දශකයකට වැඩි කාලයක් පුරා යුක්තිය පතා සටන් කරන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, වත්මන් රජය විසින් ගනු ලැබූ එක්තරා තීරණයක් සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව සහ විරෝධය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියි.
ඒ, තම සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ 9 වන චූදිතයා වන හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස්වීම් ලබා දීම පිළිබඳවයි
මෙම විරෝධයට පදනම් වන ප්‍රධාන කරුණු කිහිපයකි:
• බරපතල අපරාධ චෝදනා: අදාළ නිලධාරියාට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ‘මරණයට පත් කිරීම’ ඇතුළු අධිචෝදනා 17ක් ගොනු කර ඇත
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අනාවරණයන්: විමර්ශනවලට අනුව, මොහු 2009 වසරේදී ප්‍රගීත් එක්නැලිගොඩ පළමු වරට පැහැර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ලුහුබැඳ ගිය පුද්ගලයා ලෙසත්, 2010 දී ඔහු අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයෙකු ලෙසත් හඳුනාගෙන තිබේ.
• සාක්ෂිකරුවන්ට එල්ල වන බලපෑම්: මෙවැනි බරපතල චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ලබා දීමෙන් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට සහ විමර්ශන නිලධාරීන් අධෛර්යමත් කිරීමට ඉඩකඩ පවතින බව ඇය පෙන්වා දෙයි. මීට පෙරද මෙම නඩුවේ පළමු චූදිතයා විසින් ප්‍රධාන සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ල කළ බවට වූ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන බව ඇය සිහිපත් කරයි.
• කඩවූ පොරොන්දු සහ නීතියේ ආධිපත්‍යය: එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රතිඥාවන් මෙවැනි තීරණ හරහා බිඳ වැටෙන බවත්, අපරාධ නඩුවක චූදිතයෙකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබා දීම නීතියේ ආධිපත්‍යට පටහැනි බවත් ඇය අවධාරණය කරයි
.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණු කෙරෙහි කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම් වහාම අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසයි. ඇය විසින් ජනාධිපතිවරයාට යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.
.
026 ජනවාරි 13
සන්ධ්‍යා එක්නැලිගොඩ
අංක 136/2, සුහද මාවත, හිරිපිටිය පාර,
පන්නිපිටිය.
විද්‍යුත් තැපෑල : [email protected]
දුරකථන : 0772844590ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.ගරු ජනාධිපතිතුමනි,
විෂය : ප්‍රගීත් එන්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වන චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට උසස්වීම් ලබාදීම පිළිබඳ විරෝධය පළ කිරීම
2010 ජනවාරි 24 වන දින අනීතික ලෙස පැහැරෙගන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එන්නැලිගොඩගේ බිරිඳ ලෙසත්, මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ අගතියට පත් පාර්ශවය ලෙසත් මම මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කරමි.
මෙකී නඩුවේ 9 වන චූදිතයා ලෙස නම් කර සිටින හමුදා බුද්ධි නිලධාරී තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස් යන අයගේ හමුදා නිලය ‘බ්‍රිගේඩියර්’ තනතුර දක්වා ඔබතුමා විසින් උසස් කර ඇති බව මාධ්‍ය වාර්තා මගින් දැනගන්නට ලැබුණි. එම පත්වීම සම්බන්ධෙයන් මාගේ දැඩි කණගාටුව සහ විරෝධය පහත කරුණු පදනම් කරගනිමින් ඉදිරිපත් කරමි:
බරපතල අපරාධ චෝදනා : ගරු නීතිපතිතුමා විසින් 2019 වසරේදී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නිලධාරියාට එරෙහිව ‘මරණයට පත් කිරීම’ ඇතුළු අධිචෝදනා 17ක් ගොනු කර ඇත.
විමර්ශන තොරතුරු : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශනවලට අනුව, 2009.08.27 දින ප්‍රගීත් එස්නැලිගොඩපළමු වරට පැහැර ගැනීම සඳහා හබරණ සිට කොළඹ දක්වා ලුහුබඳින ලද පුද්ගලයා සහ 2010.01.24 දින අතුරුදහන් කිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලෙයකු ලෙස මොහු හඳුනාගෙන ඇත.
යුක්තිය පසිඳලීමට එල්ල වන බාධා : මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබූ අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම මගින්, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත්, විමර්ශන නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාවලිය අධෛර්යමත් වීමටත් විශාල ඉඩකඩක් පවතී.
බ්‍රිගේඩියර් තනතුර දරා, දැනට විශ්‍රාමික මෙම නඩුවේ පලමු චූදිතයා විසින්, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට (4 වන සාක්ෂිකරු) දැනට සේවයේ නිරත හමුදා නිළධාරීන් මාර්ගයෙන් බරපතල මරණ තර්ජන හා බලපෑම් කර ඇති අතර, මේ වනවිට ඔහුට විරුද්ධව අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීමේ කොට්ඨාශය මගින් ගොනුකරන ලද අංක BR 115/01/PC/2025 B වාර්තා නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව ඔබතුමාගේ අවධානයට යොමු කරමි.
පොරොන්දු කඩවීම : එක්නැලිගොඩ නඩුව කඩිනම් කර යුක්තිය ඉටු කරන බවට ඔබතුමා ලබා දුන් ප්‍රතිඥාවන් පිළිබඳව අප තැබූ විශ්වාසය මෙවැනි තීරණ හරහා බිඳ වැටීමට ලක් වේ. බරපතල අපරාධ නඩුවක චූදිතෙයකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින නිලධාරියකුට රාජ්‍ය ගෞරව සහිත උසස්වීම් ලබාදීම නීතියේ ආධිපත්‍යට සහ යහපත් පූර්වාදර්ශයන්ට පටහැනි බව මගේ විශ්වාසයයි. එබැවින්, කරුණාකර මෙම කරුණු කෙරෙහි ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කර, අදාළ නිලධාරියාගේ උසස්වීම වහාම අත්හිටුවීමට හෝ දැනටමත් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.මෙයට විශ්වාසී
සන්ධ්‍යා එන්නැලිගොඩ
පිටපත්:
1.ගරු අගවිනිසුරුතුමා – ශ්‍රේෂ්ඨාධිකරණය.
2.ගරු නීතිපතිතුමා – නීතිපති දෙපාර්තමේන්තුව
3.UN Working Group on Enforced Involuntary Disappearances (UNWGEID)