආරම්භය, සිද්ධාර්ථ කුමරු ගිහි ගෙය අත්හැර අභිනිශ්ක්‍රමණයේ දී කුමන නදිය තරණය කලේද යන එක කලෙක ගොඩනැගී, වර්ථමානයේ දී පවතින ප්‍රවාදයක් කේන්ද්‍රීවය. මා ජිවත් ව නොසිටි සහ ජිවත් ව සිටියා ලෙස උපකල්පනය කරනු ලැබූ පසුවද ගෝලීය ව එම අවකාශයේ පැවතිය හැකි ද යන බුද්ධියට යටත්ව මා පැවසුවේ “බුද්ධාගම් අච්චු පොතේ කියවන ලෙස (කරුණු නිවැරදි හෝ නොමැතිව, භාෂාව පවසන ලෙස ), සිද්ධාර්ථ කුමරු නේරංජනා ව තරණය කර අනෝමා ගංගා තීරණය ට පැමිණි ” බවය. එයට තරයේ විරුද්ධ වූ ඇය පැවසුවේ, “එය එක ගංගාවක් වන අනෝමා ගංගාවෙන් කුමරු එතෙර වූ බවය “. එය සපථ කිරීමට ඇය බෞද්ධ භික්ෂුන් ගෙන් විමසු බවත්, මින් ඉදිරියට මා වෙත එම සුත්‍රය ද එවිය හැකි බව ද එම ස්ත්‍රී ගවේශිකාව විසින් දැනුම් දෙන ලදී.
මගේ එකම ප්‍රතිචාරය නම්, පාසල් අධ්‍යන පොත් හි අන්තරගතය විවේචනය කිරීමේ දී තව දුරටත් හේතු රහිත වීම සුදුසු බවය. මෙම විස්තරාත්මක පොත් රචනා කිරීමේ දී, ඒවා පාරම්පරික ඥාන විමංසා කේන්ද්‍රය ව මිස, පවතින ව්‍යූහය කේන්ද්‍රීය ව රචනා නොවු හෙයින් වෙනස් වීම සංස්කරණ දුර්වලතා ලෙස නොව නව පරිකාල්පනිකයන් ලෙස මා විසින් සලකමි. තරණය කල ගංගාව අසන්නට කන්ථකවත් නොමැත. එවිට පැවති ගංගාවේ පරිමාණය කිසිවෙකු ට මේ මොහොතේ ජිවත් වන කිසිවෙන්කුට පාරම්පරික ඥාන මිමංසාව හරහා තීරණ කළ නොහැක්කේ, මිහිතලය කාලගුණ විපර්යාසයට නිරන්තරයෙන් ගොදුරු වන හෙයිනි. එවැනි පසුබිමක ආගමික පාසල් අධ්‍යන පොත් හි අන්තරගතය නව තාක්ෂනය යටතේ ලියවීම පිලිබඳ කලබයලට පත්විය යුතු ද?
මේ පසුබිම මත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත මාගේ අවධානය යොමු විය. එම ප්‍රතිසංස්කරන අගමැතිණී අචාර්ය හරිනි අමරසුරිය ව ගෙන එමින් පවතිනුයේ තැචේරියානු අවස්ථාවක් වෙතද ?
1979 සිට 1990 දක්වා, එංගලන්ත අගමැතිව සිටි මාග්‍රට් තැචර්(Margaret Thatcher) පැවසූ පරිදි, ඇයගේ ජිවිත කතාවේ එක් කොටසක අදහස මෙලෙසය; “අගමැති ලෙස ට, කටයුතු කිරීමේ දී, සාමූහික පාලනය මාගේ තීරණ මත ම නොව සුදු මුතුපොට සහ මැදි සාය මත ද තීරණය විය” තැචර් එංගලන්ත Conservative පාක්ෂයේ නායත්ව ට පත්වන 1975 වන විට, ලෝකයේ ප්‍රථම අගමැතිනියගේ ආණ්ඩු බලය කැරැල්ලක ට මුහුණ පා අභියෝගයකට ලක් වූ බව ස්ත්‍රීන් ගේ දේශපාලන නායකත්වය අහිමි කර වින්දිත වීම යන කියවීම මගින් වර්තමාන ශ්‍රී ලංකා අගමැතිනිය වන හරිනි අමරසුරිය වෙත අනුකම්පා කිරීම අයදින දේශපාලනයක් ප්‍රකාශ කිරීම මාගේ කිසිදු අරමුණක් නොවේ. නමුත් ප්‍රතිසංස්කරණ මගින් බල ධුරාවලින් සෙලවීම සහ නව බල අවකාශ ඇතිවීම, එම අවකාශ වෙත අන්තර්ගත වීම හෝ නොවීම හරහා ස්ත්‍රී නායකත්වය අභියෝගයට ලක්වන බව තිරලෙස පෙන්විය හැකිය.
