සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

බෑං කීං මූන්ගේ විද්වත් කමිටුවේ ආන්දෝලනාත්මක වාර්තාව එළි දකී.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී පුද්ගල විද්වත් කමිටුවේ වාර්තාව ඊයේ[25] නිළ වශයෙන් එළි දක්වා ඇත.

එම වර්තාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය විසින් යුද්ධයේ අවසන් අදියරේ සිදු කරන ලද අපරාධයන් සම්බන්ධයෙන් පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබෙන අතර එම අපරාධ සම්බන්ධයෙන් වගවීමකින් යුතු ස්වාධීන පරීක්ෂනයක් සිදු කරන ලෙස යෝජනා කර තිබේ.
කෙසේ නමුත් මෙම වාර්තාව නිළ වශයෙන් එළි දැක්වීමට ප්‍රථම ආණ්ඩුවට හිතැති ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ කොටස් වශයෙන් එම වාර්තාවේ අඩංගු දෑ පළවිය.

මරුසුකි දරුස්මන්ගේ සභාපතිත්වයෙන් හා යෂ්මින් සුකාල, ස්ටීවන් ආර්. රැට්නර් යන දෙදෙනාගෙන්ද සමන්විතව එක්සත් ජාතීන්ගේ මෙම විශේෂ විද්වත් කමිටුව 2010 සැප්තැම්බර් මාසයේදී පත්කරනු ලැබිණි.

එසේම ලංකා ආණ්ඩුව විසින් එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින්, එයට විරෝධය දක්වා, එය ප්‍රසිද්ධ කිරීමෙන් ද වළකින ලෙස ශ්‍රි ලංකා ආණ්ඩුව වෙනුවෙන් ජී. එල්. පීරිස් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගෙන් පසුගිය දා ඉල්ලා සිටියේ ය.

එම වාර්තාව සම්පුර්ණයෙන් කියවීම සඳහා පිවිසෙන්න War Crimes Report