අධ්‍යාපන ඇමතිනිය ලෙස 1970- 1974 දක්වා කාලය තුළ සේවයේ නිරත වූ තැචර් පෙර labour පක්ෂය විසින් පිහිටුවා තිබු 10/65 චක්‍රලේකය ඉවත්කර නව පාසල් තලයක් ( comprehensivisation) පිහිටු වීමට උත්සුක විය. මෙම ක්‍රියාවලියේ දී, තැචර් කිසිදු සම්බන්ධීකරණයක් නොමැති ව තීරණ ගත් බවත් දරුණු විවේචනයක් එල්ල විය. තැචර් ඉදිරිය ට යමින් ඇයගේ ම නව ප්‍රතිපත්තියක් 10/70 චක්‍රලේකය ලෙස ස්ථාපිත කරන ලදී. මෙම ප්‍රතිපත්තිය තුළින් අධ්‍යාපන ආයතනික ව්‍යුහය වෙනස් කරන ලදී. 1971 දී Lord Rothschild යෝජනාවක් වූ වෙළඳපොළ බලපෑම් සහිත පර්යේෂණ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තැචර් අනුබල දුන් අතර වෙළඳපොල බලපෑම් සහිත පර්යේෂණ පරිසරයක් ස්ථපිත කිරීම දැඩිව විවේචනය විය.
තැචර් ගේ ආර්ථික ප්‍රතිසංසකරණ, “තමන් විසින් ම තමන් ගේ උදරය ඡේදනය කරගෙන සිදුකරණ ජපන් සංස්කෘතියේ මිය යාමට ” සම කරනු ලැබුවේ, එම ප්‍රතිසංසකරණ මගින් රාජ්‍ය හකුළුවා, රාජ්‍ය සේවක වියදම කප්පාදු කරමින්, සුභාසාධනය අවම වීම හේතුවෙනි. නමුත් තැචර් ගේ අනුප්‍රාප්තික LABOUR පක්ෂය, ලෝක බැංකු ප්‍රතිසංස්කරණ වෙත යමින්, ඉන්ධන කෙන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙත එංගලන්තය රැගෙන යාමට උත්සුක වුවු ද, රැකියා විරහිතභාවය, දරිද්‍රතාවය සහ අසමානතාවය අවම කිරීමට අපොහොසත් විය. එනයින් පෙනී යන්නේ, පවතින මෙම නව ලිබරල්වාදී ක්‍රමය වෙත හෝ එහි වන අධ්‍යාපනය වෙත හෝ ඒහි අන්තර්ගත සිද්ධාර්ථ කුමරු තරණය කළ ගඟ ගැන තර්ක කරමින් සිටින විට, ප්‍රතිසංස්කරණ මගින්, පොදු ජනයා හට උදරය ඡේදනය කිරීම හැර වෙන තෝරා ගැනීමක් නොමැති බවට පෙන්වා දීමය.
මුතු හෝ සාය නොමැති වුව ද, අචාර්ය හරිනි අමරසුරිය ද තවත් එක් තැචර් කෙනෙකි. ගාල්ලේ අමරසුරිය පාසැල ඉදිකරන ඇයගේ පරම්පාරාව කියා පාන්නේ, පවතින ආර්ථික නිෂ්පාදනයේ අතිරික්තය වෙත ඇය අයත් පවුලේ හිමිකමය. ඇය වැඩකරන පංතිය නියෝජනය කරන ස්ත්‍රියක් නොව, තැචර් වැනිම වැඩකරන පන්තිය බේරා ගැනීම වෙන්වුවෙන් “උණුසුම හෝ අහාර ” (Heat or eat ) වරණය ලබා දෙන පංතිය නියෝජනය ස්ත්‍රියකි. නමුත් ඇය ට ද තැචර් මෙන්ම මුතු හෝ සාය පැළඳීම ට බලකරන පරිසරය අප ප්‍රතික්ෂේප කළ යුතුය. එම බලකිරීමේ ඇරඹුම පිතෘ මුලික සමාජ ක්‍රමය වේ.
මෙය ලිපියේ තෙවන කොටස වන අධ්‍යාපන ප්‍රතිසංසකරණ වෙනුවෙන් ඉදිරියට එමින් පවතින විවේචන සමඟ සම්බන්ද වේ. මගේ ප්‍රථම විවේචනය නම්, නව ප්‍රතිසංස්කරණ මගින් හදුන්වා දෙන නව අධ්‍යාපන වැඩ කොටස කා හට පැවරේ ද? එම වැඩ කොටස ඉටු කිරීමේ දී වන ශ්‍රමය වෙත නව ආර්ථික පිළිගැනීමක් රජය විසින් ලබා දේ ද? එසේම එම නව වැඩ කොටස වෙනුවෙන් අවශ්‍ය වන මානව සම්පත ට අමතරව යටිතල පහසුකම් සැපයේ ද ? එම පසුකම් නොමැති පසුබිකම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේද ? තැචර් ඉතිහාසයේ දී අසාර්ථක වූ එහෙත් වර්තමානයේ දී හරිනි ට සාර්ථක විය හැකි කොටස නම් මෙම මානව සහ පාරිසරික සම්පත් සපයා ගැනීම ප්‍රායෝගික තහවුරු කිරීමෙනි.
සිද්ධාර්ත තරණය කළ ගංගා ව නිශ්චිත කීමට වඩා, පංති කාමරය තුළට දරුවාට-දැරියට හිතැති තාක්ෂනය ගෙන ඒම වෙනුවෙන් අවධානය යොමු විය යුතුය. එවිට තරණ කළ ගංගාව පමණක් නොව, එය තේම්ස් නදී යේ පිහිටීම ද දරු- දැරියන් ට හඳුනා ගත හැකිය.
ලිපිය හමාර කිරීමට මෙසේ ලියා තබමි. මේ නව ලිබරල් ව්‍යුහය ක්‍රමිකව කෘතීම බුද්ධි විප්ලවය වෙත ඇදී යමින් පවතී. එවැනි පසුබිමක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කිරීමේදී කෘතීම බුද්ධියේ භාවිතය පරාමිතියක් ලෙස යොදා ගත හැකිද? එසේ යොදා ගන්නා බල නියෝජනයේ විඥානය, මා විසින් පරීක්ෂා කරනුයේ බියෙන් තැති ගත් ස්ථානයක් ලෙසය. මන්ද, කෘතීම බුද්ධි භාවිතය මඟින් සම්ප්‍රදායික බුද්ධිමය බල ධුරාවලි බිඳ වැටෙමින් පවතින හෙයිනි. මෙම සම්ප්‍රදායික බුද්ධිමය බල ධුරාවලි හිමි පුද්ගල නියෝජනයෝ, පෙර දිනක විවිධ විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් තමන්ගේ නිවසේ ඉහළ මහල් වෙත ගෙන්වා, විශ්වවිද්‍යාල වෙත බඳවා ගැනීම් වෙනුවෙන් බලහත්කාරයෙන් මැදිහත් වී තිබේ. එනම්, එම සම්ප්‍රදායික බල ධූරාවලි විසින් හඳුනාගත් සහ තීරණය කළ හැකියාව සහිත ස්ත්‍රී/පුරුෂයන් විශ්වවිද්‍යාල වෙත බඳවා ගන්නා ලෙසය.
එවැනි පරිසරයක් හිමි නියෝජනයන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙත ගෙන එනු ලබන විවේචනයන්ගේ සුජාත භාවය ප්‍රශ්න කිරීම මගේ අරමුණ නොවුණ ද, එම ඉතිහාසය අමතක කර විවේචන වෙත අවධානය යොමු කිරීමට තරම් මා අඥාන නොවේ.
ආචාර්ය අරුණි සමරකෝන් | Dr. Aruni Samarakoon